Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. රංජිත් මහතා සිරගත කළ චෝදනාවටම සිර දඬුවම් ලැබූ ඒ මහතාගේ ඥාතිවරිය වැලිකඩ බන්ධනාගාරයේම කාන්තා අංශයේ රඳවා සිටින බවත් ඇය මේ දක්වා කිසිදු වැඩකට යොමු කර නොමැති බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සිර දඬුවම් විඳින විදේශිකයන් වැඩි පිරිසක් සේවය කරන බවත් පොත් බැඳීම, ලිපිගොනුු සෑදීම ආදී වැඩ රැසක් කිරීමේ අවස්ථා උදාවන බවත් එස්. එම්. රංජිත් මහතාට මහාධිකරණයෙන්…
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව අද (6) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්හ. උඩමළුව වෙත පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමි බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. අටමස්ථානාධිපති හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාදය පළ කළහ. අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා, එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය. මේ අතර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි. රුවන්වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි…
විකිණීමට ටෙන්ඩර් කැඳවුණු පාර්ලිමේන්තුවේ සුපිරි වාහන තක්සේරු කළ මිලට ගැනීමට තවමත් නිසි ගැනුම්කරුවන් ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ. ගැනුම්කරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත්ව ඇතත් ඒ සියලු දෙනා ඉදිරිපත් කර ඇත්තේ තක්සේරු කළ මිලට වඩා අඩු මිල ගණන් බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය. පාර්ලිමේන්තුව තක්සේරු කළ මිලට එම වාහන ගැනීමට ඉදිරිපත් නොවුවහොත් යළි ටෙන්ඩර් කැඳවීමට සිදුවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. මෙසේ විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුවේ සභා නායක ලේකම් කාර්යාලයට අයත් වී8 සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථ දෙකයි.පාර්ලිමේන්තුවේ ඇති සෙසු සුපිරි වාහනද ඉදිරි දිනවල වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තුව බාරයේ බස් රථ ඇතුළු වාහන සංඛ්‍යාව සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතින්නේය.
පලාත් පාලන ආයතන ජන්ද විමසීම වෙනුවෙන් අද (6) සිට මැයි 7 දා දක්වා තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය. මේ අතර පලාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටු තේරිම්භාර නිලධාරීන් විසින් හෙට (7) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බවද නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේය .
බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආරූමුගන් අම්බිගා නැමති 57 හැවිරිදි දෙදරු මවකි.පිහි ප්‍රහාරයට ලක් වූ 22 හැවිරිදි පුතුද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත. ගෑන්ඩ්පාස් පොලිස් වසමේ මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක පදිංචිව සිටින සැකකරු ඇතුළු පවුලේ සාමාජිකයන් ගෙන් ඝාතනයට ලක් වූ කාන්තාව සහ තුවාල ලද ඇයගේ පුතු එක කාමරයක බිම මෙට්ටයක් දමා නින්දේ පසුවී ඇති අතර යාබද කාමරයේ වැඩිමහල් පුතු සහ සැකකරු රැඳී සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින සැකකරු බිරිඳ නිදා සිටි ස්ථානයට පැමිණ ඇතිවූ…
අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අදිටන් කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ හමුවට සහභාගී වෙමින් ජනාධිපති කාර්යාලයේදී අද පැවසීය. දෙරට නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ අපි පරිවර්තන මාවතක ගමන් කරමින් සිටිනවා.අපේ හඳුන්වන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආර්ථික ප්‍රතිපත්තිය ලෙසයි. ආර්ථික ප්‍රගතිය සමාජ සාධාරණත්වය මෙන්ම සෑම පුරවැසියෙකුටම සමෘද්ධිමත් වීමට මාවතක් ලෙස එය ගොඩනංවා තිබෙනවා.අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අප අදිටන් කර ගනිමු.ජනතා කේන්ද්‍රීය පරිවර්තනයක් සිදුවෙමින් පවතින මේ වැදගත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් නරේන්ද්‍ර ශ්‍රී මෝදි මැතිතුමාට සහ එතුමාගේ දූත පිරිසට නැවත…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විරෝධය පළකර ඇත. සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් මෙසේ විරෝධය පළ කර ඇත. මෙහිදී අදහස් දක්වා ඇති සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා ඇත්තේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත් යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝග වලට පටහැනි හෙයින් ඊට විරෝධය පළ කරන බවයි. අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91…
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය මෙලෙස මියගොස් තිබුණේ බදුල්ල මි ගහ කිවුල ප්‍රදේශයේ පදිංචි සත්සර නිමේෂ් 26 තරුණයායි ඉකුත් 01 වෙනි දින මෙම තරුණයාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නාවල ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු විම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලද පණිවිඩයක් අනුවය පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව එම පුද්ගලයා කළහකාරී ලෙස හැසිරුණු බව පවසමින් පොලිසිය විසින් තරුණයාවට මානසික රෝහල වෙත යොමු කර තිබිණි එයින් පැය කීපයකට පසු තරුණයා මියගොස් තිබිණි…
මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මුහුදේදී නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. එම යාත්‍රාවේ තිබී පොහොර උර 51 ක් බහා තිබු කිලෝ 700 ක බරින් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 500ක් හා හොරෙයින් මත්කුඩු අඩංගු පැකට් 178 ක් සොයා ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය තොගය දකුණුු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජී නැමැත්තාට අයත් ඒවා බවට තොරතුරු ලැබී ඇතැයි නාවික හමුදාව කියයි
මහමග නවත්වා තිබෙන යතුරුපැදි සොරාගෙන ගොස් කැබලි කර විකිණීමේ නිරත වූ කාන්තාවක ඇතුළු එකම පවුලේ පුද්ගලයන් පස් දෙනකු සොරා ගත් යතුරුපැදි හයක්, කැබලි කළ යතුරුපැදි අමතර කොටස් තොගයක් සමගින් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව් දෙනකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි නවගමුව මල්වාන හන්දිය ප්‍රදේශයේ නවතා තිබූ යතුරුපැදියක් තරුණ යුවළක් විසින් සොරාගෙන ගොස් හංවැල්ල ප්‍රදේශයේ සඟවා තබා තිබියදී සොයා ගත් පොලිසිය ඒ අනුව සොයා ගත් කරුණු මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
