Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්රධානීන්ගෙන් පසුගිය කාලයේදී සිදුවී ඇතැයි පැවැසෙන විවිධ හිංසන ක්රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය පත් කරනු ලැබ සිටින්නීය. ඇය මෙරට ප්රධාන පෙළේ ආන්දෝලනාත්මක නඩු විභාග ගණනාවක් මෙහෙයවූ ජ්යෙෂ්ඨ පළපුරුදු විනිසුරුවරියකි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව ගෙන ඇති තීරණයක් අනුව මෙම පත් කිරීම කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසිනි. හිටපු මහාධිකරණ විනිසුරුවරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 11 වැනිදා විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන විද්යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු – මැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇත. උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාතවල පස්වරු 1.00 පමණ පසු තැනින තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිසත්රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය සිකුරාදා (01) කටයුතු කර ඇත. වැඩ තහනම් කිරීමේ ලිපිය අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්රසන්න අල්විස් මහතාගේ අසනින් යුතුව දිසා විනිසුරුවරයාට යොමු කර ඇති බව පැවසේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තිලිණ ගමගේ මහතා සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විනය පරීක්ෂණයක් හේතුවෙන් මෙම වැඩ තහනම සිදු කර ඇත. පසුගිය ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේ මහතාට එරෙහිව චෝදනා පත්රයක් ඉදිරිපත් කර එම චෝදනා පත්රයට අනුව දින 21ක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙසට දැනුම් දී ඇත. තිලිණ ගමගේ මහතා විසින් “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මහාධිකරණය…
2025 ශ්රේණි වෛද්යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මාස 09කින් ප්රමාද වී ඇතැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඉදිරි දින කිහිපය තුළදී ස්ථාන මාරු ගැටලු සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යවරයා ලබාදෙන විසඳුම් මත හදිසි මධ්යම කාරක සභා රැස්වීමක් කැඳවා ඉදිරි ක්රියාමාර්ග ප්රකාශයට පත් කරන බවත් එහි ලේකම් වෛද්ය ප්රභාත් සුගතදාස මහතා පැවසීය. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ අභිනව විධායක සභාව සහ සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්ය අමාත්යාංශයේදී පැවති අතර එහිදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත් ඔහු සඳහන් කළේය. වෛද්යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශය විසින් නිර්මාණය කර ඇති අනවශ්ය ගැටලුකාරී සහ ගැටුම්කාරී වාතාවරණය මෙහිදී විශේෂ අවධානයට ලක්වූ…
වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත් කර තිබේ. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්යංශය සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්රේමසිරි රත්නායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවය. රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත ප්රේමසිරි රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්යංශය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්රේමසිරි රත්නායක මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි. අදාළ චෝදනා පත්රය පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර…
විශ්වවිද්යාල තුළ ප්රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත් සිසු උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවත් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. වව්නියාව විශ්වවිද්යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්යාල ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමග පැවති සාකච්ඡාවක දී අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්රාමත්ය ආචාර්ය හරිනි අමරසූරිය, “විශ්වවිද්යාලයට පැමිණෙන නවක සිසුන් තුළ තිබිය යුතු ගුණාත්මකභාවය සහ අවශ්ය මූලික කුසලතා ඒ දරුවන්ට නැහැ. පාසලේ දී ඉගෙන ගතයුතු දේ විශ්වවිද්යාලයේදී උගන්වන්න ඒ නිසා අපට සිද්ධ වෙනවා. ඒ පාසල් අධ්යාපනයෙන්…
ප්රසාද් චතුරංග කෝදාගොඩ නොහොත් ඩුබායි සුද්දාගේ සමීපතම ගෝලයකු පානදුර කොට්ඨාෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී අයිස් මිලිග්රෑම් 4,665ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ. සොරා ගත් තීරෝද රථ දෙකක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. එමෙන්ම පොලීසිය සැක පල කරන්නේ අදාල සැකකරු, ඩුබායි සුද්දා විසින් whatsapp හරහා ඊසිකෑෂ් ක්රමය යටතේ සිදුකෙරෙන මත්ද්රව්ය ජාලය හා සම්බන්ධ පුද්ගලයෙකු වන බවය.
හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් සිහිසුන් වී බිම ඇද වැටුණු දැරිය ජිවීතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්රදේශයේ පදිංචි එකළොස් හැවිරිදි පාසල් සිසුවියෙකි. අදාල සිසුවිය පාසල නිම වී බස් රථය වෙත පැමිණ ඇති අතර එහිදී ඇති වූ හදිසි ක්ලාන්තයක් හේතුවෙන් ඇය බිම ඇද වැටී ඇත. එහිදී පාසල් බස් රථයේ සේවකයන් විසින් ඇයව කඩිනමින් කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ප්රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. කෙසේ වෙතත් අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරිවරයා මරණ පරීක්ෂණය පැවැත්වුවද මරණයට හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වී…
වවුනියාව නෙදුන්කේනි සිය නිවසේ වූ මඩුවක නිදා සිටි පුද්ගලයෙකු ටිපර් රථයකට යට වී ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙදුන්කේනි පොලිසිය සදහන් කරයි. නිවස ඉදිරි පිට පිහිටි මඩුවක් තුල මෙසේ නිදා සිටියදී සිය මස්සිනා පැදවූ ටිපර් රථයට යට වී ඇතැයි කියයි. අනතුර සිදු වීමෙන් පසුදා උදෑසන මෙසේ අදාළ පුද්ගලයා ටිපර් රථයට යටව ජිවිතක්ෂයට පත්ව ඇති බව නිවැසියන් දැක තිබේ. ඒ අනුව ටිපර් රථය පැදවු මස්සිනා නෙදුන්කේනි පොලිසියට භාරවී තිබේ.
නව අධ්යාපන ප්රතිසංස්කරණය අධ්යාපන අමාත්යංශයේ හෝ ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවත් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. නව අධ්යාපන ප්රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්රධාන ලේකම් කාර්යාල ශ්රවනාගාරයේ ඊයේ (02) පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියා ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ”පවතින අධ්යාපන ක්රමය තුළ පළමු…
