Author: LANKA24X7

රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ රාජාංගණය,යාය 06,අංගමුවේ පදිංචිව සිටි ජීනාගේ ඥාණපාල(64)නැමති තිදරැ පියෙකි. මෙම පුද්ගලයා පසුගිය 10 වැනිදා රාත්‍රි අටට පමණ සිය නිවසේ සිට මසුන් ඇල්ලිම සදහා තුඹුල්ලේගම වැවට ගියද ආපසු නොපැමිණිමේ හේතුවෙන් ඔහුගේ ඥාතින් විසින් ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කර තිබුණි. එම පැමිණිල්ල මත පොලිස් නිලධාරින් හා ගම්වාසින් විසින් තුඹුල්ලේ වැවේ සිදුකළ සෝදිසියේදි මියගිය පුද්ගලයාගේ මළ සිරැර ඊයේ (11) දින පස්වරැවේදි සොයා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගණය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.ඩබ්.එස්.ගජසිංහ…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (11)සිදු විය. ශ්‍රී ලංකා දේශපාලනයේ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කළේය. දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිම හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී නායකයන් අවධානය යොමු කළ අතර, ඒ සඳහා නව උපායමාර්ගික සැලැස්මක වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ පාකිස්ථාන අගමැතිවරයා දැනුම්වත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් රජය දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් යුතු ආර්ථික කළමනාකරණයක් සිදු කරමින් සිටින බව කියා සිටියේය. ඒ හරහා ශ්‍රී…

Read More

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජයේ දී අද(11)වන දා සිදුවිය. විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, වරාය, සංචාරක යන ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජකයන් යොමු කරන ලෙස ආරාධනා කළේය. කාලගුණික විපර්යාසවලට මුහුණදීම, යහපාලනය, කෘෂිකර්මාන්ත ආදී ක්ෂේත්‍රවලට අදාළව විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව පෙන්වා දුන් ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය ඇගයීමට ලක් කළේය. විශේෂයෙන්ම වත්මන්…

Read More

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබා දුන් ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. . ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 කු ට හා පොලිස් පරීක්ෂකවරුන් 34 කු ඒ අතර වේ. විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම සාමාන්‍ය රාජකාරී සඳහා යොඳවා ඇත.

Read More

අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බව එගොඩඋයන පොලිසිය පවසයි. පහරදීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඒ සඳහා යොදාගත් පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබේ. පහර කෑමෙන් තුවාල ලැබූ සිව් දෙනාම පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එගොඩඋයන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Read More

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (11) නියෝග කළේය. ආගමික හා විගාමික පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන චූදිතයන්ට සිරදඬුවම් පැමිණ විය යුතු වුවත්, චූදිතයින් විසින් සිය වරද මුල් අවස්ථාවේදීම අධිකරණය හමුවේදී පිළිගැනීම සහ වීසා සකස් කර ගැනීම යන කරුණු සලකා බැලීමෙන් පසුව මෙම පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය . චුදිතයන්ගේ නම් අසාදු ලේඛනයට ඇතුළත් කරන ලෙසට ආගමන හා විගමන නිලධාරීවරයාට නියෝගයක් ද නිකුත් කළේය. එක් එක් සැකකරුවන්ට රුපියල් පනස් දහස බැගින් ලක්ෂ 650 දඩයක්,එම…

Read More

වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ. ඝාතනයට ලක්වූ එක්දරු පියාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා ඔවුන් එසේ කෑ කො ගසමින් විරෝධතාව පල කළහ. අහිංසක දරු පවුල අනාතයි. මිනි පෙට්ටියවත් ගන්න සල්ලි නෑ කියමින් ඔවුහූ පොලිසියට විරෝධතාව පලකර සිටී. වාද්දුව පොලිසියේ ප්‍රධාන දොරටුව මාර්ග බාධක බැරියර් යොදා මුළුමනින්ම අවහිර කර 20 කට ආසන්න නිළධාරීන් පිරිසක් ප්‍රධාන මාර්ගය අවහිර ආරක්ෂාව තර කර සිටියහ. බණ්ඩාරගම , පින්වත්ත,මොරොන්තුඩුව හිරණ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින්ද පොලිස් නිළධාරි විශාල පිරිසක් කැදවා ඇති අයුරු දැකගත හැකිවිය. රිය අනතුරක්…

Read More

නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ. ඒවා අතර සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, සහ බුදුරදුන් ආයු සංස්කාරය කිරීමද වේ. බුදුරදහු රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන විට උපතිස්ස සහ කෝලිත යන යහළුවන් දෙදෙනා දෙසිය පනහක් පිරිස සමඟ එහි පැමිණ සැරියුත් මුගලන් නමින් පැවිද්ද ලබා ගැනීම වැදගත් සිදුවීමකි . බුදුරජාණන් වහන්සේ එහිදී ඒ වන විටවැඩ විසූ 1250ක් පමණ වූ භික්‍ෂූන්වහන්සෙලා එක් තැනකට රැස්කොට ඒ සියලු දෙනා වහන්සේලා අතුරෙන් සැරියුත් මුගලන් දෙනමට සියසසුනෙහි අග්‍රශ්‍රාවක තනතුර පිරිනැමුහ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් ඇතුළු කලින් පැවිද්ද ලබා රහත්…

Read More

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීණි. දෙරට අතර ආරක්ෂක හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ පොලිස්පතිවරයා සමඟත් කළ ඵලදායි සාකච්ඡා පිළිබඳව උප අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය. මිනිස් ජාවාරම මැඩලීමේ වැඩපිළිවෙල පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ අතර මියන්මාරයේ මිනිස් ජාවාරමට හසුව සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා තායිලන්ත රජය දක්වන සහය පිළිබඳව ප්‍රශංසාව පළ කළ අග්‍රාමාත්‍ය අමරසූරිය, දැනට විපතට පත්ව සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 18 දෙනා නිදහස් කර ගැනීම සඳහා තවදුරටත් සහාය අපේක්ෂා කරන බවද පැවසුවාය.

Read More

මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගාල්ල,මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

Read More