Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. කෝපා කමිටුව කළ නිර්දේශ මත එම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය එම කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය. මෙම මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ගොවි ජනතාවට මේ පාර අවුරුදු සරු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. අපේ ගමේ ගොවීන් දෙදෙනෙක් වී විකුණා වෑන් එකක් සහ ටැක්ටරයක් ගත් බවද ඔහු සඳහන් කළේය පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර ජනතාව ජයට ම අවුරුදු සැමරූ බවද ඔහු කීවේය. ආණ්ඩුව රාජ්‍ය සේවක පඩි නැංවීම, සිය අස්වනු සඳහා හොඳ මිලක් ලැබීම, සහනාධාර ඉහළ නැංවීම, බඩු මිල අඩු වීම ඒ සඳහා හේතු වූ බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හය දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි. බරපතල තත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුලු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලටද මාරුකර යැවූ බව හැටන් පොලිසිය සඳහන් කළේය. මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ ( 16) රාත්‍රීයේදී හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරයේදීය. බස් රථයේ රියදුරා හැටන් පොලිසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා වන විට නැවත සක්‍රීය කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා ඊයේ (16) පැවසීය. විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්විමට තවත් දින හතරක් හෝ පහක් ගතවනු ඇති බව කී විමලරත්න මහතා ඉන් පසුව ඉන්ධන බලාගර සක්‍රීය කිරීම පිළිබඳව අවදානය යොමු කරන බව ද සඳහන් කළේය. උත්සව සමයේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම අත්හිටුවා සෙසු ජනන යන්ත්‍ර අඩු ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ බවත් එම වාසිය වහළය මත…
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය හරහා පළ කිරීම වළක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වාට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (16)නිකුත් කළේය. විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ ආඥාව ලබන…
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇත. යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මීට ඇතුළත්ය. සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය ආදී රටවල් මෙම ලැයිස්තුවට ඇතුළත් බව ද පැවැසෙයි. ප්‍රංශයේ ඇමෙරිකන් කොන්සල් කාර්යාල පහක් ඇති අතර එම කොන්සල් කාර්යාල වසා දැමීමට යෝජනා වී ඇත. ඊට අමතරව, ජර්මනියේ කොන්සල් කාර්යාල දෙක, බොස්නියාවේ කොන්සල් කාර්යාල දෙක ද වසා දැමීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
අනතුරකින් පසු රෝහලට රැගෙන එන අතර තුර මියගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් ඔහුගේ ඥාතීන් විසින් බලහත්කාරයේ පානදුර රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. එම පිරිස බණ්ඩාරගම දිසාරෝහලේ වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට හා එහි දේපළවලට පහරදී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලැබූ අතර එයන් එක් පුද්ගලයකු රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබිණි. එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් පහලොස්දෙනකුට අධික පිරිසක් එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට පහරදී ටොලිය මත දමා තිබූ මළ සිරුර රැගෙන ලොරියක පටවාගෙන…
පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම එකවර පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා භාරදෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් හා නඩුවල තීන්දු බොහෝ ප්‍රමාණයක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟ කිරීම සඳහා බාර දෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත් නම් එම පෙත්සම් වල හා නඩු තීන්දු වල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කරයි. මේ අනුව එම පිටපත් මෙසේ…
පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම අටුළුගම සහ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංව්ව සිටී මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මහම්මදු සහ යසීර් අර්ෆාත් අහමඩ් නමැති 15 සහ 16 හැවිරිදි දෙදෙනකු බව පොලිසිය කීය. අතුරුදන් පාසල් සිසුන් දෙදෙනා සොයා පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුම් සිදුකරයි.
