Author: LANKA24X7

බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකාරිය එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ, උතුරු පයාගල ප්‍රදේශයේදී අද (01) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. හම්බන්තොට සිට කොළඹ බලා ධාවනයවු මගි බස් රථයක අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක් එම බස් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ බෙන්තොට, හබුරුගල ,මහවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. යතුරුපැදිය පැදවූ පිරිමි පුද්ගලයා බරපතල තුවාල ලබා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරනවා.

Read More

මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම හෙට (02) දිනයේදී සිදුකළ යුතු වෙයි. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම හෙට දිනයේදී සිදුකළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇත. පළාත් පාලන ආයතන 339කට අදාළව මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඊයේ දිනයේදී ගැසට් මගින්‍ ප්‍රකාශයට…

Read More

කිලිනොච්චිය පුනගරි පොලිස් වසමට අයත් තම්බිරායිහිදී එල්ලවූ කඩු පහරකින් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පුනාගරි පොලිසිය කියයි. තම්බිරායි ප්‍රෙද්ශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකුට නාඳුනන පිරිසක් විසින් මෙම කඩු ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් පමණ වන කන්දසාමි ප්‍රනාවන් නමැති අයෙකු බව අනාවරණය කරගෙන තිබේ.

Read More

දෙදින තැපැල් සේවක වර්ජනය අවසන්වීම නිසා අද (01) සිට රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. ඒ අනුව කොළඹ කොටුව _බදුල්ල හා කොටුව _ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. බදූල්ල සිට ධාවනයේ යෙදුණු රාත්‍රී තැපැල් දුම්රිය අද අළුයම පීලි පැනීමට ලක්ව ඇති නිසා අද එම දුම්රියට තැපැල් මැදිරිය එක්කර නැති බවත් හෙට සිට එම තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන බවද පාලක මැදිරිය සදහන් කරයි. ඉල්ලීම් 10 ක් මුල් කරගෙන ආරම්භ කෙරුණු තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් දෙදිනක් තැපැල් දුම්රියෙන් තැපැල් මැදිරි ඉවත් කර තිබූණි.

Read More

පානදුර වෑකඩ යතුරුපැදි අමතර කොටස් වෙළද සැලක් ඉදිරිපිට පසුගිය 29 දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට ආධාර අනුබලදුන් සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. එසේ අත්අඩංගුවටගෙන ඇත්තේ පානදුර කවිරාජ මාවතේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. වෙඩිතැබීම සිදුකල තුවක්කුකරු සහ යතුරුපැදිකරු සැකකරු ගේ නිවසේ පෙරදින රාත්‍රී නවාතැන් ගෙන සිට ඇති බවට මෙතෙක් කල විමර්ශණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි .

Read More

අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයකට යටවී බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා ඇති බව පයාගල පොලිසිය පවසයි . අනතුරෙන් මියගොස් ඇත්තේ මහවත්ත, මහවිල , හබුරුගල ප්‍රදේශයේ පදිංචිව සිටී සී සුසිලාවතී නමැති කාන්තාවක බව පොලිසිය කීය. අඹුසැමි යුවල අද උදැසන යතුරු පැදියෙන් බේරුවල දෙස සිට කලුතර දෙසට ගමන්කර ඇති අතර, ඒ දෙසටම ගමන්ගත් බස් රථය යතුරු පැදියේ ගැටී කාන්තාවගේ හිස ඉදිරිපස වම් රෝදයට යටවී ඇති බව පොලිසිය සදහන් කරයි.

Read More

රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය. සැකකාරිය අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්…

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය ලබන ජුනි මස සිදු නොවන බවත් ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවත් එම සංස්ථාව මීට සුළු මොහොතකට පෙර පැවසීය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක තවදුරටත් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

2025 ලෝක රෑ රුජින කිරුළ දිනා ගැනීමට සමත් වූයේ තායිලන්තය නියෝජනය කළ සුරූපිනියයි. ඇය 22 හැවිරිදි ඕපල් සුචාතා චුවාන්ග්ශ්‍රී ය. තායිලන්ත සුරූපිනියක්, ලෝක රූ රැජින කිරුළ දිනූ පළමු අවස්ථාව වන්නේ මෙයයි. ඕපල් සුචාතා, 2003 සැප්තැම්බර් 20 වැනිදා තායිලන්තයේ ෆුකට් පළාතේ උපත ලැබූ තැනැත්තියකි. ඇගේ පියා සහ මව ව්‍යාපාරිකයන්ය. සුචාතා, කිරුළු පැල‍යේ ලොව රටවල් 108 ක් නියෝජනය කළ සුරූපිනියන් පරදවමිනි. 2024 වසරේ ලෝක රූ රැජින කිරුළ දිනූ ක්‍රිස්ටිනා සයිකෝවා විසින් සුචාතාට රූ රැජින කිරුළ පැලඳීම සිදු කෙරුණි. ඕපල් සුචාතා තායිලන්තයේ කැපී පෙනෙන නිරූපිකාවකි. ඇය එරට තාම්මාසත් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ, දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටී. ලෝක…

Read More

එන්.බී .1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් -19 ප්‍රභේදය රෝගීන් ගෝලීය වශයෙන් නැවත ඉහළ නංවමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. ඔමික්‍රොන් හි උප පරම්පරාවක් වන මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කර ඇතැයිද මහාචාර්යවරයා සඳහන් කළේය. නව ප්‍රභේදය මුල් වරට හඳුනා ගනු ලැබුවේ මේ වසරේ ජනවාරි මාසයේදීය. එදින සිට මෙම ප්‍රභේදය රටවල් ගණනාවකින් හඳුනා ගැනුණු බවද චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය. මේ තත්වය යටතේ ජනතාව හැකි සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ විධි අනුගමනය කිරීම නුවණට හුරු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Read More