Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් දෛනිකව විදෙස් ගමන්බලපත්‍ර 4000ක් නිකුත්කිරිමේ යෝජිත වැඩපිළිවෙළ තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. එම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව එම කොමිෂන් සභාවේ අනුමැතිය ලද විගස පැය 24 පුරා ක්‍රියාත්මක විදෙස් ගමන්බලපත්‍ර නිකුත්කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද ඊයේ (7) පවත්වා…
පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රීරෝද රථයේ රියැදුරු වන සෝමපුර, සිරිමංගලපුර, පදිංචි සිටි 70 වියති, එච්.එම්. කරුණාරත්න යන අය වන අතර තුවාල ලැබූ තවත් තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබන බව පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව රෝහල් පොලිසිය පවසයි. මෙම අනතුර අද (08) උදෑසන හයයි තිහට පමණ සිදුව ඇති බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවආරච්චි මහතා අත්අඩංගුවට ගැනීමට සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ලබන 14 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි යැවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (7දා) නියෝග කළාය. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී තමන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා ආනයනය කරන ලද දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ තොගයක් අවභාවිතය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවින් තමන් අපේක්‍ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නන්දසිරි මල්ලවආරච්චි මහතා ගොනුකර තිබූ ඉල්ලුම් පත්‍රයක්…
වී ඇළෙවි මණ්ඩලය වී මිලදීගැනීම ආරම්භ කර දින දෙකක් ගතවී තිබුණද ගොවින් එම මණ්ඩලයට වී අළෙවි කර නොමැති බව වී ඇළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා ඊයේ (7) පැවසීය. වී ගබඩා 40 කට අධික සංඛ්‍යාවක් වී මිලදීගැනීම සඳහා මේ වන විට සූදානම් කර ඇති බවත් අස්වැන්න නෙළීම ඉහළයත්ම රජයේ කොටස ගොවි ජනතාව ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පින්නලන්ද මහතා කීය. රජය ප්‍රමාණවත් වී ප්‍රමාණයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ද කී ඒ මහතා වී සහ සහල් පිළිබඳ සියලුම අංශවලින් කළ අධ්‍යයනයකින් පසුව වී මිල තීරණය කිරීම හේතුවෙන් සහල් සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල වෙනස් කිරීමේ අවශ්‍යතාවයක්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පස්වරුවේ සම්මත විය. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසිනි. යෝජනාව පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරු සිවු දෙනෙක් අදහස් දැක්වූහ. විවාදයේ පිළිතුරු කතාව කරනු ලැබුවේ අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය විසිනි. අමරසූරිය මහත්මිය මෙසේද පැවසුවාය මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත් ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට. එහෙත් විපක්ෂයේ සමහර අය මේ වැදගත් යෝජනාවේ හරය තේරුම් නොගෙන මෙතන වෙන දේවල් කතා කළා. ඒ ගැන මම කණගාටු වෙනවා.…
සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්‍රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බියක් ඇති නොකරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම හුණු තොගය ජල සම්පාදන මණ්ඩලයේ තොගවලට භාරගෙන නොමැති බවත් ඒ හේතුවෙන් එම හුණු පිළිබඳව කිසිඳු බියික් නොවිය යුතු බවත් එම මණ්ඩලය කියයි. සෞඛ්‍ය සම්පන්න ජාතිකයක් බිහිකිරීම සඳහා කැපවී සිටින ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය සෞඛ්‍යයට හානිවන කිසිඳු ද්‍රව්‍යයක් පිරිපහදුකරණයේදී භාවිත නොකරන බව කියන එම මණ්ඩලය එදිරියට ද එසේ ක්‍රියා කරන බවට සහතික වන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා ඊයේ (7) පස්වරුවේ පැවසීය. එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත රියදුරු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. මරදාන දුම්රිය ස්ථානයෙන් පසුගිය (6) පෙරවරුවේ ධාවනය ආරම්භ කළ අදාල රියදුරු අසනීප යැයි දැනුම්දී කොග්ගල දුම්රිය ස්ථානයේ දුම්රිය නවතා පළාගොස් ඇති අතර දුම්රියේ සිටි මගීන් 500 කට අධික සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර පසුව වෙනත් දුම්රියකින් ඔවුන් පිටත්කර හැර තිබේ.
වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. මලෛයග තමිළර් ප්‍රජාව සමඟ පසුගිය (06) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එම ආපදා අවධානම් පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වැසි කාලය සඳහා ආරක්ෂිත ස්ථාන වෙත කැඳවා අධ්‍යාපන කටයුතු කරන බවත්, වර්ෂාව අවසන් වූ පසු නැවත එම පාසල් වෙත යැවෙන බවත් අමාත්‍යවරයා කීය. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හරහා ආපදා අවදානම් සහිත සහ ආරක්ෂිත භූමිය හඳුනාගෙන, ඉතා කඩිනමින් මෙම පාසල් සුදුසු ස්ථානවල ස්ථානගත කිරීමටත්,…
මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි වාර්තාවේ. එම ප්‍රසිද්ධ සමාගම ඉදිරිපත් කර තිබූ අඩුපාඩු ගණනාවක් හේතුවෙන් මුල්වටයේ අනුකූලතා පරීක්ෂණයේදීම ප්‍රතික්ෂේප වී තාක්ෂණික ඇගයීමට පවා ලක් නොකළ සමාගමක් බවද පැවසේ. එම බලාගාර ව්‍යාපෘතිය සඳහා සමාගම් පහක් ටෙන්ඩර්පත් ඉදිරිපත් කර තිබූ අතර ඉන් සමාගම් දෙකක් මුල් වටයේදීම ප්‍රතික්ෂේප වී තිබිණ. එම ප්‍රතික්ෂේප වූ සමාගම් දෙකට මේ වන විට ටෙන්ටරය ලබාදීමට කටයුතු කරන සමාගම අයත් වීමද විශේෂත්වයකි.
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබා දීමට තම රජය සූදානම් බව අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර…
