Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ. සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාව අද (18) දහවල් 12.30ට පමණ සිදුවන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගී වේ. තවද, විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වීමට අපේක්ෂා කරන අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් කැටුව යාමට කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වැනි දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය. ආරම්භක දිනය වන අද…
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියයට 100 ක් විශ්වාසයෙන් කිව හැකි බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පැවසුවාය. කොළොන්නාවේදී පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. මීට මාස හයකට පෙර අතිවිශාල පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් විශාල පරිවර්තනයක් වෙනුවෙන් සියලු දෙනාම එකතු වී වෙනස කරගත් බවත් වර්තමාන ආණ්ඩුව රට භාර ගන්නා විට තිබ්බෙ කොතනද, මොන වගේ තත්ත්වයකද යන්න සියලු දෙනාම හොඳින් දන්නා බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කරාබු , මාල ඇතුළු ග්‍රෑම් 150 ක් පමණ වන රත්තරන් සමග බස්නාහිර පළාත් බුද්ධි මුලස්ථානයට අනුයක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සමග පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. අද අලුයම 3;00 ට පමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ පොලිස් පරීක්ෂක පි.ඒ.එන් ඩි ආරියරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ. දෙවුන්දර හුම්මාන මාර්ගයේදී අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් නතර කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින්…
බළපිටිය මරදාන මහ පාරේදී ඊයේ (17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල,වැලිකන්දේ පදිංචි අයකු බවද පොලීසිය කියයි. වෙඩි වැදී තුවාලවූ අය බළපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇත. මේ පුද්ගලයාට වෙඩි වැදුණු ආකාරය මෙතෙක් අනාවරණයවී නැති බවද පොලීසිය කියයි. අහුන්ගල්ල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති. වර්තමානයේ පවතින අංක තහඩුවේ ‘සිංහ’ ලාංඡන කීපයක් සහ ඩී.එම්.ටී. හෙවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන්න විශේෂ ආරක්‍ෂක පියවරයන් ලෙස පිටතට නිරාවරණය වන ලෙස සහ පිටතට නිරාවරණය නොවන ලෙස පැවැති බවත් නව ටෙන්ඩරයෙන් එම ලාංඡන සහ අකුරු ඉවත්කර ඇති බවත් එහි සේවකයෝ කියති. ‘සිංහ’ ලාංඡන පේලී තුනක් ‘ලේසර් වෝටර් මාක්’ ලෙස ද, ඩී.එම්.ටී. යන ‘ඉංග්‍රිසි’ අකුරු තුන විශාල සහ කුඩා මුද්‍රණ ලෙස ද, වර්තමාන වාහන අංක තහඩුවක පවතින බවත්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා අද (18) සිට විශේෂ දුම්රිය කීපයක් ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. අද (18), හෙට (19), අනිද්දා (20) හා 21 දා දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ.ඉදිපොලගේ මහතා පැවසීය. ඒ අනුව බදුල්ල, බෙලිඅත්ත, ගාල්ල සහ කන්කසන්තුරේ සිට කොළඹ බලා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අප්‍රේල් 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත් නොලදහොත් තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසා දැනගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිවේදනය කරයි. මේ වන විට නිකුත් කොට තිබෙන තැපැල් ඡන්ද පත්‍රිකා වලට අදාල තොරතුරු ද සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
පළාත් පාලන ඡන්දයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කරන සභාවලට ආණ්ඩුවේ ප්‍රතිපාදන මත යැපෙන්නට අවශ්‍ය නැති බවත් එම සභාවලට සේවය කිරීමේ වගකීම තම පක්ෂය භාරගන්නා බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ක්‍රියා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය. ආණ්ඩුවේ මුදල් මත යැපෙන්නේ නැතිව ජනතාවට සේවයක් කිරීමට සමග ජන බලවේගය සූදානම් බවද ඔහු කීවේය ජනාධිපතිවරයාගේ වගකීම ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ට පමණක් සේවය කිරීම නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
උතුරු මුහුදේ නීති විරෝධී ලෙස මසුන් මැරීම නතර කිරීම සඳහා වහා සියලු පියවර ගන්නා ලෙස නාවික හමුදාවට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්නාරමේ ජන රැළියකදී අද පැවසීය. නීති විරෝධී ලෙස මසුන් අල්ලන බෝට්ටු මෙරට මුහුදු සීමාවට පැමිණීම නතර කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කළ බව කී ජනාධිපතිවරයා ලාංකික මුහුද අයිති වන්නේ ලාංකික ජනතාවට බැවින් එම ප්‍රශ්න වහා විසඳීමට කටයුතු කරන බව සඳහන් කළේය. අදාල නීති විරෝධී මසුන් මැරීමේ කටයුතු නතර කිරීමේ වගකීම නාවික හමුදාවට බාර දුන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මන්නාරම සහ රාමේශ්වරන් අතර බෝට්ටු සේවය යළි ඇරඹීම සඳහා ඉන්දීය රජය සමඟ සාකච්ඡා…
