Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොළඹ ඇතිවන වෙනස මාස හයක් යනවිට බලන්න යැයි නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ කොළඹ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයේ ව්‍රායි බල්තසාර් මෙනවියට හිමිවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි. කොළඹ නගර සභාවේ ආදායම පසුගිය කාලයේදී සම්පූර්ණයෙන්ම කොළඹ ජනතාවට හිමි නොවූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නගර සභාවේ සියලු ආදායම ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරියේදී යොදවන බවද ප්‍රකාශ කළේය. මෙය ඓතිහාසික ජයග්‍රහණයක් බවද ඔහු කීවේය.
කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීය. කොමසාරිස්වරිය පළාත් පාලන පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ වුවමනාවන් ඉෂ්ඨ කිරීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. රටට නව දේශපාලන සංස්කෘතියක් ගෙන ඒමට කටයුතු කරන බව පැවසූ මාලිමා ආණ්ඩුව රාජපක්ෂ සංස්කෘතියම බලය වෙනුවෙන් යොදා ගන්නා බව කොලඹ පුරපතිධුරය පත්කර ගැනීමේදී හෙලි වූ බවද ඔහු සඳහන් කළේය. කොළඹ පුරපති ධුරය පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේද කීවේය. “ජාතික ජන බලවේගය පසුගිය කාලයේ දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සිදු කරන…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය,මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවට මිලිමීටර් 50 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. වයඹ පළාතෙත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
රියදුරු අත්හැර දමා පලා ගිය සුඛෝභෝගි මෝටර් රථය තුළ තිබි රුපියල් කෝටි හතරකට අධික අයිස් මත්ද්‍රව්‍ය තිබී තොගයක් ඊයේ (16) රාත්‍රී අත්අඩංගුවට ගත් බව වෙරළ බඩ පොලිසිය කියයි. එම මෝටර් රථය තුළ තිබී ප්ලාස්ටික් පෙට්ටි හතරක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ගෑම් 112 ක් පොලිස් භාරයට ගෙන ඇත. වෙරළබඩ පොලිස් වසමේ රාත්‍රී යතුරු පැදි සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථය නැවතීමට සංඥා කර ඇති අතර මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබූ බව පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් මෝටර් රථය පිටුපස හඹා ගොස් පිටකොටුව රෙක්ල මේෂන් පාර මුහුදු මාවතේදී නවතා රියදුරුගේ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී රියදුරු…
ඊශ්‍රායලය ඔවුන් සතු න්‍යෂ්ටික අවි භාවිතයට ගනිමින් ඉරානයට පහර දීමක් කරන්නේ නම්, පාකිස්තානය ඉරානයේ සහායට පැමිණෙනු ඇති බවත්, පාකිස්තානය ඔවුන් සතු න්‍යෂ්ටික අවිවලින් ඊශ්‍රායලයට පහර දෙනු ඇති බවත් ඉරානය පවසයි. ඉරානය වෙනුවෙන් මෙසේ පැවැසුවේ එරට හමුදා අණ දෙන නිලධාරියකු වන ජනරාල් මොහ්ෂෙන් රාසායි ය. ඕනෑම දරුණු ප්‍රහාරයකදී ඉරානයේ සහායට පැමිණෙන බවට පාකිස්තානය ප්‍රතිඥා දී ඇතැයි ද ජනරාල් මොහ්ෂෙන් රාසායි වැඩි දුරටත් පැවැසීය.
දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබේ. දරුවන් විසින් නොසලකා හරින ලද වැඩිහිටියන්ට නඩත්තු ඉල්ලීම වැනි කාරනා ගැන මෙම වට්ස් ඇප් අංකයට දැනුම් දිය හැකි බව වැඩිහිටි ලේකම් කාර්යාලය කියයි. 0707 89 88 89 එම වට්ස් ඇප් දුරකථන අංකයයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වැනිදා “ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය” ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඊට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් “සරණ” නමින් මෙම උපකාරක…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණි. යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුණු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණි. එහිදී මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී අරවින්ද ගුණරත්න මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. මෙහිදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජනාධිපති නීතීඥ සුමන්තිරන් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් පවතින බවත් ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝග…
පදික මාරුව මතදී බිමත් රියදුරෙකු පැදවූ මෝටර් රථයක ගැටීමෙන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. මිය ගිය එක් කාන්තාවකගේ දරුවන් දෙදෙනාද එම අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය. හොරණ – කොළඹ මාර්ගයේ කෝරලඉම ප්‍රදේශයේ ඥාතී අවමගුල් නිවසකට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු යළි ඒ ආන්නයේ පිහිටි තවත් ඥාති නිවසකට යාමට පදික මාරුව මතින් ගමන්කරමින් සිටියදී ඊයේ රාත්‍රී 9.25ට පමණ අනතුරකට ලක්ව තිබුණි. ඒ ගෝනපොල සිට කොළඹ දෙසට ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙනි. අනතුරින් බරපතළ තුවාල ලැබූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනා කඩිනමින් වෑතර රෝහලට ඇතුළත් කෙරුණි. එහිදී එක් කාන්තාවක් මිය ගොස් තිබේ. අනතුරින් තුවාල ලැබූ…
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ. මෙම වාහන අතරට සුඛෝපභෝගී වාහන 16ක්, අනෙකුත් වාහන 03ක් අයත් සහ අබලි වාහන 03ක් අයත්වන බවද අමාත්‍යංශය පවසයි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසුවේ මෙම ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබනුයේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් වන බවය. පුරවැසියන් තමන්ගේ හැඳුනුම්පතේ සහතික කළ පිටපතක් සහ සමාගම් හෝ සංවිධාන නම් ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේදි අමුණා තිබිය යුතුය. ඒ අනුව මේ සඳහා උනන්දුවක් දක්වන ටෙන්ඩර්කරුවන් 0112186076 දුරකතන අංකයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) හෝ ප්‍රවාහන නිලධාරීවරයා අමතා මේ සම්බන්ධව වැඩිදුර විස්තර…
ඊශ්‍රායලයේ බෙනිබරක් ප්‍රදේශයට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල සිදුව ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර පවසනවා. මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ එම තරුණයා අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වනවිට යොමු කර ඇති බවයි. තරුණයාගේ පාදයකට තුවාල සිදුව තිබෙනවා. එමෙන්ම, ඊශ්‍රායලයේ බැට් යෑම් ප්‍රදේශයට පසුගිය දා ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තාවක්ද සුලු තුවාල ලබා තිබුණා.
