Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වී මාස කිහිපයක් තුළ තමන්ගේ සිහිනය සැබෑ කර දුන්නා. වත්මන් ජනාධිපති කෙලින් වැඩ කරන අයකු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා අද තංගල්ලේ දී පැවසීය. ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා විසින් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය විහාරාධිපති වීරකැටියේ නාලක හිමියන්ට ප්‍රදානය කිරීමේ සඳහා පැවැති උත්සවයේදී මන්ත්‍රීවරයා එසේ පැවසුවේය. බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ…
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කට්ටිගල සහ පඳලංගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිපල ඉදිරිපිට (14) දින විරෝධය දක්වනු ලැබුහ. එම සත්ව ගොවිපලට පැමිණි ලොරි රථ දෙකක එවැනි සතුන් ගව බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගිය බවත්, ඉන් එක ලොරි රථයක් තමන් අල්ලාගත් බව ඔවුහු කියා සිටියහ. ගවයන් ප්‍රවාහනය කිරිමට 12 වන දින ලබාගත් බලපත්‍රයක දිනය සත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් වෙනස් කරමින් ලෙඩ වී මිය යාමට ආසන්න බව පැවසෙන ගවයන් සහ එළදෙනුන් ප්‍රවාහනය කිරිමට කටයුතු කර ඇති බව විරෝධතාකරුවෝ කීහ.
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ. එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ මුහුණ යොදා ගනිමින් එම ඡායාරූප නිර්මාණය කොට ඔවුන් අතර බෙදා ගනිමින් සිටියදී එම ගුරුවරියට සිද්ධිය අනාවරණය වීමෙන් පසු මහනුවර පොලිසියට පැමිණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ. එම පැමිණිල්ලට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ පාසලට ගොස් එම සිසුන් භාවිතා කළ බව කියන…
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි . තුවාලකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරු උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට තහවුරු නොවු පුවත් සඳහන් කරයි.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී ඊයේ අනාවරණය විය. මෙමගින් විශාල මුදල් නාස්තියක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතිකා ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ ඒ වෙලාවේ මිල සහතිකයේ සඳහන් කර තිබෙන්නේ නිෂ්පාදකයා දුන් මිල ගණන් බවයි. එය නිවැරදිද අනෙක් රටවල ඒ මිල ගණන් නිවැරදිද යන සංසන්දනයක් 2019 වසරේදි සිදුවී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය. මේ තොරතුරු අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය සාධනය පිළිබඳව කරුණු…
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහවත්ත ප්‍රදේශයේ සිතලදොල ආරාණ්‍ය සේනාසන පාරේ කටුපොල්වත්තක දමාගොස් තිබියදි හමුවි ඇතියි යක්කලමුල්ල පොලිසිය පවසයි. මේ වනවිය ඝාතකයන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භකොට ඇත. මොහු නිවසේ මිදුලේ සිටියදි ඊයේ (13) පස්වරුවේ දි වෙඩි තබා ඝාතනය කොට තිබුණි.
ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. එසේම විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහාද ඇමැති බංගලා ඉල්ලා ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය. දැනට ඇමැති බංගලා ඉල්ලීම් කර අැති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 20කට අසන්නය. මේ සම්බන්ධයෙන් අප අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ඇමැති බංගලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බවයි. මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 20 කනුව ප්‍රදේශයේ දී ඊයේ (14) අලුයම නාය යාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . වැස්සත් නොමැතිව මෙසේ ඊයේ (14) අලුයම විශාල පස්කන්දක් ගස් කොලන්, ගල්පර්වත සමග කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේය . මාර්ගයට කඩා වැටී ඇති පස්කඳු ගල්පර්වත ගස්කොළන් ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය .
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ ඊයේ (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක්ද සම්බන්ධ ගිනි අවියක් සැකකරු සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාල ගිනි අවිය හමුවී ඇති බවද පොලිසිය පවසයි. එම ගිනි අවිය පිළිබඳව ලද තොරතුරක් මත මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි.
