Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අම්පාර, දමන නීත්ත අඩි 100 මාර්ගයේදි වනඅලියකු පහරදීමෙන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. ගල්ඔය වැවිලි සමාගම විසින් උක් වගාවට පැමිණෙන වන අලින් එලවිම සදහා සේවකයන් යොදා ඇති අතර රාත්‍රි මුර රාජ කාරියේ සිටින විට අද (19) අලුයම 3.30 ට පමණ මෙම වන අලි ප්‍රහාරයට ලක්වි තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ ගල්ඔය වැවිලි සමාගමේ අලි පාලන ඒකකයේ සේවය කළ කෝසල කුමාර නැමැති 39 හැවිරිදි තිදරු පියෙකි. මෙම ස්ථානයේ තිදෙනකු රාජකාරි කර ඇති අතර වන අලියා පහරදිමට පැමිණෙන විට ඔවුන් බේරිම සඳහා දිවගොස් ඇතත් පන්නාගෙන ගොස් වන අලියා මෙම පුද්ගලයාට පහරදී ඇත.
අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති. අධිකරණය මඟහැර සැඟව සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි. 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයාම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබිණි. අධිකරණය මඟහරිමින් සැඟව සිට අදට දින 19 කට පසු ඔහු මෙලෙස අද අධිකරණයට පැමිණ ඇත.
පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී ඇප තැන්පත් කිරීම සිදු කරන අතර ඊයේ වනවිට පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසකින් ඇප තැන්පත් කර ඇති බවත් මැතිවරණ කොමිසම සදහන් කරයි. පළාත් පාලන ආයතන 336 ක් සදහා ජන්ද විමසීම සිදු කෙරේ.
මතුගම, ලිහිනියාව ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට තවත් බස්රථයක පිරිසක් විසින් පහරදී තිබේ. කොළඹ සිට නෙළුව බලා ධාවනය වූ බස් රථයකට අද (18) පෙරවරු 7.40ට පමණ මෙම පහරදීම සිදුකර ඇත්තේ අවිත්තාව සිට මතුගම දෙසට ධාවනය වූ බස් රථයක රියදුරු, කොන්දොස්තර ඇතුළු පිරිසක් විසින් බවට වාර්තා වෙයි. එහිදී තුවාල ලැබූ බස් රථයේ රියදුරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. නෙළුව බලා ධාවනය වූ බස් රථයට හොරවල ප්‍රදේශයේදී මගියෙකු නංවා ගැනීම සම්බන්ධයෙන් එම බස් රථය පිටුපසින් පැමිණි මතුගම සිට අවිත්තාව බලා ධාවනය වූ බස් රථයේ රියදුරු බැණ තර්ජනය කර තිබූ බව වාර්තා වෙයි. පසුව එම බස් රථයේ රියදුරු එම අවස්තාවේ අවිත්තාව…
වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරිනියක් රුපියල් 50,000 අල්ල් මුදලක් ලබාගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ මර්දන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැටුවාන රජයේ නිල නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටින 55 හැවිරිදි තක්සේරු නිලධාරිනියකි. තක්සේරු වාර්තාවකට ගෙවිය යුතු මුද්දර ගාස්තුව අඩුවන පදිරි තක්සේරු වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් සැකකාර නිලධාරිනිය මෙම රුපියල් 50,000 අල්ලස් මුදල ඊයේ (17) හවස ලබාගෙන ඇති බව සඳහන් වේ. වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම තක්සේරු නිලධාරීනිය මෙන්ම තවත් තක්සේරු නිලධාරීන් කිහිපදෙනෙක්ම මේ ආකාරයෙන්ම ලේඛනවල වටිනාකම වෙනස් කර මුද්දර ගාස්තු අඩුකර තක්සේරු වාර්තා සකසා දීම සඳහා දිගින් දිගටම කටයුතු කරන බවටත්, මෙලෙස අල්ලස් ගැනීම…
2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය. මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළෙක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වෙල්ලාලි පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව රාජකාරි කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු සහ කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිදිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් ජීප් රථයේ තිබී වෝටර් ජෙල්කූරක්, ඇමෝනියා කිලෝවක්, සේවා නූලක්, ප්ලේන්ට් රිමුව බෝතල් තුනක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 2023-07-01 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, අංක 2415/66 හා 2024-12-21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කරනු ලැබ ඇත. 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළ දැනට බලපවත්නා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ පහත සඳහන් පරිදි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.…
2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම් වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම් වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පහත සඳහන් පරිදි පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී: * 2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියන් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02 ක් සඳහා. * කන්න රැස්වීම් වලදී තීරණය කරනු ලබන…
ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 01 වැනිදා සිට සියයට 4.7කින් ඉහළ යනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනු ඇති අතර, එහි නව මිල රුපියල් 1,100ක් වෙනවා.
