Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දරුවකු ප්‍රසූත කිරීම සඳහා මන්නාරම, රෝහල වෙත ඇතුළත් කළ මවක් හදිසියේ මියයාම පිළිබඳ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු, හෙදියකගේ සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දෙදෙනකුගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි මන්නාරම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මියගිය මව දරුප්‍රසූතියෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් රෝගීව මිය ගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ මන්නාරම , මුරුන්කන් පදිංචි මරියරාජ් සින්දුජා නමැති 27 හැවිරිදි උපාධිධාරිනියක වන අතර මිය යන විට ඇය දෙදෙරු මවක වූවාය. කාන්තාව මියයෑම සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් විසින් මන්නාරම රෝහල් අධ්‍යක්ෂකවරයා, මන්නාරම පොලිසිය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය. රුධිරය වහනය වීම වෛද්‍යවරයාට දැන්වු පසු එය…
මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8 වැනි වසරේ සිසුවියන් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්, එක් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර අතවරයට ලක් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීප්පුකුලම කුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු සහ සිවලාකුලම සමාධිගම ප්‍රදේශයේ පදිංචි 30 පුද්ගලයෙකි. පාසල් යන බව නිවැසියන්ට පවසා එම සිසුවියන් දෙදෙනා කහටගස්දිගිලියට පැමිණ පොත් බෑගයේ සඟවා ගෙනා ආ පාට ඇදුම් ඇඳ මිහින්තලය වැඳ පුදා ගෙන කටු සෑයට ගොස් බාරයක් වී නිවසට යෑමට මිහින්තලේ බස් නැවතුම්පලට පැමිණි…
නැන්දම්මාව ඝාතනය කර බිරිඳට සහ දියණියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) සවස් කාලයේ දී ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදුකර ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 55ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. මුදල් ආරවුලක් මත සැකකරු බිරිඳ හා බිරිඳගේ මව සමග බහින්බස් වීමක් ඇති කරගෙන තිබේ. පසුව බිරිඳගේ මවට ගලකින් පහරදී හිසට බරපතළ තුවාල සිදුකර ඇති අතර, තුවාලකාරියව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. බිරිඳ සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර…
වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු ශ්‍රී පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ගැමුණුපුර පුල්ලේයාර් හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා එම ඝාතනය සිදුකර තිබූ බවය. එම ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පාතාල ප්‍රියන්ත නොහොත් ගුණසිරි ප්‍රියන්ත යන පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කෙසේවෙතත් මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයා නොවන බවට සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 20,22, 38, 40 හා 47 යන වයස් සීමාවල පසුවන වැලිඔය, පදවිය, කැබතිගොල්ලෑව හා පරාක්‍රමපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
කල්ඉකුත්වීමේ දිනයක් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කර නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ලබන වසරේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (20) පැවසීය. එම රියදුරු බලපත්‍ර ගැනීම සඳහා සාධාරකණ කාලයක් දෙන බවත් නව රියදුරු බලපත්‍රය ගැනීමට පැරණි රියදුරු බලපත්‍රය සහ වෛද්‍ය සහතිකය පමණක් ප්‍රමාණවත් බවත් වීරසිංහ මහතා කීය. කල්ඉකුත්වීමේ දිනය සඳහන් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර ලක්‍ෂ 11ක් පමණ සහ සාමන්‍ය රියදුරු බලපත්‍ර ලක්‍ෂ 12කට ආසන්න ප්‍රමාණයක් ඇති බව කී අනුරුද්ධ වීරසිංහ මහතා කල්ඉකුත්වන දිනයක් සඳහන්ව නොමැති රියදුරු බලපත්‍රයකට නව රියදුරු බලපත්‍රයක් ගැනීමට මාස හයක පමණ කාලයක් දීමට බලාපොරොත්තු වන බව ද…
විදෙස් රටක සිටින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි. නුවරඑළිය පොලිසියේ තනිකඩ භට නිවාසයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2590 ක් අඩංගු පැකට් 13 ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි. විදේශ රටක සිටින කාන්තාව විසින් මෙම කොස්තාපල්වරයාට මත්ද්‍රව්‍ය පැකට් ලබාදෙන අතර මත්ද්‍රව්‍ය පැකට් 10 ක් අලෙවි කිරීමේදී එම කොස්තාපල්වරයා එක් පැකට්ටුවක් හෝ පැකට්ටුවක් සදහා වැය වන වියදම ලබාදෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. නුවරඑළිය පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති…
කෙරවලපිටිය “සොබාදනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited, India) අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ සිදු කෙරිණි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදුකෙරිණි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, දැරණියගල, වරකාපොල, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, යටියන්‌තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, නිවිතිගල, අයගම, කිරිඇල්ල, කලවාන, ඇහැලියගොඩ, ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කොට ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, අගලවත්ත, දොඩංගොඩ, මතුගම, හොරණ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව, අරනායක, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින…
ජනාධිපතිවරණය අවසන්වී දින විසි එකක් ඇතුළත සිය මැතිවරණ වියදම් වාර්තා බාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියළුම අපේක්ෂකයන්ට දැනුම්දී ඇත. එම තොරතුරු නියමිත කාලයට පෙර ඉදිරිපත් කිරීමට යම් අපේක්ෂකයකු අසමත් වූවහොත් සහ වැරදි තොරතුරු ඉදිරිපත් කළහොත් සහ පමණ ඉක්මවා වියදම් කළහොත් රුපියල් ලක්ෂයක දඩයක් නියමවීම හෝ ධූරය අහිමිවීම, වසර තුනක් සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැතිවීම හෝ අපේක්ෂකයකුවීමේ අයිතිය අහිමිවීම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. මූල්‍යමය වශයෙන්, ද්‍රව්‍යමය වශයෙන් හෝ ණය වශයෙන් ලබා ගෙන ඇති සියලුම තොරතුරු ඇතුළත් කර මෙම වාර්තාව පිළියෙල කළ යුතුව ඇත. එසේම ඔවුන්ට ආධාර කළ පුද්ගලයන් පිළිබඳවද ඉන් තොරතුරු ඉදිරිපත් කළ…
සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේදී නිවසකදී මව අතින් වායු රයිපලයක් පත්තු වීමෙන් ඇගේ තුන් හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි . වායු රයිපලය පත්තු වී ඇත්තේ දරුවාගේ මව මානසික ආබාධයක ප්‍රතිකාර ගනිමින් සිටින බව දැනගන්නට ඇත. යාබද නිවසේ පොල් ගසකට හේත්තු කර තිබූ වායු රයිපලය අතට ගත් මව එය පරීක්ෂා කිරීමට තැත් කිරීමේදී ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය පැවසීය . වායු රයිපලයෙන් නිකුත් වූ උණ්ඩයක් වැදීමෙන් දරුවාගේ නිකට ප්‍රදේශය තුවාල වී ඇති අතර දරුවා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ .