Author: LANKA24X7

මල්වතු හිරිපිටිය විහාරස්ථානයක දි හිමිනමකට ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු පොලිස් නිල ලාංඡනය සහිත ශරීර සුවතා ඇඳුම් කට්ටලයක් සමග බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සමග අපරාදය සඳහා ගිනි අවිය සහ පුපුරන ද්‍රව්‍ය හා මෝටර් රථය සැප වූ පුද්ගලයා බවත් හොරයින් මත්කුඩු මිලි ග්‍රෑම් 10210 ක් ටී පනස් හයේ පතුරුම් ගැබ් තුනක් , ටී පනස් හයේ උන්ඩ හයක් වෑන් රථයක් හා ජංගම දුරකථන දෙකක් ඇතුළු දේපල සමග අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම හා අපරාධවලට ඍජුවම සම්බන්ධ බවට දැනට සිදුකරන ලද විමර්ශන විදියේ…

Read More

විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 487.6 ක් මෙරටට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය සියයට 11 වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 437.5 ක් ඒවා තිබිණ.

Read More

අපි රටකට යාම,රටක රාජ්‍ය නායකයන් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය . ඒ මහතා එසේ පැවසූවේ සිය ඉන්දීය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දීය . එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ පැවැසීය ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම අප නොවෙයි. අප රටේ ආර්ථිකය කඩා වැටීම , දේශපාලන අර්බුදය මෙන්ම ජනාධිපතිවරයා ජන්ද කල් දැමීම ලෝකය මෙන්ම ඉන්දීය රාජ්‍ය නායකයන් ද දන්නා කාරණයක් , කවර මැතිවරණ කල් දාන්න උත්සාහ කළත් එළඹෙන ඔක්තෝබර් මස ජනාධිපතිවරණය පැවැත්වීම සිදු කළ යුතුයි.…

Read More

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයකුට යතුරුපැදියකින් පැමිණි තිදෙනකු හලාවත කොළඹ මාර්ගයේ ගල්කන්ද ප්‍රදේශයේදී ඊයේ සවස හතයි දහයට පමණ වෙඩි තබා පලා ගොස් ඇති බව මීගමුව පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයෙන් තරුණයා එතනම මියගොස් ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි වෙඩි තැබූ පුද්ගලයන් දෙදෙනා බෝලවලාන දෙසට පලාගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

Read More

දූෂණ චෝදනාවලට වරදකරු වී, බරපතල වැඩ සහිතව, බන්ධනාගාරගත ව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, නඩු 12 කට අදාළව ඇප නියම වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එසේ වුවත්, චෝදනා කිහිපයකට වරදකරු වී සිටින බැවින්, ඔහුට තවදුරටත් බන්ධනාගාරගත ව සිටීමට සිදුවුනු ඇතැයි ද පැවැසෙයි. ඉම්රාන් ට අමතරව, ඉම්රාන්ගේ රජයේ සිටි හිටපු විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහොමද් කුරේෂිගේ ද චෝදනා 13 ක් සම්බන්ධයෙන් ඇප නියම වුණු බව පැවැසෙයි. පසුගිය 8 වැනිදා පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී. කිසිදු පක්ෂයකට බමුතරය නොමැති වුවත්, වැඩි ඡන්ද දිනා ගනිමින් ඉදිරියෙන් පසුවන්නේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සහ…

Read More

ගම්පොළ ජාත්‍යාන්තර පාසලක බාලාංශයේ දරුවන් පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දරුවකු ඊයේ දින මියගිය බව පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉක්රාම් හයියාන් නමැති දරුවෙකි. ජාත්‍යන්තර පාසල් පරිශයට යාබද ඉඩමක තිබූ රූස්ස ගසක් කඩා වැටීමෙන් සිද්ධිය වූ ස්ථානයේදී එක් කුඩා දරුවකු මියගිය අතර සිසුහු දෙදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ සිසුන් දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි එක් සිසුවකු දින පහකට පසු අද සවස මෙසේ මියගොස් ඇත.

Read More

අක්මිමණ තල්ගස්යාය ප්‍රදේශයේ ඉඩමක තිබි ටි 56 ජිව උණ්ඩ 25ක් අද දහවල් සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි. ගාල්ලේ පදිංචිව සිටින පුද්ගලයෙකු මෙම ඉඩම මිලට ගෙන ඊයේ දින සුද්ධ කරමින් සිටියදි සිමෙන්ති ග‍ඩොල් ගොඩක ටින් එකක උණ්ඩ තිබෙනු දැක පොලිසියට දන්වා ඇත. ඒ අනුව පොලිසිය පැමිණ පරික්ෂා කිරිමේදි ඒවා ටි 56 උණ්ඩ බවට හඳුනා ගෙන ඇති අතර පසුව පොලිස් ස්ථානය වෙත ගෙනගොස් ඇත. මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිත බව ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ ආක්‍රමණිකශීලි ක්‍රිකට් සන්නාමය පැතුම් නිස්සංක නැවත ලෝකයටම ප්‍රදර්ශනය කළ බවත් එහිදී සිය ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීම පිළිබඳව හදවතින්ම සතුටු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක සහ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පැවසීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ලකුණු 189 ක් රැස්කරමින් තමා සතුව තිබූ ඉහළම ලකුණු වාර්තාව පැතුම් බිඳ දැමූ ආකාරය ක්‍රීඩාංගනයේ සිටම නැරඹීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවත් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හොඳින් පන්දු යැවුවත් පැතුම් මෙම පන්දු යැවීමට එරෙහිව ඉතාමත් සැහැල්ලුවෙන් සහ අවදානමක් ගෙන පහර දුන් බවත් සනත් ජයසූරිය මහතා කීය. පැතුම් නිස්සංක ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී නොදැවී ලකුණු 210ක් රැස් කරමින්…

Read More

කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ කොයියවාඩිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් ග්‍රෑම් 11 කුත් මිලි ග්‍රෑම් 500 ක්, සැකකරුවකු සහ ත්‍රී රෝද රථයත් එහි රියදුරුත් නොරොච්චෝල පොලිසිය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත් අඩංගුවට පත් ප්‍රධාන සැකකරුගේ යට ඇදුම තුළ සගවා ගෙන තිබියදී මෙම අයිස් තොගය අත් අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු නාගවිල්ලුව පදිංචි 47 හැවිරිදි විවාහකයෙකි. මෙම සැකකරු විෂ මත් ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය ප්‍රකාර ජාවාරම් චෝදනාව යටතේ මීට පෙර පුත්තලම සහ මදුරන්කුලිය පොලිසි මගින් දෙවරක් අධිකරණයට ඉදිරිපත් කළ අයෙකි. සොරකම් කිරීම් මංකොල්ල කෑම් රැසක චෝදනා ලැබ සිටින මොහු,අපරාධක් සිදු කිරීමෙන් අනතුරව මන්නාරමට පලා…

Read More

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනකුට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් පහර දිමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරු කර යවා ඇති අතර පහර කැමට ලක් වු සිසුවිය තවදුරටත් පඔහින්න රෝහලේ ප්‍රතිකාර ලබති. සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ තෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් විසින් එම පහර දිම සිදුකර ඇති බවට වාර්තා වේ. දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පිඨයේ ආපන ශාලාවෙිි ආහාර ලබා ගනිමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි…

Read More