Author: LANKA24X7

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය. ඉකුත් වසරේ මෙම නඩුවේ තීන්දුව දුන් අවස්ථාවේදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝග කර තිබුණි. මෙම පෙත්සම අද කැඳවූ…

Read More

ශ්‍රී ලාංකිකයින් 6,160 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව එම අවස්ථාව හිමිව ඇත. එමෙන්ම 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකික තරුණයින් 1,082 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 41 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (10) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම පිරිස ඊයේ දිනම ඊශ්‍රායලය බලා පිටත්ව ගියහ. එසේම තවත් 177 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.…

Read More

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයෑම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අසල මෙම පීල්ල කැඩී ගොස් ඇත. ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසුකරන සියලු දුම්රියන්වල ප්‍රමාදයක් සිදුවිය හැකිය.

Read More

මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු බස් රථයෙන් ඇද වැටී මියගොස් තිබේ. ඊයේ (10) දහවල් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ රුවන්වැල්ල පොලිස් වසමේ හුඹස්වලාන ප්‍රදේශයේදීය. රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකින් එම පුද්ගලයා වැටී තිබුණි. එලෙස මියගොස් ඇත්තේ, හුඹස්වලාන, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී ඇති බවත්, ඒ සමඟම පාපුවරුවෙන් ඇද වැටී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෘත ශරීරය කරවනැල්ල රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එම දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා ධාවනය කිරීමට සැළසුම්කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව කොළඹ කොටුව – බදුල්ල දෙපසට විශේෂ දුම්රිය දෙකක් මෙම මස 12, 14, 16, 21, 23, 28 සහ 31 දින හතේ ධාවනය කරන බවත් එම දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 7.30 ට ද, බදුල්ලෙන් පස්වරු 5.30 ට ද, පිටත්වන බවත් එම දෙපාර්තමේන්තුව කීය. කොළඹ කොටුව – කන්කසන්තුරේ දක්වා දෙපසට විශේෂ දුම්රිය දෙකක් මේ මස 13 වැනිදා සිට 31 වැනිදා දක්වා දිනපතා ධාවනය කරන බවත් එම දුම්රිය කොළඹ කොටුවෙන් පෙරවරු…

Read More

ආකර්ෂණීය පොලී මුදලක් ලබාදෙන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් රු.ලක්ෂ 450කට ආසන්න මුදලක් වංචා ලෙස ලබාගත් කියන කාන්තාවක මෙම 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි හැටන් ම ෙහසේත්‍රාත් එම්.ෆරුක්ඩීන් මහතා ඊෙය් 10 නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බදුල්ල කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචිව දිලිනි ශාමේන් සොක්මන් (31) නමැති තිදරු මවකි. සැකකාර කාන්තාව හැටන් ප්‍රදේශයේ කාන්තාවකගෙන් මෙවැනි ආකාරයකට රු.ලක්ෂ පහක මුදලක් ලබාගෙන එම මුදලට පොලිය හෝ ලබාගත් මුදල නොගෙවීම සම්බන්ධයෙන් එම කාන්තාව හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකාර කාන්තාව හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මීට පෙර දැඩි…

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් , මැදදුම්බර ,පාතදුම්බර සහ උඩදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ඉඩම් රැසක් විවිධ දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් ,රාජ්‍ය නිලධාරින් සහ විවිධ ව්‍යාපාරිකයන් විසින් කූඨ ලෙස අල්ලා එම ඉඩම්වලට නීත්‍යානූකූල ලේඛණද සකසා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයෝ පවසති. ඇතැම් රාජ්‍ය නිලධාරින් තම නිල බලය යොදා ගනිමින් ග්‍රාම නිලධාරින් හා එක්ව මෙලෙස මැද දුම්බර ප්‍රදේශයේ රජය සතු වටිනා ඉඩම් අක්කර පහළොව, විසිපහ වශයෙන් අල්ලාගෙන ඇති බවත් ,ඇතැම් ව්‍යාපාරිකයන් අක්කර පනහකට අධික රජය සතු ඉඩම් ඉහළ පෙළේ දේශපාලන නායකයන් හරහා පැවති ආණ්ඩුවල සහායෙන් ලබාගෙන තිබෙන බව…

Read More

ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ අනුග්‍රහය යටතේ ජාවාරම්කරුවන් පිරිසක් හල්දුම්මුල්ල බෝගහ පැලැස්ස රක්ෂිතයේ කරගෙන ගොස් ඇති වගා ව්‍යාපෘතියක් තාවකාලිකව අත්හිට වූ බව විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇතැයි ද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බදුල දිස්ත්‍රික්මන්ත්‍රී දිනිඳු සමන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මන්ත්‍රී දිනිඳු සමන් මහතා. හල්දුම්මුල්ල මහ ලන්ද බෝගහ පැලැස්ස රක්ෂිතයට අයත් භූමියේ මේක වනජීවී රක්ෂිත භූමියක් අක්කර දාහකට අධික ප්‍රමාණයක් තියෙනවා. ජාවාරම්කාරයන් පිරිසක් අනවසරයෙන් වගා කරලා තියෙනවා. මේ ජාවාරම සඳහා හිටපු ඌව පළාත් ආණ්ඩුකාරවරයෙක්…

Read More

අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසීය. අරගල අවස්ථාවේදී දේපල හානි වූ හිටපු මැති ඇමතිවරුන් 76 දෙනෙකුට නිවාස ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණද නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණේ විසි හය දෙනකු පමණක් බවද ඔහු සඳහන් කළේය. මේ අනුව ගිවිසුම් අත්සන් කර නොතිබූ ඉතිරි පනස් දෙනාට නිවාස ලබාදීම මෙසේ අත්හිටවූ බවද ඔහු සඳහන් කළේය. එසේම කුණු කොල්ලෙට නිවාස ලබාගත් හිටපු නැති ඇමතිවරුන් 26 දෙනාගෙන් රජයට පාඩුව මුදල අය කර ගැනීමට හැකිදැයි කරුණු සොයා…

Read More

උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, නැගෙනහිර,බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More