Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු 128 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයන් 900 දෙනකු තුවාල ලබා ඇති බවය. මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳකු ද සිටින බව පැවැසෙයි. මේ අතර ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය ගණන 13 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. ඊශ්‍රායල රජය නිවේදනය කළේ ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 380ක් පමණ වන බවය.
කොළඹ නගරාධිපති ධුරයට පත්වන්නේ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනවිය ද සමගි ජන බලවේගයේ රිසා සාරුක් මහතා ද යන්න කොළඹ මහ නගර සභාවේ පළමු රැස්වීමේ දී අද (16) තීරණය කෙරෙයි. පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට 50 ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු හෙයින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධාන්වයෙන් කොළඹ මහ නගර සභාවේදී අද පෙරවරු 9.30ට පැවැත්වීමට තීරණය කෙරිණි. පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව සඳහා ඡන්ද 81814ක් ගෙන සියයට 36.92ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර සභික ධුර…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ජුනි 13වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ මහතා කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (6) ඉදිරිපත්කල අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත. ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඒ මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.
මහියංගනය පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. අදාළ පොලිස් නිලධාරියා 57 හැවිරිදි හසලක වේරගංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙදරු පියෙකු වන අදාළ නිලධාරියා පෞද්ගලික හේතුවක් නිසා පසුගිය දිනවල සිත්තැවුලෙන් කාලය ගත කර ඇති බවද වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් මැයි 20 වැනිදා සභා ගැබේ ක්‍රියා කළ ආකාරයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවේ සේවය කිරීමට නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇති හෙයින් ඒ වෙනුවට මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. අධික කාර්ය බහුලත්වය නිසා එම කමිටුවේ සේවය කිරීමට නොහැකි බව ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇතැයි ද කතානායකවරයා කීය.
දුම්රිය රියදුරන් පිරිසක් අද (06) දහවල් 12 සිට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය පවසයි. පානදුර හා මොරටුව අතර පවතින දුම්රිය සං දුම්රිය සංඥා දෝෂය නිවැරදි නොකිරීම ධාවනයෙන් ඉවත් වීමට හේතුව බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ ලේකම් චන්දන වියන්දූව මහතා පැවසීය. මේ සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සහ රියදුරු සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 9.30 ට පැවැත්වෙන බවත් ඒ මහතා සඳහන් කළේය.දහවල් 12 සිට දුම්රිය රියැදුරන් මුහුදු බඩ මාර්ගයේ ධාවනයෙන් ඉවත්වෙයි
ලංකාවට ගෙනා අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. ගුවන් යානය පිළිගන්නට කටුනායක ගුවන් තොටේදී වතුර ඉසින විට තමා ඒ බව දුටුවේ යැයිද නලින් බණ්ඩාර මහතා කීය. “ගුවන් සේවය ඩොලර් බිලියනයක පමණ ණය වෙලා තියෙනවා කියන එකයි ඇත්ත කතන්දරේ.ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙතනට වැටුනේ කොහොමද?2002 -2004 කාලෙදි අපේ ආණ්ඩුව මෙය එමිරේට්ස් ආයතනය සමඟ ඒකාබද්ධ කළා.ඒ තීරණය නිසා ජනතාව මත පැටවුණු බර ඉවත් වුණා.නැවත රාජපක්ෂ ආණ්ඩුව ඇවිත් එමිරේට්ස් ආයතනය පන්නා දැමුවා.2005 මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කළේ අපිද?එදා ජවිපෙ ගත්ත දේශපාලන තීන්දු නිසා ඒ තක්කඩි පාලනය ඇතිවුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත්ව සිටින්නේ දැයි සැකයක් ඇති බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න මහතා ඊයේ (5) පැවසීය. වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන දුර්වලතා සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කොළඹදී ඊයේ (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍යාමාල් සුමනරත්න මහතා එසේ කීය. වර්තමාන ආණ්ඩුව යටතේ වරාය අධිකාරියේ පරිපාලනයක් නොමැතිව අයාලේ යන තත්වයක් උද්ගතවී ඇති බව කී සුමනරත්න මහතා මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වරාය…
පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ වැඩ වර්ජනය තනිකරම දේශපාලන අරමුණ සඳහා කරන වැඩක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එවැනි වැඩ වර්ජන සඳහා මුහුණ දීමට සූදානම් බව බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය. හැමදාම මෙය සෙල්ලමක් කරගෙන සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරන්නට වැඩ කරනවා නම් ඒ අයත් සමඟ සාකච්ඡා කරන්නට සූදානම් නැතැයි ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. දැන් සතියට පැය 24 පැය 48 ආදී ලෙස වර්ජන කැඳවන්න පටන් අරගෙන තියෙන බව කී අමාත්‍යවරයා එය සෙල්ලමක් නොවන බවද සඳහන් කළේය. කරුණාකර වැඩට එන්නැයි කී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩට පැමිණි පසුව සාකච්ඡා කරන්නට සූදානම් බව ද සඳහන් කළේය. තඹුත්තේගමදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා…
ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොවිපල ඉඩමෙන් කොන්ත්‍රාත්කරුවකුට නොමිලේ පස් කියුබ් පන්සියයක් කපා ගැනීමට විශ්ව විද්‍යාල පාලක සභාව අවසර ලබා දී ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය විය. අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය විය. මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා කීවේ. 2022 වසරේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික ඉල්ලීමකට අනුව කොන්ත්‍රාත්කරුවකුට විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් පන්සියයක් නොමිලේ කපා ගැනීමට පාලක සභා අනුමැතිය ලබා දී තිබෙන බවයි. මෙලෙස පස් කපා ගැනීමට අවසර දුන්නේ කවුදැයි කෝප් කමිටුව විශ්ව විද්‍යාල පාලක…
