Author: LANKA24X7

විදේශයන් හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. මත්ද්‍රව්‍ය ව්‍යාපාර මුලික කරගෙන පාතාල ක්‍රියාකාරකම් මතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය. මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝව සාකච්ඡා කෙරිණ. එම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් මන්ත්‍රීවරුන්ට අැති තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අවසන් වාර්තා සකස් කරමින් පසුවන බවත් කාරක සභා සභාපති මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී පැවසීය තක්සේරු…

Read More

කාර්යක්ෂම නඩු පැවරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණු බව කී අමාත්‍යවරයා ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සහභාගී වූ බව සඳහන් කළේය. මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට හා අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා නිල වශයෙන් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්තුමියටත් නීති අංශයටත් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා කීය.

Read More

කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සලක පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන සැකකරුවකු පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ අවසර ලබා දුන්නාය. කොටහේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති සැකකරු මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කෙරිණි. කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බවය. වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති…

Read More

මාලඹේ හෝකන්දර විෂ්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේදී කේරළ ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට පත් වූයේ යැයි කියන සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (24) අවසර ලබා දුන්නාය. මාලඹේ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ගම්පහ දෙල්ගොඩ පදිංචි හර්ෂ කසුන් නැමති සැකකරුවෙකු මෙසේ පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය. මාලබේ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පොලිස් අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී රථයට වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගත් බවය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන නුවන් ජයවර්ධන හා දසුන් පෙරේරා මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන්…

Read More

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට නීතිඥ වෙස්ගෙන ගිනි අවිය රැගෙන ආ අතුරුදන් කාන්තාවගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරා සෙව්ව්න්දි නැමැත්තියගේ මව සහ සහෝදරයායි. වයස අවුරුදු 23 සහ 48 පසු වන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය. බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

Read More

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. පසුගිය ජනවාරි මස 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම හෙට (25) දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වනදා සිට මාර්තු 21 වන දින දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු…

Read More

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගය තිබී ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම ජීව පතරොම් තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගෙන ඇත. ඊයේ (22) දහවල් කාලයේ බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කර තිබුණි. ඒ බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතය. එහිදී මෙම සැකකරුවෙකු නොමැති ජීව පතරොම් 123ක් සොයාගෙන තිබුණි. මෙම පතරොම් අතර පිස්තෝල පතරොම් 113ක්, ටී56 පතරොම් 09ක් හා ටී 56 එල්එම්ජී පතරොමක් තිබී ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු…

Read More

අද (22) අලුයම බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලීසිය සඳහන් කළේ අද අලුයම් කාලයේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්වී ඇති බවය. මෙම බස් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණි පිරිසක් මෙම විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇත. ඔවුන් පැමිණි බස් රථයේ මෙලෙස ගින්නක් හටගෙන ඇත. එම බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසුවී මියගොස් ඇති බවට අනාවරණය වූ බවද පොලීසිය පවසයි. මරණකරු වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය…

Read More

මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයාට සතියක කාලයක් ලබාදෙන බවය. අදාළ සාකච්ඡාවක් ලබාදීමට පියවර නොගතහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය. මෙවර අයවැයෙන් ගුරු – විදුහල්පතිවරුන් අපේක්ෂා කළ වැටුප් වැඩිවීම ද නොලැබුණු බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළේය.

Read More

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවය. ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි. නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

Read More