Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගිනිඅවි හා ජීව පතරොම් සමඟ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (17) දහවල් කාලයේ කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව නිවසක් පරීක්ෂා කර තිබුණි. එහිදී 9mm වර්ගයේ ජීව පතරොම් 47ක් සහ බෝර 12 වර්ගයේ ජීව පතරොම් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ නිවස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී, විදෙස් රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවි 02ක් හා හිස් පතරොම් ගැබ් 02ක්, විදෙස් රටක නිෂ්පාදිත…
වාහන කොල්ලකෑමකට අවශ්‍යකරන සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 10 වනදා පල්ලම ප්‍රදේශයේ කාර් රථයක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. එම සැකකරුවන් කොල්ලකන ලද කාර් රථය ද සමඟ පසුගිය 15 වනදා දඹදෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් පවසයි. එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත, කාර් රථ රියදුරුගේ ජංගම දුරකථනය සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු ද උස්වැටකෙයියාව ප්‍රදේශයේදී එදිනම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 24 වයස්වල පසු වන දඹදෙනිය හා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්…
කතරගම පොදු බස් නැවතුම්පොළ අසළ ඇති වැසිකිළිය ආසන්නයේ දී තරුණයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ. මෙම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ බස් නැවතුම්පොළ අසළ ඇති ජල ටැංකියක ආධාරයක් මත එල්ලී මෙම සියදිවි හානිකරගැනීම සිදුකරගෙන ඇත. මියගිය පුද්ගලයා කතරගම ප්‍රදේශයෙන් පිටස්තර අයෙකු බව ප්‍රදේශවාසීන් පවසයි. ඔහු දින කිහිපයක්ම කතරගම නගරයේ සැරිසරා ඇති බව වාර්තා වේ. මරණය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
මිනුවන්ගොඩදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (14) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 07 වනදා මිනුවන්ගොඩ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියකින් වෙඩිතබා වයස අවුරුදු 35ක් වන ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුව මෙලෙස ඝාතනය කර තිබුණි. එම අපරාධය සම්බන්ධව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරයි. ඒ අනුව ඊයේ දින අත්තනගල්ල පොලිස් වසමේ ඌරපොල ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු හා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඉදිරිපත් වීමෙන් පසු තවත් සැකකරුවෙකු මෙම අපරාධයට ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 හා 33 වයස්වල පසුවන යාගොඩමුල්ල හා ගලපිටමඩ…
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ. ක්‍රීඩා හා තරුණ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නව ජාතික ක්‍රීඩා සභාව අද (14) පත්කළේය. ප්‍රියන්ත ඒකනායක මහතා රග්බි සහ පැසිපන්දු ක්‍රීඩකයෙක් වන අතර ඔහු නවසීලන්ත සහ වේල්ස් රග්බි සමාජ ද නියෝජනය කළ දක්‍ෂ රග්බි ක්‍රීඩකයෙකි. ඒ මහතා ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගම්වල සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයන් ලෙස සමන්තා නානායක්කාර – කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්ය සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥ, රුක්මන් වෑකඩපොළ – ජාත්‍යන්තර බොක්සිං සංගමයේ උපදේශක…
කුඩා, මධ්‍යම සහ මහා පරිමාන සියලුම වී මෝල් ලියාපදිංචි කිරීමට රජය පියවර ගෙන ඇතැයි වි අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය. ඒ සඳහා අවශ්‍ය අයදුම් පත් සියලුම ප්‍රදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය. වී තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබා ගැනිම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. වී අලෙවි මණ්ඩල පනත අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඒ අනුව වී තොග රැස්කරන පිරිස සම්බන්ධවෙයන් විධිමත් දත්ත පද්ධතියක් ඉදිරියේදී එළි දක්වන බවත් ඔහු කීය. ලියාපදිංචි නොවූ ම වී මෝල් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය.
පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ රැස්විය
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සවස 6.55 ට මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත දුම්රිය ස්ථානවල නතර කර කොටුව දුම්රිය ස්ථානයට ළඟාවී රාත්‍රී 8.00 කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතය.
සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ. ඒ අනුව ගාල්ල, කුරුණෑගල, මාතලේ, කළුතර, පුත්තලම, ගම්පහ,සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත. මාතලේ රෝහිණී කුමාරි, පුත්තලම හෙක්ටර් අප්පුහාමි, අනුරාධපුර රෝහණ බණ්ඩාර, ගාල්ල ගයන්ත කරුණාතිලක, ගම්පහ හර්ෂණ රාජකරුණා, කුරුණෑගල නලීන් බණ්ඩාර, කළුතර අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්එම පත්වීම් ලිපි බාරදී ඇත. මෙම අවස්ථාවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 2025 ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව පෙබරවාරි 25 වැනිදා ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට…
