Author: LANKA24X7

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

Read More

බද්දෙගම ,මිරිස්වත්ත,මද්දෙවිල ප්‍රදේශයේ ඊයේ (27) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුමුවට පත්වී ඇතැයි බද්දෙගම පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ බද්දෙගම මද්දිවිල පදිංචි අයියමලෝ දෙදෙනෙකු වන උපුල් කුමාර (32) සහ අජිත් කුමාර (28)යන නමැත්තන්ය. පවුල් ආරවුලක් මේ ඝාතනයට හේතුව වන්නට ඇති බවද පොලීසිය කියයි. මේ අයියා,මලෝ දෙදෙනා ඝාතනය කොට ඇත්තේ තියුණු ආයුධවලින් කපා කොටා බවද පොලීසිය කියයි.

Read More

ඌරන් දඩයම් කිරීමට තැබූ වෙඩිල්ලකින් දැරියක මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හෙට්ටිපොළ මඟුලාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හෙට්ටිපොළ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මගුලාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සන්තකයේ තිබී බෝර 12 ගිනි අවිය සහ හිස් කොපු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

Read More

පරිපාලන නිලධාරීන්ට විධායක ශ්‍රේණිය ලබාදීම සඳහා විටින් විට සකස් කළ සහ කැබිනට් මණ්ඩලය අනුමත කළ පත්‍රිකා 5 ක් එක්තරා ප්‍රබල වෘත්තීය සමිතියක බලපෑමෙන් ක්‍රියාත්මක කිරීම නතර වී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩු කිහිපයක් යටතේ සකස් කර තිබූ එම කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඇතත් ක්‍රියාත්මක නොකිරීමට එම වෘත්ති සමිතියේ නායකයන් කටයුතු කරන කර තිබෙන බවද පැවසේ පරිපාලන තනතුරු වන ප්‍රාදේශීය සභා ලේකම්, රෝහල් ලේකම් අධ්‍යාපන විද්‍යා පීඨ ලේකම්, කාර්මික විද්‍යා ලේඛකාධිකාරී අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල පරිපාලන නිලධාරීන් මේ නිසා වසර 20 කට අධික කාලයක් තිස්සේ දැඩි අසාධාරණයට පත්ව සිටින බවද පැවසේ මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී සමස්ත ලංකා…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010- 2014 දක්වා වසර හතරක කාලයේදී රුපියල් කෝටි තුන්සිය පනස් හතකට වැඩි මුදලක් වැය කර ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (27) පැවසුවාය. රාජ්‍ය නායකයෙකු විදේශ සංචාර සඳහා වැය කළ වැඩිම මුදල එය බව පැවසූ අගමැතිවරිය ඔහු විදේශ සංචාර සදහා 2013 වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 114 කට වැඩි මුදලක් වැය කර ඇති බවද ප්‍රකාශ කළාය. අමරසූරිය මෙනවිය මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව සහ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015-2019 අතර කාලයේදී විදේශ සංචාර වෙනුවෙන් රුපියල් තිස් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇති…

Read More

කෘතිම පාදයේ සඟවා හොරයින් මත්කුඩු සඟවා ජාවාරමේ යෙදුණු පුද්ගලයකු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. එම සැකකරු කෘතිම පාදයේ සඟවා තිබූ හොරයින් මත්කුඩුද පොලිස් භාරයට ගෙන ඇත. දකුණු පාදයට කෘතිම පාදයක් සවිකල හෝමාගම මුණසිංහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.දින කීපයක් එම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමට අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් අවේක්ෂණ රාජකාරී යොදවා සිදු කළ සොයා බැලීමේදී ඔහු කෘතිම පාදයේ සඟවාගෙන මත්කුඩු ජාවාරම සිදු කරන බවට තහවුරු කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි ඒ අනුව ජාවාරම්කරු මත්ද්‍රව්‍ය රැගෙන නිවස…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව “ස්කයිප්” තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී බන්ධනාගාර භාරයේ පසුවන හරක් කටා අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබුණි. රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආරක්ෂක හේතුන් මත එම විත්තිකරු අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දුන්නේය. එමෙන්ම අදාළ නඩුව “ස්කයිප්” තාක්ෂණ විභාග කිරීමට අවසර දෙන…

Read More

මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබේ. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බව ශ්‍රී ලංකා මහ බංකුව අදාළ…

Read More

ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බව, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි. “දේශීය අදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලදී සේවා අපනයනය සම්බන්ධයෙන් 15%ක බදු පැනවීමට අදාළව සමාජයේ යම් කතිකාවතක් පැනනැගිලා තියනවා. වැඩිපුර හා අලුතෙන් බද්දක් ගහලා කියන අදහස. ඇත්තටම අපි අදායම් බදු නීතිය යටතේ ආදායම් බදු ගෙවීමට සෑම තැනැත්තෙක්ම යටත් වෙනවා. නමුත් අපි තනි පුද්ගලයෙක් ගත්තොත් ඔබ ලංකාව ඇතුළත දී උපයන ආදායමක් තියනවනම් ඒ ආදායම ලංකාව ඇතුළෙන්ම…

Read More

පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ 19 හැවිරිදි තරුණියක් හදිසියෙම නිවස තුළදී සිහිසුන් නොමැතිව සිටියදී මව්පියන් විසින් ඊයේ ( 26) රෝහලට රැගෙන යද්දී තරුණිය මරණයට පත්ව සිටි බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම කල්අඩිය පදිංචි ඩි.එච්.චමුදි විදර්ශන නැමති තරුණියකි. මව පියා හා එක් සොහොයුරීයක් පමණක් සිටින පවුලක වැඩිමහල් දියණීයක් බව කියයි. ඇය අපොස උසස් පෙළ පුත්තලම ආනන්ද ජාතික පාසලින් හදාරා ඇති බව කියයි. මරණයට පත් තරුණීය අපොස උසස් පෙළ හැදැරිමේන් පසු කුරුණෑගල උසස් අධ්‍යාපනය ඩිප්ලෝමාවක් හදාරමින් සිටි තරුණියක් බව කියයි. සතියෙ දින පහම කුරුණෑගල නගරයෙ පැවති උසස් අධ්‍යාපන පාඨමාලාවට සම්බන්ධ වන බවත් පසුගිය (25) දින සවස නිවසට පැමිනිමේන් පසු…

Read More