Author: LANKA24X7

ඉරානයට එරෙහිව යුද්ධය අවසන් වීමෙන් පසු, අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ගාසා තීරයේ යුද්ධය සති දෙකක් ඇතුළත අවසන් වන බවට නායකයන් දෙදෙනා එකඟ වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ගාසා තීරයේ හමාස් පාලනය වෙනුවට, ගාසා තීරය අරාබි රාජ්‍යයන් හතරක් එක්ව පාලනය කිරීමේ සැලැස්මක් කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි පැවසෙයි.

Read More

අතහැර දමා ඇති නුවරඑළිය – නානුඔය දුම්රිය මාර්ගය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. එම දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී එම කාර්ය සිදු කරන බව අමාත්‍යවරයා කීය. සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා එම පියවර ගන්නා බවද බිමල් රත්නායක මහතා පැවසීය. එමෙන්ම නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට ඉදිරි අයවැයෙන් යෝජනා කිරීමටද බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ(Dream Destination) සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමිනි.

Read More

ලබන සඳුදා සිට 6 වැනිදා දක්වා ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික් දාසයක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි. මේ අතර වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු උණ රෝගීන් 27932 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුවී ඇති ඩෙංගු මරණ 16කි.

Read More

නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ද මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය. හල්දුම්මුල්ල කබරගල ප්‍රදේශයේදී නාය යාමෙන් විපතට පත්ව වසර දෙකකට අධික කාලයක සිට කඳවුරු ගතව ජීවත්වන පවුල් 50 ක් වෙනුවෙන් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්විණි. එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ තිස් දෙකක මුදල් ආධාර හා පර්චස් දහයක ඉඩමක් ලබාදීම මත නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවින්ද්‍ර බණ්ඩාර, කිට්නම් සෙල්වරාජ්, අම්බිගා සැමුවෙල් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් රාජපක්ෂ ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ ප්‍රියංගිකා යන මහත්ම මහත්මීහු ඇතුළු…

Read More

තංගල්ල ධීවර වරායෙන් ඊයේ (28) මුහුදු රැකියාවේ ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගල් පරයක හැපී අනතුරට ලක්වීමෙන් එහි සිටි ධීවරයන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය . අතුරුදහන්ව ඇත්තේ හම්බන්තොට ,පල්ලෙමලල පදිංචි 39 හැවිරිදි ධීවරයකු සහ තංගල්ල දංකැටිය සගබෝ මාවතේ පදිංචි 49 හැවිරිදි ධීවරයෙකි. අනතුරට පත්ව ඇත්තේ මැක්සිම් පුතා 01 නමැති බහුදින ධීවර යාත්‍රාවය. එහි හිමිකරු වන තංගල්ල ගොයම්බොක්කේ පදිංචි ආර් .පී.පැතුම් නිලංග නමැති අය මේ සම්බන්ධයෙන් අද (29) අලුයම තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව තංගල්ල රුහුණ නාවික හමුදා කදවුර දැනුම්වත් කර අතුරුදහන් ධීවරයන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ

Read More

බස්නාහිර සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Read More

කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙහි අරමුණ බවද සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද අපේක්ෂා කෙරේ.

Read More

අනුරාධපුර තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ මිතුරන් කිහිපදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය. පසුගිය 26 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබුණි. එහිදි 28 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර ඊයේ පස්වරුවේ වෙඩි තැබීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. එම අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයා…

Read More

දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් ධීවරයින් 04 දෙනෙකු අතුරින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ අදාල ධීවරයින්ගේ සිරුරු මෙලෙස සොයාගත් බවය.

Read More

ශ්‍රී ලංකාව පුරා සිටින ඇස්තමේන්තුගත සිසුන් ලක්ෂ 5ක් සහ ගුරුවරුන් 150,00ක් සඳහා සඳහා ක්‍රියාත්මක වන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය හරහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක අමතර මූල්‍ය පැකේජයක් අනුමත කර තිබේ. මෙම අතිරේක අරමුදල් මගින් අත්‍යශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි මගට ගෙන යාමට, ඉගැන්වීම් ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ සිසුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර වතුකරයේ ප්‍රජාවන් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහාය වන පාසල් ඇතුළුව ඌන සේවා නියුක්ත පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමුවනු ඇත. මාලදිවයින, නේපාලය, සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා සඳහන් කර ඇත්තේ මෙම සහයෝගය තුළින් ශ්‍රී…

Read More