Author: LANKA24X7

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කළ බව කියන එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු අද(16) අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය කියයි. මොහු කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි , එම ප්‍රදේශයේ වැඩ පොළක් පවත්වා ගෙන යන්නෙකි . මොහු ඊයේ(15) දින රාත්‍රී 10.00 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . එසේ පැමිණෙන අතරවාරයේ , අධික ලෙස බීමත්ව , එම ගුවන් යානයෙහි සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කර තිබේ. මෙම…

Read More

දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 ප.ව 6.00 සිට 8.00 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. මාර්තු 20 වැනිදා, අයවැය කාරක සභා විවාදයෙන් අනතුරුව ප.ව 6.00 සිට 8.00 දක්වා දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ 20 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ නායයාම නිසා ඇතිවූ අවදානම් තත්ත්වය ඉතා අවම මට්ටමකට මේ වන විට පැමිණ ඇති බැවින් එක් මං තීරුවක් අද( 16 ) පැය විසි හතර පුරා විවෘත කර තැබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා පැවසීය. කෙසේ වෙතත් එම ස්ථානය පසුකර යන රථවාහන සහ පා ගමනින් යන එන්නන් ඉතා අවදානයෙන් විමසිලිමත්ව ගමන් කළ යුතු බවද ඒ මහතා පැවසීය. ඉකුත් 13 දින අලුයම මෙම ස්ථානයේ සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වූ අතර ඒ සම්බන්ධයෙන් කළ භූමි පරීක්ෂාවක දී භූමියේ දැඩි අස්ථාවර භාවයක් නිරීක්ෂණය වීම…

Read More

පාර්ලිමේන්තුව අප්‍රේල් 8, 9 සහ 10 යන දිනවල රැස්වීමට තීරණය වී තිබේ. අප්‍රේල් 8 වැනි අගහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ. අනතුරුව ‍ප.ව 5.30 දක්වා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. අප්‍රේල් 9 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන්…

Read More

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද (15) උත්සවශ්‍රීයෙන් කච්චතිව් දූපතේදී පැවැත්විය. මෙවර ඉන්දීය බැතිමතුන් 3500කට වැඩි පිරිසක් කච්චතිව් මංගල්‍යයට පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය. යාපනයට කිලෝමීටර 64 ක් පමණ දුරින් නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ පැවැත්වෙන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියයි. වර්ග කිලෝමිර් 1.15ක් පමණ කුඩා දූපතක් වන කච්චතිව් දූපත, ලාංකීය දූපත් සමූහයේ ලංකාවට දුරින්ම හා ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති දූපත ය. එහි අයිතිය මුල්කරගනිමින් අතීතයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන මතගැටුම් පවා නිර්මාණය වී තිබුණි. නමුත්, 1974 දී කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන්නේ දෙරටේම ධීවරයින්ට එය භාවිත කිරීම…

Read More

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇත. නීතිඥ විජේදාස ලියනාරච්චි මහතාගේ මරණය සම්බන්ධයෙන්ද බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී ඇත. එම කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරා මහතා පවසන්නේ 1988 අගෝස්තු 31 වැනිදා නායකයෙකු දුරකථනයෙන් අමතා නීතිඥ විජයදාස ලියන ආරච්චි කොළඹට ගෙනවිත් භාර දෙන්න ලෙස තමාට දැනුම් දුන් බවයි. ඒ අනුව ලියනාරච්චි මහතා කැළණිය ප්‍රදේශයේ කඩ කප්පල්කාරී ක්‍රියා මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක කුලරත්න මහතා භාරගෙන ඇති බව එහි දැක්වේ. ඉන් දින දෙකකට පසුව දරුණු තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර…

Read More

පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 21, 22 වයස්වල පසුවන සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Read More

එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.

Read More

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මීට සුලු මොහොතකට පෙර නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයට ළඟ වෙමින් තිබියදී නානුඔය දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංඥා කනුව අසල දී එන්ජිම පිලීපැනීමට ලක්ව ඇති බවත් දුම්රිය පාලන මැදිරිය සදහන් කලේය . මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇති හෙයින් එම දුම්රියන් අද (15) දින ප්‍රමාද වන බවත් , පිලීපැනීමට ලක්ව ඇති දුම්රිය පිලීගත කිරිමේ කටයුතු…

Read More

ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ෆියුරොසිමයිඩ් එන්නත් මිලි ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 2 කුප්පි 50,000ක් තිළිණ කළ බව මෙරට ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය. එම එන්නත් කුප්පි 50,000 ක ප්‍රමාණය මෙරට රෝහල්වල මතුව ඇති ෆියුරොසිමයිඩ් හිඟය අවම කර ගැනීමට උපාකාරී වනු ඇතැයි ඉන්දියානු මහා කොමාසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති උත්සවයකදී එම එන්නත් කුප්පි තොගය ඉන්දියානු මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාර දෙනු ලැබුවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය දේදුනු ඩයස් ඇතුළු…

Read More