Author: LANKA24X7

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන ගොනු, විමර්ශන සිදුවීම් විශාල වශයෙන් ඇති බවත් එම විමර්ශනයන් සඳහා යම් කාලයක් ගතවනු ඇති බැවින් ඒ සඳහා ගතවන කාලය අවම කර ගැනීමටත් කාර්යක්ෂම ව ක්‍රියාත්මක කරගැනීමටත් මෙහි අරමුණ වනු ඇත. එමෙන්ම පසුගිය කාලයේදී සිදුවූ මූල්‍යමය අපරාධ, රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපල අවභාවිතාව නොයොකුත් වංචනික ක්‍රියාවන් විමර්ශන කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා…

Read More

කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය තුළ අද (11) උදෑසන සිදු වූ ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත. අප වාර්තාකරු පැවසුවේ සිදුවීම වූ ස්ථානය මාධ්‍ය ආවරණයට ඉඩ නොලැබුණු බවය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා හමුවක් සිදු විය. ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේදී මෙම හමුව සිදු කෙරිණි.ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් ද වේ.

Read More

ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල ජනවරමත් සම්බන්ධයෙන් සතුටු පත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි, ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ සභානායක කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවකදී තානාපතිනි, ජුලී චන්ග් මහත්මිය එසේ පැවසුවාය. සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා සමග පැවති එම නිල සාකච්ඡාවට, ඉන්දු පැසිපික් කලාපීය සම්බන්ධීකාරක ජස්ටින් ආර්. බික්ලෙ මහතා සහ ඉන්දු පැසිෆික් කලාපීය විශේෂඥ ජීවිකා ආරච්චි මහත්මිය ද එක්වූහ. සමස්ත ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය පිළිබව සැකවින් විමසූ තානාපතිනිය, බිමල් රත්නායක අමාත්‍යතුමා අමාත්‍ය ධූරය දරණ ප්‍රවාහන මහාමාර්ග වරාය…

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය. ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය, රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව ද කරුණු සාකච්ඡා කළාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Read More

කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි සිද්ධියෙන් මිය ගොස්ඇත්තේ ජම්පටා වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙකි ටී පනස්හය වරගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් හතරක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි කොටහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ඊයේ (10)තීරණය කළේය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම කමිටුව රැස්විය. වී මිලදී ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි . අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, මිල…

Read More

අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය. රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන ඒ මහතා මීට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ කොමසාරිස්වරයා ලෙස ද සේවය කර තිබේ. අනූපම මහතා මහඔය, කල්මුණේ, පදියතලාව, ගඟ ඉහළ කෝරලය, මැද දුම්බර, යටිනුවර, යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Read More

රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ගංජා සහඅයිස් මත්ද්‍රව්‍ය සමග ගල්පෝරුයාය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ පදියතලාව පාර පදිංචි රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කල 31 හැවිරිදි පොලිස් කොස්තාපලවරයකු යැයි පොලිසිය කීය . මොහු කලක් මානසික රෝගි තත්ත්වයකින් පෙලෙමින් සිට ප්‍රතිකාර ලබා පසුගිය 7වන දින නිවසට පැමිණ ඇති අතර මොහු ගල්පෝරුයාය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියදී ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය . මෙම පොලිස් කොස්තාපලවරයා මීටපෙර වාකරේ පොලිසිය ට අනියුක්තව රාජකාරි කටයුතු කරමින් සිටියදී 2023 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය…

Read More