Author: LANKA24X7

අක්මීමණ ආනන්ගොඩ ප්‍රදේශයේ නිවසකට අද (23)අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බැව් අක්මීමණ පොලිසිය පවසයි. මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුටවත් කිසිදු තුවාලයක් සිදුවී නැති බව ද පොලිසිය පවසයි.නිවසේ ජනේලයකට වෙඩි තැබීමෙන් හානි වී ඇත. මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදුකොටට ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධව අක්මිමන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Read More

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…

Read More

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්‍රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට රජය පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ගජ මිතුරු වාසි තකා ඉන්ධන බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරන තැනට රජය පත්වුවත් ජනතාවගේ බලශක්ති අයිතිය හා සවෛරීත්වය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. වහල මත සවිකරන සූර්ය බලශක්තියට ගෙවන කෝෂක පැනල් ගාස්තුව ගෙවීම කිලෝවෝට් පැයකට රු. 37 සිට 20 දක්වා 45%කින් අඩු කර ඇති බවත් මින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අධර්්‍යමත් කර ඉන්ධන බලශක්ති මාෆියාව ශක්තිමත් කිරීම සිදුවන බවත් ප්‍රේමදාස මහතා කොළඹදී…

Read More

මාතර – අකුරැස්ස ප්‍රදේශයේ දෙදියගල ආශ්‍රිතව නිල්වලා ගංගා ද්‍රෝණිය කේන්ද්‍රය කර ගනිමින් නව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරිමට රජය තීරණය කර තිබේ. එහි මුලික අදියර ක්‍රියාමත්මක කිරිම සඳහා සංචාරක ස්ථාන නිරික්ෂණය කිරීම කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන කලාපයන්හි ඒ වෙනුවන් අවශ්‍ය පහසුකම් සැපයීම පිලිබදව සහ පවතින අඩුපාඩු පිලිබදව ප්‍රදේශවාසින් සමග සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.

Read More

නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General’s House ) කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත මෙම නිවාඩු නිකේතනය මෙතෙක් වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණි. කතානායකවරයාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ලේ ඇති එක් කෙටසක් මේ ආකාරයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කර ගැනීමට ඉදිරියේදී අවස්ථාව සැලසෙනු ඇත.

Read More

පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී සාකච්ඡා කෙරිණ. ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Read More

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකානු හමුදාව පෙරේදා(21) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මැද පෙරදිග රටවල් බොරතෙල් අපනයනය සඳහා භාවිත කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඊයේ(22) ඡන්දය භාවිත කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වන අතර එය ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකකි. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් ප්‍රවාහනය වන අතර එය ලෝක බොරතෙල් පරිභෝජනයෙන් සියයට 20 කි. එසේම ද්‍රව වායුද අපනයනය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය…

Read More

රාජ්‍ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් අැතුලු සියලු පුද්ගලයන්ගේ ( වයස නොසලකා) වත්කම් පිළිබඳ විස්තරද ඇතුළත් කරන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී ඇත. දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව අනිවාර්යයෙන්ම එසේ කටයුතු කළ යුතු බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. දේශපාලඥයන් ඇතුළු ඇතැම් ප්‍රබල පුද්ගලයන් සිය වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින් තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම නව ක්‍රියාමාර්ගය මගින් එවැනි කටයුතු වැලකෙනු ඇතැයි ආරංචි මාර්ග කීය. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලුම රාජ්‍ය නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වැනිදාට ඇති සියලු දේපළ පිළිබඳ විස්තර අැතුළත්…

Read More

ග්‍රාමිය මාර්ග 1800ක් වසර අවසන් වීමට පෙර සංවර්ධනය කරන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ජනාධිපතිතුවරයාගේ උපදෙස් මත මිලියන 5,000ක අමතර මුදලක් රටේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලබා දී ඇති බවත් ඉලක්කගත සංවර්ධනයක් තුළින් ජනතාවගේ ජීවිත ලස්සන කරවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. “ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අවිස්සාවේල්ල ප්‍රදේශයේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය. සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොස්ගම දකුණු කඩුගොඩ පුස්සැල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර මීට සමගාමීව දිවයින පුරා ස්ථාන 57ක දී ග්‍රාමිය මාර්ග ව්‍යාපෘති 57ක වැඩකටයුතු ආරම්භ කෙරිණ.

Read More

කිරිඇල්ල මැද-ගලතුර කෝට්ටබන්ඩාව වතු නිවාස ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ත්‍රී රොදරථ රියදුරෙකුට පිහියකින් ඇන කපා කොටා ඝාතනය කර ඔහු සතු රුපියල් 25,000ට ආසන්න මුදලක් රැගෙන පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවිතිගල උඩකරවිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකි. සැකකරුගේ හෙලිකිරීම මත අඟල් 8 ක් දිග තියුණු පිහිය ඝාතනය කළස්ථානයේ කැලෑරොදක තිබී කිරිඇල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ. පසුගිය 18 වැනිදා මෙසේ ඝාතනය වු ත්‍රිරෝදරථ රියදුරු වන අජිත් පෙරේරා (63) රත්නපුර නගරයේ පදිංචි අයකු වන ඔහු රත්නපුර ප්‍රධාන බස් නැවතුන් පොල අසල ත්‍රිරෝද රථ රියදුරෙකු වශයෙන් රැකියාවේ නියැල්ලෙන්නෙකි.

Read More