Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26)පැවසීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරෑරුම් අයුරින් සලකා බැලිය යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති තරුණ නීතිවේදී හමුවකදීය. එම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හැසිරෙන දෙබිඩි පිළිවෙත පිළිබඳව රජය…
සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය වූ තරුණයන් කීපදෙනෙකු විසින් එක් තරුණයකුට පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම තරුණයාට පහරදුන් බව කියන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන තිදෙනෙකි. කෑගල්ල ප්‍රදේශයේ දී එම තරුණයාට පහරදුන් බව අනාවරණය කරගැනීමෙන් පසුව කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විමර්ශන ආරම්භ කර තිබුණි. එම වීඩියෝ සමාජ මාධ්‍යයේ පළවීමෙන් අනතුරුව ඉතාම කෙටි කාලයක් ඇතුළත දී සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
නැගෙනහිර පළාතේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (27) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නැගෙනහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා නැගෙනහිර පැළාතේ ප්‍රධාන ලේකම්වරයා සමග පසුගිය ජනවාරි මස 10 වන දින පැවැති සාකච්ඡාවේ දී එලැඹි එකඟතා කඩවීම මෙම විරෝධයට හේතුවී ඇති බව එම සංගමය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සහ එහි ලේකම් සී.එස්. මුතුකුඩ යන මහත්වරුන් නිවේදනයට අත්සන් තබා ඇත.
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (27) පිටත්ව යයි. ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී හෙට (28) මෙම දෙසුම පැවැත්වෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්,ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දෙසුම් පවත්වති. රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි. හිටපු ජනාධිපතිවරයා මාර්තු 2 දා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ ගෑන්ඩ් පාස් කම්බි කොටුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු විසින් අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇති අතර ඉන් පසු පිරිමි පුද්ගලයා විසින් මරණකරු අත තිබූ තියුණු ආයුධය උදුරා ගෙන මරණකරුට එම තියුණු ආයුධයෙන්ම පහර දී ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත.ෙසැකකරු හා ඔහුගේ බිරිඳ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ගම්පහ යාගොඩ මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 22ක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය. කිසියම් අපරාධයක් සිදුකිරීමම සඳහා මෙම ගිනි අවිය සහ උන්ඩ සඟවා තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. එම කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවය. වියළි කාලගුණයත් සමග ජල මුලාශයන් වල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසින බව සඳහන් වේ. මේ දිනවල ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර ජල සැපයුම සීමා සහිත බැවින් වාහන සේදීම, ගෙවතු වගා වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවමකොට අරපිරිස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජල සැපයුමට බාධා එල්ල වී ඇති ප්‍ර දේශ වල ඇතැම් පාරිභෝගිකයින් සඳහා බවුසර්…
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති සටහන් දෙකක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඉකුත් 21 වනදා “පෝද්දල ජයන්ත” සහ “සනත් බාලසූරිය” යන නම්වලින් මුහුණු පොත ඔස්සේ මෙම පළ කිරීම සිදුකර තිබෙන බව සඳහන් විය. මේ තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මීට අදාළව සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් මහාධිකරණ රෙස්ට්‍රාර්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. එහිදී අදාළ ෆේස්බුක් සටහන් සමඟ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු මංජුල…
රුපියල් 70,000 ක් වටිනා පයිප්ප ආවරණයක් සොරකම් කිරීම සහ වගා භූමියකට ඇතුළු වී රුපියල් 75,000ක් වටිනා යකඩ කම්බි තොගයක් සොරකම් කිරීම යන අපරාධ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර සමන්පුර ප්‍රදේශයේ පදිංචි හිටපු කොස්තාපල්වරයෙකි. පෞද්ගලික ඉංජිනේරු සමාගමකට අයත් අනුරාධපුර පොලිස් වසමේ පාලු ස්ථානයක දමා තිබූ ජල නල ආවරණයක් සහ විවෘත වගා භූමියක ගබඩා කර තිබූ යකඩ කම්බි තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා 2019 වර්ෂයේ දී සිදු කරන ලද අපරාධ සිද්ධියක්…
