Author: LANKA24X7

නාවුල සහ බකමූණේ ස්ථාන දෙකක සිදු වූ රිය අනතුරු දෙකකින් සිවු දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෝටර් රථයක් යෝධ ඇළට පෙරළීමෙන් එහි රියදුරු හා කාන්තාවක මියගොස් ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූ තවත් කාන්තාවක දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත. මේ අතර නාඋල – බකමූණ මාර්ගයේ මොරගහකන්දේදී කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔවුන් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බවත් කෝන්ගහවෙල ප්‍රදේශයේ පැවති අවමඟුලකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

Read More

ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක් නැවත වගා කිරිම සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය. මායිම් ගැටඵ, නඩු හබ නොමැති පුරන් කුඹුරු මේ වනවිට හදුනාගෙන ඇති බව සදහන් කළ ආණ්ඩුකාරවරයා පුරන් කුඹුරු අස්වැද්දිම සදහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් විශාල මුදලක් වෙන්කොට ඇති බවද පැවසීය. මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙසේද කිවේය. ‘ පුරන් කුඹුරු අක්කර 17,000ක් හදුනාගෙන තියෙනවා.එම පුරන් කුඹුරු නැවත වගාකිරිමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වනවිට සකස්කොට තියෙනවා. පුරන් කුඹුරු වල දත්ත ලිපිගොණුවල පමණක් තිබිලා වැඩක් නැහැ.‘

Read More

තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 18 වැනි දින වර්ජනයකට එළැඹීමට තීරණය කර තිබේ. තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද මහතා පැවසුවේ තැපෑලේ පවතින දිගුකාලීන ගැටළු බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් සියලු තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කළ බවය. සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු ඇතුළු ගැටළු ගණනාවක් තැපෑලේ පවතින බවය. මෙම ගැටළු සම්බන්ධව තැපැල්පතිවරයා සමග ද සාකච්ඡා කළ බවත් එහිදී හෝ කිසිදු සාධනීය පියරක් සම්බන්ධව තීරණයක් ගැනීමට අපොහොසත් වූ බවත් ඒ අනුව අදාළ දිනයන් හීදි මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Read More

2025 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවාය. ඇය එහිදි පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා එම නගර සභාවට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පක්ෂය තුළ යෝජනා වී ඇති බවය.

Read More

මවගෙන් හා පියාගෙන් වෙන්ව සිය මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාර දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 12 ක සිර දඬුවම් නියම කර තිබේ. ඊට අමතරව විත්තිකරුට රුපියල් 25,000ක දඩයක්ද නියම කෙරිණි. අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර එක හමාරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් නියෝග කළේය. කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් සරීබ් නැමැති 59 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස…

Read More

පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ප්‍රවාහනය හා සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකා අරලංගවිල කඳවුරේ නිලධාරීන් හා පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්ව ඊයේ (09) රාත්‍රියේ වැටලීම සිදුකර තිබුණි. එහිදී පොළොන්නරුව පොලිස් වසමේ කර්මාන්තපුරය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ලොරි රථයකින් ප්‍රවාහනය කරන ලද සැකකරුවෙකු හා පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ව වැඩිදුර විමර්ශන සඳහා පොළොන්නරුව මහජන සෞඛ්‍යය කාර්යාලය වෙත භාර දී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 හා 51 යන වයස්වල පසු වන පන්නල හා සන්දිවේලි ප්‍රදේශවල පදිංචිකරුවන්ය. පොල්තෙල් ලීටර් 7,700ක් අඩංගු යකඩ බැරල් 35ක්, පොල්තෙල්…

Read More

පොදුජන පෙරමුණෙන යටතේ එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයට තමන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සියලුදෙනාගේම ඉල්ලීම අනුව තමා මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

Read More

නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරින්ට අල්ලස් දීමට උත්සාහ කළ අඹුසැමි යුවළක් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. රස්නායකපුර පොලිස් වසමේ සිදුවූ හරක් සොරකම් දෙකක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මොහු අත්අඩංගුවට ගිය අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමට මොහු පොලීසියට අල්ලස් දීමට උත්සාහ කර ඇති බවද.පොලීසිය පවසයි. ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පොලිස් නිලධාරින්ට දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් මෙලෙස අල්ලස් දීමට කතා කර ඇති බවද , පොලීසිය සඳහන් කරයි.

Read More

රාජ්‍ය බුද්ධි සේවාවේ කොස්තාපල්වරකු හශිස් මත්ද්‍රව්‍ය සමඟ හික්කඩුව නාරිගම හෝටලයක ඩි .ජේ සාදයකට සහභාගි වී සිටියදී අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ඒකකයට අනුයුක්ත නිලධාරියෙකි. සැකකරු සන්තකයේ තිබූ පොලිස් හැඳුනුම්පතේ ඡායාරූපයද විකෘති කර ඇතැයි පොලිසිය කියයි.

Read More

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පැවැසීය. ඔහු ඒ බව පැවැසූවේ මෝදර දී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නීත්‍යාණුකූල ලෙස එම වැටලීම සිදුකළේ නම් හිටපු පොලිස්පති දේශබන්දුට සැඟවී සිටීමට හේතුවක් නොමැති බවත් වත්මන් රජයට ඔහු ලොක්කකු නොවන බවත්ය. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශාල දේපොළ ප්‍රමාණයක් ඇති බවත් ඒවා කෙසේ උපයා ගත්තේද යන්න තමා නොදන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Read More