Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පෞද්ගලික ධන පරිත්‍යාගශීලින් රැසක් ඉදිරිපත්ව සිටින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (14) පැවසීය. මහාමාර්ග අමාත්‍යංශයේ ඊයේ (14) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා එසේ පැවසීය. ගැරඩිඇල්ල බස් අනතුරින් මියගිය 23 දෙනා වෙනුවෙන් ජනාධිපති කාර්යාලය රුපියල් ලක්ෂ දහයක වන්දි මුදල එම පුද්ගලයන් පදිංචි ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගිණුම්වලට වෙත ඊයේ බැර කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඍජු මැදිහත්වීම මත මෙම වන්දි මුදල් මියගිය අයගේ පවුල් වෙත කඩිනමින් දීමට…
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායකයෝ ඊයේ (14) එකඟතාවයකට පැමිණියහ. මෙම එකකතාවය ඇති වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය. එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතන වලට අදාළ නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂ වල මහ ලේකම්වරුන් අද (15) දිනයේදීම හමුවීමට නියමිතය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර,ශ්‍රී…
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය පවසයි. අදාල ව්‍යාපාරිකයා එම බාල පොහොර දෙහිඅත්තකණ්ඩිය, වැලිකන්ද, අරලගංවාල, දියබෙදුම, ගිඟුරක්ගොඩ, සිරිපුර, ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා බෙදා හැර ඇති බවට මූලික පරික්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි. එම බාල බෙහෙත්වල සියයට 46 ක නයිට්‍රිජන් ප්‍රමාණයක් ඇති බවට ලේබල් ගසා වැඩිමිලට ගොවීන්ට සහ අලෙවි නියෝජිතයන්ට සැපයිමට සූදානම් කර තිබී ඇතැයි ද පොලිසිය කියයි. ඔහු විසින් බෙදාහරන ලද පොහොර භාවිතා කෙරු ගොවීන්ගේ වී වගාව සම්පූර්ණයෙන්ම කහ වී ඇති බවත්, අස්වැන්න අඩු වීමට එම පොහොර බලපා ඇති…
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා ඊයේ (14) පැවසීය. ජාතික ජන බලවේගය සභා එකසිය පනස් දෙකක් ආරම්භයේදීම පිහිටුවන අතර ඉතුරු සභා එකසිය පහළොව පිහිටුවන දවසේ දී පිහිටුවන බව ජනාධිපතිවරයා කීය. ජනවරමට අනුව වැඩ කරන්න බැඳී සිටින බව කී ජනාධිපතිවරයා කවුරුන් හෝ ජනවරමට එරෙහිව කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව ,නීතිය, දේශපාලනය යන ඔක්කොගෙන්ම වැඩ කරන්න ලෑස්ති බවද කීය. “සභා හදලා පුළුවන් නම් මාස තුන හතරක් යන්න අපි කියන්නේ එච්චරයි.දන්නවනේ, නීති මදි නම් තුනෙන් දෙකක් තියෙනවා හොඳේ, යනුවෙන්ද ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා කීය.
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර මීට අදාළ මිල ගණන් කැඳවීම අද (14) දිනයෙන් අවසන් විය. හෙට වෙන්දේසි වන මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 01ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප්…
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී පාසල් ළමයින් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තිබේ. අද (14) උදෑසන මෙම අනතුර සිදුව තිබූ අතර, එහිදී කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය.
ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කර තිබේ.
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි. මරණකරු ගුවන් පාලම අසල රැදී සිටින ස්ථිර පදිංචියක් නොමැති පුද්ගලයෙකු බව පොලිසිය කියයි. දෙමටගොඩ, මහවිල පටුමග ප්‍රදේශයේදී පුද්ගලයෙකු පහරදීමට ලක්ව තුවාල ලබා වැටී සිටින බවට දෙමටගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදුකරයි.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසන්නේ මේ සඳහා දස දෙනකුගෙන් යුතු කණ්ඩායමක් පත්කර ඇති බවයි. පාසල් ගුරුවරයකුගේ අතවරයකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරිය මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන ඉකුත්දා සියදිවි හානි කර ගත්තාය.
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද (14) දින උදෑසන මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ක තරුණයෙකු බව කොත්මලේ පොලීසියද සඳහන් කළේය. එම බස් රථ අනතුරින් මේ වන විට 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 40 කට ආසන්න පිරිසක් නාවලපිටිය, ගම්පොළ, නුවරඑලිය යන මූලික රෝහල් වලද පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවද කොත්මලේ පොලිසිය කියා සිටියේය.
