Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත. විද්‍යාඥයන්ට අනුව, මෙම ශිඛර පිහිටා ඇත්තේ අප්‍රිකාවට ඔබ්බෙන් මුහුදු පතුලේය. අප්‍රිකා මහද්වීපය සහ පැසිෆින් සාගර කලාපය මැදය. මෙම ශිඛර දෙකම කිලෝ මීටර් 100 ට වඩා උසින් වැඩි යැයි පැවැසෙයි. එවරස්ට් කන්දේ උස කිලෝ මීටර් 8.849 කි. මුහුදු පතුළෙන් හමුවුණු මෙම කඳු අඩු වශයෙන් අර්ධ බිලියනයක් පමණ පැරැණි බව අනුමාන කෙරේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත්විලංගු භාවිත නොකළේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ නොකිරීමත් එම අවස්ථාවේ සිටි විමර්ශන නිලධාරියාගේ තීරණය අනුව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. ඔහු ඒ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත් විලංගු නොදැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි. එම මාධ්‍ය හමුව ඊයේ (26) බත්තරමුල්ල, සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසූවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ දෙහිවල පිහිටි නිවෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවට ලද තොරතුරකට…
විවිධ ගුවන් සමාගම්වලින් ලැබිය යුතු බිලියන ගණක මුදල් හැකි ඉක්මනින් අය කරගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියට ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් දී තිබේ. නව ගුවන් සේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ගුවන් නියමුවන් පුහුණු කාර්යයන් සහ ලියාපදිංචිකිරීම් පුළුල් කිරීම සහ 2028 වන විට ම්ලියන 12ක ගුවන් මගීන් ගෙන්වාගැනීම යන ඉලක්ක සපුරා ගන්නා ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමග කළ විශේෂ සාකච්ඡාවකදී මෙම උපදෙස් දුන්නේය. එම අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා, සිවිල් ගුවන්සේවා…
ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය. පැන්සල් තුඩ නිපදවීම සදහා භාවිත කරන මිනිරන් සිස්න්ගේ නහය කට කන සහ දිවට ස්පර්ශවිම මගින් මෙම අහිතකර තත්වය ඇතිවන බව විද්‍යාඥයන්ගේ මතය වන බවද පියසිරි ප්‍රනාන්දු මහතා කීවේය. යුරෝපා කමිටුව මගින් පැන්සල් සහ පාට පැන්සල් සදහා CN හෝ EN 71වැනි ප්‍රමිතීන් හදුන්වාදී තිබෙන බවද කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී ලේකම්වරයා කීවේය. නව පාසල් වාරය සදහා දරුවන්ට පොත් ලැයිස්තු සැකසීමේදී ප්‍රමිතියකින් යුත් පාසල් උපකරණ…
නාගොඩ කැප්පිටියාගොඩ අඟුරුවාවල පාලමෙන් මෝටර් රථයක් ඇලට වැටි ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු අද සවස මියගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අයි.ඩී.ගාමිණි සරත් කුමාර නමැති 44 හැවිරිදි බැංකු කළමනාකාරවරයාය. ඔහු මෝටර් රථය පදවාගෙන එමින් සිටියදි පාලමෙන් ඇළට වැටි ඇති අතර පසුව ප්‍රදේශවාසින් එක්ව ඔහු ගොඩට ගෙන 1990 ගිලන් රථයකින් රෝහල වෙත යවා ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාරසහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.බස්නාහිර සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතිනු ඇත.මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් මාතලේ සහහම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහන වල මිල” චුට්ටක්” වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය. හෝමාගම ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.වාහන ගෙන්වීම ඇරැඹූ පසුව ආණ්ඩුවේ වාහන සංචිත තෝරා වෙන්සියේ විකුණන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය. ඉකුත් සමයේ රටට බලපෑ විදේශ විනිමය අර්බුදයත් සමග 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරිණි.අනතුරුව මෙරට වාහන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර නැවත ශ්‍රී ලංකාවට මෙලෙස වාහන ගෙන්වන්නට තීරණය කෙරුණේ වසර තුනකට පසුවයි.
වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබේ. ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස අතුරුදහන්වී ඇත්තේ අවුරුදු 52 හා 71 වයස්වල පසු වන සන්දිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෙම පුද්ගලයින් දෙදෙනා එළවළු රැගෙන ඒම සඳහා වගා භූමියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී පුලිපංචිකල්ඔයේ ගංවතුරෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. අතුරුදහන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා වාලච්චේන පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.
දිවයින පුරා ඇද හැළුණු අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 73න් 46ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතරින් අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 9න් 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 7ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7න් 5ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4න් 2ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 3ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 2න් එක් ජලාශයක් ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසීය. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ජලාශ තුනම ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 5ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3න් 2ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් 3ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 5න් 2ක්, වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් එක්…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 2024 වසරේදී වැටලීම් 24,761ක් සිදුකර තිබේ. එහිදී නඩු පැවරීම් 23, 953ක් සිදුකර ඇති අතර ඉන් අවසන් වූ නඩු සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක්ද නියම කර තිබේ. එහෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් කටයුතු සිදු කිරීමටද නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ. අදාළ වැටලීම්වලදී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සදහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සගවා තබා ගැනීම, විධිමත් බිල්පතක් ලබා…