Author: LANKA24X7

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මීගමුවේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි. තලවිල සාන්තා ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ත්‍රී රෝද රථයකින් ආපසු මීගමුව බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරට පත් තීරෝද රථය තුළ ළමුන් ඇතුළු සත් දෙනකු ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.

Read More

රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරි වසර පහේදී සම්පූර්ණයෙන්ම සාදා අවසන් කරන බව ද ඔහු සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Read More

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයන් ඉවත් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇත. පාර්ලිමේන්තු පරිශ්‍රයේ සුනඛයන් දහයකට වැඩි පිරිසක් සිටින බව පැවසෙන අතර මෙම සුනඛයන් පාර්ලිමේන්තු සේවකයන්ට මෙන්ම එහි පැමිණෙන අමුත්තන්ට ද හිරිහැරයක් බව පෙනී ගොස් ඇත. කතානායකවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී සුනඛයකු ඔහුගේ කකුල් දෙක අසලින්ම යනු දැක කලබලයට පත්ව ” මෙහෙ බල්ලොත් හදනවාදැ”යි විමසා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය. කතානායකවරයා වේත්‍රධාරීවරයාට පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටින සුනඛයන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.

Read More

උතුරු, උතුරු – මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක වැසි ඇති විය හැකියි. උතුරු,උතුරු මැද නැගෙනහිට සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති විය හැකියි.

Read More

කිරින්ද ,අදගලවැල්ල අබලන් සපත්තු බෝක්කූව අසලදී වනඅලියෙකු පහරදීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි . මෙම ධීවරයා මාගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට ධීවර රැකියාවේ යෙදීමට කිරින්ද ධීවර වරායට පාපැදියකින් පැමිණෙමින් සිටියදී අද (10) අලුයම වන අලියා පහරදී ඇතැයි පොලිසිය කියයි. වනඅලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාගම ,පට්ටියවෙල යාය ලිපිනයේ පදිංචිව සිටි සිංගක්කාර ගණිතගේ ගුණතිලක නමැති 55 හැවිරිදි ධීවරයාය . ජීවිතක්ෂයට පත් ධීවරයාගේ දේහය දෙබරවැව මූලික රෝහලට රැගෙන විත් තිබේ

Read More

මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන පොයින්ට්ස්මන් (සංඥා හසුරුවන්නන්) දෙදෙනාට කැබින් කාමරයේ නින්ද යාමත් සමග සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් පොඩි මැණිකේ දුම්රිය රියැදුරාගේ දස්කමින් වලකා ගත්තේය. බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයේ 3 වැනි වේදිකාවේ නවතා තිබූ වෙනත් දුම්රියක ගැටී සිදුවන්නට ගිය භයානක අනතුර දුම්රිය රියදුරාගේ දක්ෂතාවය නිසා බේරා ගැනීමට හැකි විය. මෙම අනතුරක්වන්නට යන බව කලින් දුටු දුම්රිය ස්ථානයේ සිටි මගීන් එහේ මෙහේ දුව යාම නිසා කීප දෙනකු වැටී සුළු තුවාල ලබා ඇත.

Read More

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර දහයක් අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවෙක් ගල්කිරියාගම ප්‍රදේශයේ දුම්කොළ හේනක සැඟවී සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39ක පුද්ගලයෙකි. මීට වසර දහයකට පෙර සැකකරු බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Read More

මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ වහලයක් අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයකු ඉන් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මීගහකිවුල බලගොල්ල 18 කණූව පදිංචි ඩී එම් සුගතපාල නමැති 69 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (08) වහලයේ වැඩ කරමින් සිටි මෙම පුද්ගලයා දහවල් තේ පානය සඳහා සෙසු පිරිසද සමග වහලයෙන් බැස විටක්ද කෑමට ගෙන යළිත් වහලයට ගොඩ වී පරාළයක් මත වාඩි වී වහලේ අලුත් වැඩියාවේ නිරතවෙමින් සිටියදී එක්වරම වහලයෙන් බිමට ඇද වැටීමෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වි ඇත. වහලයෙන් ඇද වැටීමත් සමඟම මොහු ප්‍රදේශවාසීන් එක්ව මීගහකිවුල රෝහල කරා රැගෙන විත් ඇතත් ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට…

Read More

ගල්නෑව සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ එම දිශාවටම පියෙකු සහ දියණියක් ගමන් කල යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් දියණිය, ජීවිතක්ෂයට පත්ව, පියා බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර පන්ඩුලගම පිහිටි රජයේ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබමින් සිටි , එප්පාවල කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි වේලන්ගහමලේ ගෙදර සඳරේකා සුබෝධනී හේමන්ත නැමැති 20 හැවිරිදි තරුණියකි. පාඨමාලාවකට සහභාගි වීම සඳහා පියා සමග යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී අනුරාධපුර පාදනීය ඒ 28 මාර්ගයේ , කිලෝ මීටර් 79 සහ 80 කණුව අතර ශ්‍රාවස්තිපුර පහේ ඇල හංදිය…

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනිඅවි කිහිපයක් සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ. ඒ අනුව ඇල්පිටිය පොලිස් වසමේ මන්ඩකන්ද ප්‍රදේශයේදී ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුක් මත වැටලීමක් සිදුකර තිබේ. එහිදී ටී 56 වර්ගයේ පතොරොම් යෙදිය හැකි රිවෝල්වර අවියක් සහ ටී 56 පතොරොම් 03ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44ක් වන මන්ඩකන්ද, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තවද දඹගල්ල පොලිස් වසමේ කොල්ලාදෙනිය ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකිද මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 30ක් වන ඌව ගංගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම උළුක්කුලම පොලිස් වසමේ…

Read More