Author: LANKA24X7

ගම්පහ , කිරිදිවිට ප්‍රදේශයේදී ඊයේ සවස 7 ට පමණ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධනංජය වනිගරත්න මහතා කළ විමසුමට පිළිතරු දෙමින් පැවසීය.

Read More

නැගෙනහිර යුක්රේනයේ ඩොබ්‍රොපිලියා නගරයට රුසියන් හමුදාව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එයින් කුඩා දරුවන් පස් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි. රුසියන් හමුදා කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 30 කි. රුසියන් හමුදා මෙම ප්‍රහාරයට මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානා යොදාගත් බව යුක්රේන රජය කියයි. ප්‍රහාරයලින් නිවාස සහ ගොඩනැගිලි 80 කට හානි සිදුවිය. මේ වනවිට රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. රුසියානු හමුදාව ඩොබ්‍රොපිලියා නගරයට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප්ගේ විරෝධයට හේතුවක් වී ඇත. ට්‍රම්ප්මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ සාම වැඩපිළිවෙළක් ආරම්භ කරන තුරු තම පරිපාලනය රුසියාවට පනවා ඇති සම්බාධක තවත්…

Read More

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසූහ. අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත් අමාත්‍යවරයා කීවේය මේ අනුව ආයෝජන මණ්ඩලය…

Read More

දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතයි කියන පැමිණිල්ලකට අනුව සැකපිට 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්, ගණිත ගුරුවරයා 08 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාරත්න මහත්මිය ඔහු මේ මස 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. අධිකරණයට ඉදිරිපත් කළ ගණිත ගුරුවරයා මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙසට පොලිසියෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර, ඒ අනුව ඔහු බන්ධනාගාර නිලධාරීන් හරහා මානසික සෞඛ්‍ය පිළිබඳ අධිකරණ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අරලගංවිල පොලිසියේ පොලිස් සැරයන් 66073 ඩබ්ලිව්.පී.එස්.වීරක්කොඩි මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. දිඹුලාගල…

Read More

උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් නිසා අද (9) කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදේ 8.20 ට පිටත් වන මහව හංදිය දක්වා දුම්රිය සහ මහව හංදිය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.50 ට පිටත් වන කුරුණෑගල දුම්රිය අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින් හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂනේ නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව තැනින් තැන වැසි ඇති වේ. නැගෙනහිර වෙරළබව අද රාත්‍රී කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකියි ගාල්ල, මාතර, කළුතර, සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ

Read More

පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත. ඒ ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදිය. ඒ අනුව ගාල්ල, පානදුර, හක්මන, මාතර, තිරිකුණාමලය, වීරවිල, ඌරගස් මං හන්දිය, මාතලේ, රුවන්වැල්ල, කෑගල්ල ඇතුළු පොලිස් ස්ථාන සහ අපරාධ කොට්ඨාශ වල ස්ථානාධිපතිවරුන්ට මෙසේ ස්ථාන මාරු ලබා දී ඇත.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධිත ආයතන ප්‍රධානීහු 37 දෙනෙක් සාමාජිකත්වය දරති. මෙම කමිටුව ත්‍රෛමාසිකව රැස් වී “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සහ අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමට නියමිත අතර, කමිටුව විසින් සකස් කරනු ලබන කාර්තුමය ප්‍රගති වාර්තා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ ලේකම් වෙත ඉදිරිපත් කරනු ඇත. රෝග නිවාරණය, වැළැක්වීම, පාලනය සහ මූල්‍ය අංශය යන සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන…

Read More

2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 5 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය අපේක්ෂා කරන්නේ 2025 වසර තුළ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් මිලියන 3 ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහාය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ මේ වනවිට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2024 වසරේදී බලාපොරොත්තු වූ පරිදි මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් මිලියන දෙකේ ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණි. එම ක්ෂේත්‍රයේ තවදුරටත් සුබවාදී අපේක්ෂා දල්වමින් ලක්ෂ 5 ඉක්මවූ විදෙස් සංචාරකයින් පිරිසක් 2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණීම විශේෂත්වයක්. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 5 වනදා…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි. 2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිම කර ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ. මෙම හමුව අතරතුර, 2022 වසරේ මුහුණ දුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතවේදීත්වය පළ කළේය. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක් විය හැකි කණ්ඩායම්වලට සහාය වීම…

Read More