Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජ්යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්රිය සේවා කාලයක් සම්පූර්ණ නොකෙරුණු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකුට විධිමත් අනුමැතියකින් තොරව සහනදායි මෝටර් වාහන බලපත්ර නිකුත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ බලපත්ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් අනුමැතියක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණු බවද එම වාර්තාවේ සඳහන් වේ. වෙළෙඳ හා ආයෝජන ප්රතිපත්ති දෙපාර්තමේන්තුව අධ්යක්ෂ ජනරාල්වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහනදායී පදනම මත මෝටර් රථ බලපත්ර ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් වෙත නිකුත් කර ඇති චක්රලේඛ විධිවිධාන උපදෙස් වලට පටහැනිව මෙසේ කටයුතු කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මේ අතර පාර්ලිමේන්තුවේ මියගිය විශ්රාම ගිය වැඩ තහනම් කළ හා සේවය…
සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්යුත් දුම් වැටි දෙකට නීතිය ක්රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 40000/= ක ඉල්ලා එයින් රුපියල් 30000/= ක මුදලක් ලබාගත් පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකි. පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා තීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් තීරෝද රථය නවතා සිංගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම් වැටි දෙක හමුවී තිබූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ජාතිකයා අමතා මෙය අධිකරණයට ඉදිරිපත් කළොත් රුපියල් 50000/= ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් රුපියල් 40000/= ක් ඉල්ලා එයින් රුපියල්…
බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක පරිපූරක වෛද්ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් අද උදෑසන 8.00 සිට අඛණ්ඩ වර්ජන ක්රියාමාර්ගයකට අවතීරණය වී තිබේ. බරපතළ විෂමතාවයන් සහිතව සහ සෞඛ්ය සේවකයන්ගේ දැඩි විරෝධතා මධ්යයේ සකස් කළ “ස්ථාන මාරු නියෝග 2024” ක්රියාත්මක කිරීමට පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂකවරිය නියෝග කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව පරිපූරක වෛද්ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්රධාන ලේකම් චානක ධර්මවික්රම මහතා පැවසීය. මෙම වර්ජන ක්රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්ය රසායනාගාර විද්යාඥ වෘත්තිකයන්, වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තිය කණ්ඩායම් 07 ක් සම්බන්ධ වන බවත් හෙතෙම කීවේය.
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්යාදෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරුමැද, මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කිලිනොච්චිය, අරවියෙල් නගර් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සිම්පතක් සොරාගෙන බැංකු ගිණුමකින් සහ ණය කාඩ් පතකින් රු. 138,472 ක මුදල් ලබාගත් බව කියන එම කඳවුරේම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. පැමිණිලිකරු සහ සැකකරු යන උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනාම එකම කඳවුරේ සේවය කරනු ලබන අතර පැමිණිලිකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සිම්පත සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් සොරාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාවිසින් ඉකුත් ජූලි මස 31 වැනිදා සිට වරින් වර මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව සිදුකළ විමර්ශන වලින් පසු සැකකාර උප පොලිස්…
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා ඇප ඉල්ලුම් පත්රයයක්ද ගොනුකර තිබුණි. කෙසේ වෙතත් අද (20) කොටුව මහේස්ත්රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ප්රතික්ෂේප විය.
ශ්රී ලංකාවට ලෝකයේ විවිධ රට වලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් අද(20) දහවල් 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) ගොඩ ගැසී තිබේ. මේ දින වල ක්රියාත්මක වන තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස පාර්සල් ලිපි ගොඩ ගැසී ඇතැයි කියයි.
පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පිහිටි පරිශ්ර වල තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කිරීමේ ව්යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. රාජ්ය – පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය විසින් සිදු කළ ශක්යතා අධ්යයනයක නිර්දේශ මත පදනම්ව හරිත සංචරණය (Eco Tourism), කෘෂි සංවරණය (Agro Tourism), සුවතා සංචරණය (Wellness Tourism) සහ සංරක්ෂණය පදනම් කර ගත් සංචරණය (Conservation based Tourism) වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්රය තුළ තෝරාගත් ස්ථාන 04ක් සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිණිස හඳුනා ගනු ලැබ ඇත. එමෙන්ම, සෙවනගල සීනි කර්මාන්ත ශාලා පරිශ්රයේ පිහිටි ස්ථාන කිහිපයක් සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ…
ලංකාවේ සමස්ත පවුල් ප්රමාණයෙන් සීයට හැත්තෑ එකක් අස්වැසුම සහනාධාර සඳහා ආධාර ඉල්ලුම් කර තිබෙන බව ග්රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්රජා සවි බල ගැන්වීමේ අමාත්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තුවේ දී මහතා පැවසීය. ලංකාවේ පවුල් වලින් සීයට 71ක් ආධාර ඉල්ලන මානසිකත්වයේ සිටීම ගැන අප සලකා බැලිය යුතුයි.ග්රාමීය දිළිඳු බව තුරන් කිරීම අපේ ප්රමුඛතම කාර්යයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ආධාර මත යැපීමෙන් යම් පවුලක් සංවර්ධනය වන්නේ නැහැ.සුභසාධන මූල්යාධාර ලබා දෙන අතර අනෙක් පැත්තෙන් සමාජය සවිබල ගැන්වීම සඳහා ක්රියාත්මක විය යුතුයි.දිළිඳු පවුල් ලක්ෂ විස්සක ප්රමාණය වසර පහක් ඇතුළත සවි බල ගැන්වීමේ වැඩසටහනක් අප අරඹා තිබෙනවා යනුවෙන්ද අමාත්යවරයා කීය.
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්රමයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ආයෝජන දිරිමත් කිරීම සඳහා සහනදායී මූල්ය පහසුකම් නොමැති වීම කෘෂිකාර්මික අංශයේ ව්යවසායකයින් ඇති කිරීමට බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇත. එම තත්ත්වය කෘෂිකර්මාන්තය සඳහා තරුණ ව්යවසායකයින්ගේ ආකර්ෂණය අඩු වීමට මෙන්ම, වගා නොකළ ඉඩම් ප්රමාණය ඉහළ යාමට හා ආහාර නිෂ්පාදනය පහළ යාමට හේතු වන බව ද නිරීක්ෂණය කර තිබේ. ෛ එබැවින්, 2025 අයවැය යෝජනාවක් පරිදි කෘෂිකර්ම හා කර්මාන්ත අංශයේ නියුතු ව්යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්රමයක් ක්රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 500ක ප්රතිපාදන වෙන් කර ඇත. මෙම ව්යාපෘතිය වසර 5…
