Author: LANKA24X7

පිටිගල කලුආරච්චිගොඩ ප්‍රදේශයේ දී ඊයේ (24) පස්වරුවේදී පුතා එල්ල කළ පොරෝ පහරින් පියා මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ පිටිගල කලුආරච්චිගොඩ පදිංචි පියදාස ජයසිංහ නමැති හැත්තෑතුන් හැවිරිදි දෙදරු පියකු බව ද පොලීසිය කියයි. මේ පුද්ගලයා ඝාතනය කොට ඇත්තේ ඝාතනයවූ තැනැත්තාගේ පුතා බවත් ඔහු පොරවකින් හිසට ගසා සිය පියා ඝාතනය කොට ඇති බවත් පොලීසිය කියයි. මේ ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයවූ තැනැත්තාගේ පුතා සැකපිට ප්‍රශ්න කිරීම සදහා ඊයේ (24) අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

Read More

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (24) සිදු විය. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාල යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි. ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා…

Read More

ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ ‘ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත.‍ යානය සාර්ථකව සඳට පතිත කළත්, එය මේ වනවිට පැත්තට පෙරළී තිබේ. එසේ වුවත් යානය ඉතා හොඳින් ක්‍රියාකාරී යැයි යානය අයත් ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර ඉන්ටුයිටියු මැෂීන්ස් නමැති පෞද්ගලික සමාගමේ හිමිකරු ස්ටීව් ඇල්ටෙමස් පවසා තිබේ. ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී සඳට චන්ද්‍ර ගවේෂණය යානයක් පතිත කළේ වසර 52 කට පෙර වුවත්, පෞද්ගලික සමාගමක් සඳට යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි. ස්ටීව් ඇල්ටෙමස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ පැත්තට පෙරළුණු ‘ඔඩිසියස්’ චන්ද්‍ර යානයෙන් ඡායාරූප ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවය.

Read More

මහබාගේ දි ඉකුත් දා වෙඩි තබා මස් කඩ හිමියකු මරාදැමීම සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන වැල්ලේ සාරංගෙ මස්සිනා සංවිධානාත්මක අපාරාධකරුවකු බව කියන නිපුනගේ පර්ශයෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පරික්ෂණ සිදු කරන පොලිසිය කියයි. යුද හමුදාවෙන් පැනගිය සෙබළකු වන ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෙඩි තැබිම සදහා යුද හමුදාවේ හිටපු සෙබලුන් දෙදෙනකු සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින සෙබළකු සම්බන්ධ බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂණ පැවැත් වූ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙඩික්කරුවකු බව කියන දැනට සක්‍රීය සේවයේ…

Read More

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 කින් වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධානීන් ළගදීම කැඳවා ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයක් තීරණය කර ඇත. මේ අතර මේ ආකාරයට වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත. සාමාන්‍ය සේවකයන්ට රුපියල් සීයක් වැඩි කර ගන්න ගියාම දැවැන්ත ලෙස විරුද්ධ වන ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ ආකාරයට තමන්ට බෙදා ගැනීම අසාධාරණ හෙයින් ඒ ගැන වහා සොයා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්…

Read More

බදුල්ල සිට අම්පාරට පැමිණී තරුණයකු පෙම්වතිය සමග නතරවීමට තොරාගත් ස්ථානයට ගෙවීමට මුදල් නොමැති නිසා කඩයක් බිද රුපියල් 10,000 කට ආසන්න මුදල් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි. තරුණිය අම්පාර බස්නැවතුම් පොළේ නතර කර තරුණයා නගරයේ ප්‍රසිද්ධ තොග වෙළඳ ආයතනයට අනවසරයෙන් ඇතුල්වී මුදල් සොරාගෙන ඇතිබව අනාවරණයවී ඇත. අම්පාර පොලිස් රථවාහන රජකාරියේ යෙදී සිටි නිලධාරීයකුට ඇතිවු සැකයක්මත ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත . බස් නැවතුමේ සිටි තරුණිය මව්පියන් කැදවා බාරදීමට කටයුතු කළ පොලිසිය, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.

Read More

ඊයේ (23) රාත්‍රී කාලයේ ආරච්චිකට්ටුව පොලිස් වසමේ කිරිවල්කැලේ නිවසක් තුළ සිටි කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය වාර්තා කරයි. මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 65ක කිරිවල්කැලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. මරණකාරිය සිය ස්වාමි පුරුෂයා සමඟ පොල් අතුවලින් තැනූ කුඩා නිවසක ජීවත් ව සිට ඇති අතර, නිවස ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මරණකාරියගේ ස්වාමි පුරුෂයා මේ වන විට ආරච්චිකට්ටුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් පොලීසිය කළ ප්‍රශ්නකිරීම්වල දී සඳහන් කර ඇත්තේ, පොල්අතු පැල ගිනි ගන්නා විට තමන් ඉක්මනින් එළියට පැන දිවි බේරා ගත් බව යි. ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ගලෙන්බිඳුණුවැව – ගැටලාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු ප්‍රතිකාර සඳහා ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව පසුපැදිකරු මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ, 19 හැවිරිදි රාජාංගනය දකුණු ඉවුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21 වැනිදා) පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බවත් එම දඩුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලවශයෙන් අද (23) පස්වරුවේ දැනුම් දුන් බවත් එම නිලධාරියා කීය. ඒ අනුව වනිඳුට බංග්ලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක අහිමිවේ. එම තරගයේ නිපන්දුවක් පිළිබඳව ලින්ඩන් හැනිබල් මහතා සමඟ…

Read More

දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ විදුලි බලාගාරය ආසන්නයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් 23 දින පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල හල්විටිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක් වූ සමිඳු නෙත්මිණ නැමැති පාසල් සිසුවෙකි තම පුංචි අම්මා, මිත්තණිය, කුඩා මලනුවන් සමඟින් අනුරාධපුරයේ වන්දනාවේ යන අතරතුර සීගිරි ගලේ ගොස් මෙම පිරිස ඉබ්බං කටුව ජලාශයේ ඉතා අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම ස්ථානයේ විදුලි බලාගාරයට ජලය සැපයෙන ප්‍රධාන හැරවූම පිහිටා ඇති අතර එම ස්ථානයෙන් දිය නෑම සඳහා මිත්තණිය, පුංචි අම්මා, මලනුවන් සමග වැවට බැසීමත් සමඟින් මෙම පාසල් සිසුවා දිය වැලට හසු වී ගසාගෙන…

Read More