Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයකු ගිනි අවි හා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. පිස්තෝල අවියක්, එම පතොරොම් 5 ක්, රිවොල්වර අවියක් , හොරෙයින් මත්කුඩු ගෑම් 28 යි මිලිගෑම් 120 ක් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12810 ක් පොලිස් භාරයට ගෙන ඇත. මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දකුණු, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් සහ අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි. එහිදී ඔහු පවසා ඇත්තේ අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව ඉල්ලා සිටි බවය.
ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් විදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ. අඩි පහක පමණ විෂ්කම්භයකින් යුක්ත අඩි දහයක කොටසක් මෙලෙස ගිලා බැස ඇත. ගිලා බැස ඇති කොටසේ ගැඹුර අඩි පහක් පමණ වන බව අප වාර්තාකරු පැවසීය. මේ හේතුවෙන් රැම්පාට් විදියේ ගිලා බැස ගිය කොටස වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබේ. මින් පෙර මෙම ස්ථානයේ ගිලා බැසීමේ සලකුණු තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිහිපවිටක් දැනුවත් කළකළ බව ප්‍රදේශවාසීන් පැවසීය.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතී. ඒ අනුව මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර පසුගිය මාර්තු මාසයේ 3 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 13කි. ඒ සමග පක්ෂ ආධාරකරුවන් 42ක් සහ වාහන 11ක් ද පොලීස් භාරයට ගෙන ඇත. ඊයේ (08) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 දක්වා කාලය තුළ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිල්ලක් ලැබී ඇත. එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 12ක් ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි. මාර්තු 3 වන දින සිට අද දක්වා වාර්තා වී ඇති සමස්ත අපරාධමය…
රුපියල් කෝටි 05කට අධික කේරල ගංජා තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය. සැකකරුවන් විසින් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම ගංජා තොගය ප්‍රවාහනය කර ඇති අතර ලොරි රථයේ සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි පහ හමාරකට අධික බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් මැණික් ගඟ ආසන්නයේ ඇති ඉඳිකිරීමක් සම්බන්ධයෙන් ලබාදුන් අක්‍රමවත් අනුමැතියක් හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය. ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රඹුක්වැල්ල අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි දැනගන්නට ඇත.
කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබේ. ඊයේ (08) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත මැතිව් මාවත, ඒකල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිද කාන්තාවකි. මරණකාරිය මීට මාස 04 කට පමණ පෙර සිට සැකකරු සමග තාවකාලිකව නිවසක පදිංචිව සිට ඇත. එලෙස පදිංචිව සිටින අතර තුරදී ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. වයස අවුරුදු 35ක් වන සැකකරු පොලිස් ස්ථානය වෙත පැමිණ ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා “අන්‍යෝන්‍ය” තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ප්‍රධාන ආර්ථික බලවතුන් එකිනෙකාට අභියෝග කිරීම අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට තුඩු දෙන තත්ත්වයක් නිර්මාණය කරන බවද එම නිවේදනයේ සඳහන් වේ. වර්තමාන ලෝක ප්‍රජාවේ මේ බිඳවැටීමේදී වඩාත්ම බලපෑමට ලක්වන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වන අතර භාණ්ඩ එකක් හෝ දෙකක් හෝ අපනයනය කරන ආර්ථික ඇති රටවල ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන වෙළඳපොළ බවද එම නිවේදනය පවසයි. සාකච්ඡා වලින් පසුව පවා තීරුබදු අප්‍රේල් 2 වැනි දිනට පෙර පැවති මට්ටම් කරා ආපසු නොඑනු…
