Author: LANKA24X7

පසුගිය රජය කාලයේ කෘෂි අංශයේ රැකියාව සඳහා ඊශ්‍රායලයට ගිය පිරිසෙන් සියයට අසූවක් පමණ සේවා ස්ථාන වලින් පැන ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පැවසීය. සුදුසුකම් නොමැතිව දේශපාලන හිතවත් කම් මත ඊශ්‍රායලයට ගිය මෙම පිරිස් ගොවි බිම් වල වැඩ කිරීමට නොහැකි වීම නිසා සේවා ස්ථාන වලින් පැනගොස් විවිධ ස්ථාන වල සේවය කරන බවට තොරතුරු ලැබී තිබෙන්නේ යැයිද සභාපතිවරයා සඳහන් කළේය. ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබියදී දේශපාලනඥයන් විසින් නුසුදුසු පුද්ගලයින් ඊට යොමු කොට එම රැකියා ක්ෂේත්‍රය විනාශ කළ බවද කෝෂල වික්‍රමසිංහ මහතා කීය. දේශපාලන හිතවත්කම් මත නොව සුදුස්සාට සුදුසු තැන…

Read More

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එය මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල වන බවද ජනාධිපතිවරයාා කීය. ජනාධිපතිවරයා මේ බව කීවේ ඊයේ (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2025 ආර්ථික සමුළුව අමතමිනි. “ආර්ථික පරිවර්තනය” මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි. දේශපාලන ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම පාදක කරගෙන අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම මෙම සමුළුවේ අරමුණයි. එමෙන්ම 2025 වසරේ සමස්ත ආර්ථික ප්‍රගතියක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. මෙහිදී අදහස්…

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (28) පැවැත්විණි. ශ්‍රී ලාංකීය කාන්තාව සහ ඇය මුහුණ දෙන අභියෝග පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

Read More

නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නිල්වලා ගගේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් තීරණයකට අනුව මෙම සංචාරය සිදු කෙරිණි. ගංවතුර ගැටළුවට තාක්ෂණික කමිටුව හරහා ඉක්මන් විසදුම් සෙවීම,නිල්වලා ගඟ භාණ්ඩ මගී ප්‍රවාහනයට යොදා ගැනීම, නිල්වලා ගඟ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීම හා නිල්වලා ගඟ අකුරැස්ස හරහා සිංහරාජය දක්වා සංචාරක ගමනාන්තය සකස් කිරීම, නිල්වලා ගඟ ඉවුරු ඛාදනය වැලක්වීමට පියවර ගැනීම, ගඟෙහි ඇති කුණු හා අපද්‍රව්‍ය ඉක්මනින් ඉවත් කිරීම යන කරුණු පිළිබඳව මෙම සංචාරයේ දී අවධානය යොමු විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩාය ෙමි පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ. මෙම පක්ෂ තුනේ නියෝජිතයන් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (27) සවස හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවැසේ. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න යන හිටපු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද සර්ව ජන…

Read More

දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු-මැද,නැගෙනහිර,ඌව සහ දකුණු පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Read More

බෙලිඅත්ත, නිහලුව, ගල්කෙම විහාරස්ථානයේ තිබී තවත් ජීව අත්බෝම්බ දෙකක් ඊයේ (28) සොයා ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි. එම සොයාගත් අත් බෝම්බ දෙක විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ බව පොලිසිය කියයි.ටැක්ටරයක් මගින් එම විහාරස්ථානයේ ළිඳක් අසල සුද්ද පවිත්‍ර කරමින් සිටියදී අත් බෝම්බයක් පුපුරා ගොස් තිබුණි. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී තවත් ජීව අත්බෝම්බ දෙකක් පොලිසිය විසින් සොයාගෙන පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා නිෂ්ක්‍රීය කර තිබුණි. ඒ අනුව බෙලිඅත්ත පොලිසිය වැඩිදුරටත් සිදුකළ විමර්ශන වලදී මෙම ජීව අත්බෝම්බ දෙක සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

Read More

රුපියල් කෝටි 900 ක් පමණ වටිනා බව පවසමින් රුපියල් ලක්ෂ 200 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ රතු රසදිය අඩංගු බවට සදහන් සිලින්ඩරයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . එල්ට්ටීඊ සංවිධානය විසින් භාවිතාකල සබ්මැරීන් වල තාක්ෂණය සදහා යොදාගත් රතු රසදිය අඩංගු සිලින්ඩරයක් ඇති බවත් , එය මිළදී ගෙන පසුව ඉන්දියානු ධන කුවේරයෙකුට විශාල මුදලකට අලෙවි කිරීමට හැකි බවත් පානදුර ව්‍යාපාරිකයකුට දන්වා රැගෙන ආ සිලින්ඩරය අලෙවි කිරීමට සූදානම් වීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ . සැකකරුවන් අත්අඩංගුවට ගෙන අඩි දෙකහමාරක් පමණ උසැති රතු රසදිය අඩංගු බව කියන සිලින්ඩරය සමග ඔවුන් පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන…

Read More

වත්මන් ආණ්ඩුව පමණක් නොව පැවැති ආණ්ඩුද ලුණු ආනයනය කිරීමට පියවර ගත් බව රජය පවසයි. මේ වන විට ආණ්ඩුව විසින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක ප්‍රමාණයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 4,050ක් මේ වන විට ආනයනය කර තිබේ. සෙසු ලුණු තොගය වෙළෙඳ අමාත්‍යාංශය හරහා පෞද්ගලික ආනයනකරුවන්ට ගෙන්වීමට හැකියාව පවතින බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. වසරක ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක් වන අතර පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය මෙට්‍රික් ටොන් 120,000 දක්වා පහත වැටී තිබේ. ඒ අනුව මෙට්‍රික් ටොන් 60,000ක හිඟයක් පවතින බව පැවසූ අමාත්‍යවරයා ඉන් කොටසක් ආනයනය කිරීමට අමාතය මණ්ඩල අනුමැතිය හිමිවූ බවද…

Read More

කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ “දුර්ගා” නමැති මරාගෙන මැරෙන බෝම්බකරියට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලබා සිටින LTTE සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව අද (28) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී ය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවුණි. පසුව නඩුව වැඩිදුර විභාගය හෙට (29) දිනය තෙක් කල් තැබුණි. සෙල්වරාසා කිරුභාකරන් හෙවත් මොරිස්, ශන්මුගලිංගම් සූරිය කුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන විත්තිකරුවන්ට…

Read More