Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඇමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිම සඳහා වන ව්‍යාපෘතියකට එස්.එම්.අයි පොයින්ට් සමාගම සහ ආයෝජන මණ්ඩලය පසුගියදා ගිවිසුම් අත්සන් කළේය. මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය තට්ටු 34 කින් සමන්විත වන අතර එය සුඛෝපභෝගී මහල් නිවාස 102 කින් සමන්විතය. කොළඹ ඇල්ෆ්‍රඩ් හවුස් මාවතේ ඉදිවන මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය පොයින්ටේ ලෙස නම් කර ඇත. එක් මහල් නිවාසයක් වර්ග අඩි 2000 කින් සමන්විත වන අතර සෑම මහල් නිවාසයක්ම නිදන කාමර තුනකින් යුක්තය. මහල් නිවාස සංකීර්ණයේ 33 වැනි මහල එක් අධි සුඛෝපභෝගී මහල් නිවාසයක් ලෙස නිර්මාණය වනු ඇති බවත් මෙම ව්‍යාපෘතියේ නිවාස මිලදී ගන්නන්ට අද්විතීය ජීවන අත්දැකීමක් විඳ…
කැකිරාව හා ඒ අවට ප්‍රදේශවල තරුණයන් ඉලක්ක කරගනිමින් අයිස්, හෙරොයින් හා මත්කරල් අලෙවි කිරිමේ ජාවාරමක නිරතවූ 60හැවිරිදි කාන්තාවක හා 18 හැවිරිදි තරුණයකු කැකිරාව මල්දෙනිපුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවක ඇතුලු පිරිසක් මත්දුව්‍ය ජාවාරමක් සිදුකරන බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ ක්ෂණික මෙහෙයුමකදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ. කැකිරාව මල්දෙනිපුර ප්‍රදේශයේ නිවසක් වටලා එම නිවස තුළ දී අදාළ සැකකාරිය හා සැකකාර තරුණයා සමඟ අයිස් හා හෙරොයින් මත්කුඩු තොගයක් අලෙවිය සදහා සූදානම් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. වැටලීම කරද්දි සැකකාර කතගේ පුතා පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සියලු සභිකයින්ගේ නම් මේ මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම්කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඊට අදාළව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. පළාත් පාලන ආයතනවල ධුර කාලය ජුනි මස 2 වනදා සිට ආරම්භ වීමට නියමිතව ඇත.
කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයාව සිටියදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ රුපියල් කෝටි පහළොවකට අධික දේපළ සහ මුදල් ඉප වූයේ යැයි කියන හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරමින් අධි චෝදනා ගොනු කළේය. අල්ලස් පනතේ 23 (1) ආ වගන්තිය යටතේ අයථා දේපළ උපයා ගනිමින් වරදවල් සිදුකිරීම යන අධි චෝදනා 03ක් යටතේ මෙම නඩුව පැවරීය. කොළඹ හත ප්‍රදේශයෙන් කෝටි හතක ඉඩමක් මිලදී ගැනීම, කඩවත දළු පිටිය ප්‍රදේශයේ එක් කෝටි තුන් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් ඉඩමක් මිලදීගැනීම,අධි සුඛෝපභෝගී ජීප් රථ හතරක් මිලදී ගැනීම,කොල්ලූපිටිය පිත්තල හන්දියෙන් ඉඩමක් මිලදී ගැනීම,තම පුතු නාලකට කෝටි ගණනක් වටිනා…
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා ගාල්ල සිට හම්බන්තොට දක්වා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය හෙට (28) දක්වා වලංගු වේ. නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70 පමණ දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මේ අතර මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද…
ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු – ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2025-03-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලද නව රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ‘ සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක් ‘ යන ප්‍රතිපත්තිමය බැඳියාවෙහි ප්‍රධාන මූලධර්මයක් වශයෙන් දරුවන්ට සිදුවන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම හඳුනාගනු ලැබ ඇත. දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවිධ අයුරින් මැදිහත් වන පාර්ශ්වයන් කිහිපයක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ දැනට ක්‍රියාත්මක වේ. ඒ අතුරින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා…
දිස්ත්‍රික්කට අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස මෙම නිවේදනය නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බවය
මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙම මස 25 වැනිදා වන විට විදේශ සංචාරකයන් 1,009,213 ක් මෙරටට පැමිණ තිබූ බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්වය වැඩවීමක් ඉදිරි දිනවලදී බලාපොරොන්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 වැඩ තරමක තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
ලග්ගල ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු ගෙය කඩා මැණික් ගල් හතරක් සොයාගෙන ගිය පුද්ගලයෙකු බෝර 12 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෝරපිටිය, දේවාලදෙණිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වෙළඳාමේ නියුතු පුද්ගලයකු බව පොලිසිය කියයි. බකමූණ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
