Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 18 වැනි දින වර්ජනයකට එළැඹීමට තීරණය කර තිබේ. තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද මහතා පැවසුවේ තැපෑලේ පවතින දිගුකාලීන ගැටළු බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් සියලු තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කළ බවය. සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු ඇතුළු ගැටළු ගණනාවක් තැපෑලේ පවතින බවය. මෙම ගැටළු සම්බන්ධව තැපැල්පතිවරයා සමග ද සාකච්ඡා කළ බවත් එහිදී හෝ කිසිදු සාධනීය පියරක් සම්බන්ධව තීරණයක් ගැනීමට අපොහොසත් වූ බවත් ඒ අනුව අදාළ දිනයන් හීදි මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
2025 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවාය. ඇය එහිදි පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා එම නගර සභාවට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පක්ෂය තුළ යෝජනා වී ඇති බවය.
මවගෙන් හා පියාගෙන් වෙන්ව සිය මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාර දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 12 ක සිර දඬුවම් නියම කර තිබේ. ඊට අමතරව විත්තිකරුට රුපියල් 25,000ක දඩයක්ද නියම කෙරිණි. අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර එක හමාරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් නියෝග කළේය. කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් සරීබ් නැමැති 59 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස…
පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ප්‍රවාහනය හා සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකා අරලංගවිල කඳවුරේ නිලධාරීන් හා පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්ව ඊයේ (09) රාත්‍රියේ වැටලීම සිදුකර තිබුණි. එහිදී පොළොන්නරුව පොලිස් වසමේ කර්මාන්තපුරය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ලොරි රථයකින් ප්‍රවාහනය කරන ලද සැකකරුවෙකු හා පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ව වැඩිදුර විමර්ශන සඳහා පොළොන්නරුව මහජන සෞඛ්‍යය කාර්යාලය වෙත භාර දී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 හා 51 යන වයස්වල පසු වන පන්නල හා සන්දිවේලි ප්‍රදේශවල පදිංචිකරුවන්ය. පොල්තෙල් ලීටර් 7,700ක් අඩංගු යකඩ බැරල් 35ක්, පොල්තෙල්…
පොදුජන පෙරමුණෙන යටතේ එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයට තමන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සියලුදෙනාගේම ඉල්ලීම අනුව තමා මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරින්ට අල්ලස් දීමට උත්සාහ කළ අඹුසැමි යුවළක් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. රස්නායකපුර පොලිස් වසමේ සිදුවූ හරක් සොරකම් දෙකක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මොහු අත්අඩංගුවට ගිය අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමට මොහු පොලීසියට අල්ලස් දීමට උත්සාහ කර ඇති බවද.පොලීසිය පවසයි. ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පොලිස් නිලධාරින්ට දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් මෙලෙස අල්ලස් දීමට කතා කර ඇති බවද , පොලීසිය සඳහන් කරයි.
රාජ්‍ය බුද්ධි සේවාවේ කොස්තාපල්වරකු හශිස් මත්ද්‍රව්‍ය සමඟ හික්කඩුව නාරිගම හෝටලයක ඩි .ජේ සාදයකට සහභාගි වී සිටියදී අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ඒකකයට අනුයුක්ත නිලධාරියෙකි. සැකකරු සන්තකයේ තිබූ පොලිස් හැඳුනුම්පතේ ඡායාරූපයද විකෘති කර ඇතැයි පොලිසිය කියයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පැවැසීය. ඔහු ඒ බව පැවැසූවේ මෝදර දී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නීත්‍යාණුකූල ලෙස එම වැටලීම සිදුකළේ නම් හිටපු පොලිස්පති දේශබන්දුට සැඟවී සිටීමට හේතුවක් නොමැති බවත් වත්මන් රජයට ඔහු ලොක්කකු නොවන බවත්ය. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශාල දේපොළ ප්‍රමාණයක් ඇති බවත් ඒවා කෙසේ උපයා ගත්තේද යන්න තමා නොදන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. කර්මාන්ත සංවර්ධන හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු පසුගියදා කන්කසන්තුරේ කර්මාන්තපුරය නිරීක්‍ෂණය කළහ. උතුරු පළාතේ දැනට අක්‍රීයව පවතින රාජ්‍ය ආයතන කීපයක් නැවත සක්‍රීය කිරීමට සහ අක්‍රීයව පවතින සිමෙන්ති කර්මාන්තශලාව ඇතුළු ව්‍යාපෘති කීපයක් එහිදී අමාත්‍යවරු නිරීක්‍ෂණය කළහ. අලිංකඩ ලුණු කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කළ අමාත්‍යවරු පළමු වරට රාජ්‍ය සංස්ථාවක් හරහා අයඩින් මිශ්‍ර ලුණු නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණය සමඟ එම කර්මාන්තශාලාව…
කොළඹ – මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් මෝදර ප්‍රදේශයේ සිට බීඩි කොළ තොගයක් ප්‍රවාහනය කරන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස අධ්‍යක්ෂවරයාට සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත ගම්පහ වැඩ බලන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාලක සේනානායක මහතාගේ උපදෙස් පරිදි යක්කල ප්‍රදේශයේදී ඊයේ (9) උද මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි. බීඩි කොළ තොගයෙහි වටිනාකම රුපියල් එක් කෝටි තිස් එක්…
