Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (11) නියෝග කළේය. ආගමික හා විගාමික පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන චූදිතයන්ට සිරදඬුවම් පැමිණ විය යුතු වුවත්, චූදිතයින් විසින් සිය වරද මුල් අවස්ථාවේදීම අධිකරණය හමුවේදී පිළිගැනීම සහ වීසා සකස් කර ගැනීම යන කරුණු සලකා බැලීමෙන් පසුව මෙම පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය . චුදිතයන්ගේ නම් අසාදු ලේඛනයට ඇතුළත් කරන ලෙසට ආගමන හා විගමන නිලධාරීවරයාට නියෝගයක් ද නිකුත් කළේය. එක් එක් සැකකරුවන්ට රුපියල් පනස් දහස බැගින් ලක්ෂ 650 දඩයක්,එම…
වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ. ඝාතනයට ලක්වූ එක්දරු පියාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා ඔවුන් එසේ කෑ කො ගසමින් විරෝධතාව පල කළහ. අහිංසක දරු පවුල අනාතයි. මිනි පෙට්ටියවත් ගන්න සල්ලි නෑ කියමින් ඔවුහූ පොලිසියට විරෝධතාව පලකර සිටී. වාද්දුව පොලිසියේ ප්‍රධාන දොරටුව මාර්ග බාධක බැරියර් යොදා මුළුමනින්ම අවහිර කර 20 කට ආසන්න නිළධාරීන් පිරිසක් ප්‍රධාන මාර්ගය අවහිර ආරක්ෂාව තර කර සිටියහ. බණ්ඩාරගම , පින්වත්ත,මොරොන්තුඩුව හිරණ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින්ද පොලිස් නිළධාරි විශාල පිරිසක් කැදවා ඇති අයුරු දැකගත හැකිවිය. රිය අනතුරක්…
නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ. ඒවා අතර සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, සහ බුදුරදුන් ආයු සංස්කාරය කිරීමද වේ. බුදුරදහු රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන විට උපතිස්ස සහ කෝලිත යන යහළුවන් දෙදෙනා දෙසිය පනහක් පිරිස සමඟ එහි පැමිණ සැරියුත් මුගලන් නමින් පැවිද්ද ලබා ගැනීම වැදගත් සිදුවීමකි . බුදුරජාණන් වහන්සේ එහිදී ඒ වන විටවැඩ විසූ 1250ක් පමණ වූ භික්‍ෂූන්වහන්සෙලා එක් තැනකට රැස්කොට ඒ සියලු දෙනා වහන්සේලා අතුරෙන් සැරියුත් මුගලන් දෙනමට සියසසුනෙහි අග්‍රශ්‍රාවක තනතුර පිරිනැමුහ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් ඇතුළු කලින් පැවිද්ද ලබා රහත්…
තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීණි. දෙරට අතර ආරක්ෂක හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ පොලිස්පතිවරයා සමඟත් කළ ඵලදායි සාකච්ඡා පිළිබඳව උප අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය. මිනිස් ජාවාරම මැඩලීමේ වැඩපිළිවෙල පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ අතර මියන්මාරයේ මිනිස් ජාවාරමට හසුව සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා තායිලන්ත රජය දක්වන සහය පිළිබඳව ප්‍රශංසාව පළ කළ අග්‍රාමාත්‍ය අමරසූරිය, දැනට විපතට පත්ව සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 18 දෙනා නිදහස් කර ගැනීම සඳහා තවදුරටත් සහාය අපේක්ෂා කරන බවද පැවසුවාය.
මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගාල්ල,මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි. එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ තිබේ. යෝජිත ගිවිසුමට අත්සන් තැබීම මඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට මෙන්ම, ආයෝජන සහ වෙළෙඳාම ආශ්‍රිත ක්ෂේත්‍ර වල දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. දෙපාර්ශ්වය…
විදුලි කප්පාදුවක් හෙට (12) ක්‍රියාත්මක නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. පෝය දිනය හේතුවෙන් වෙනත් දිනයක මෙන් විශාල ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව ද එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කටයුතු කරන අතර එහි නියෝජ්‍ය පොලිස්පති ලෙස නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව මහතා නිහාල් තල්දූව මහතා කටයුතු කරනු ඇත.
දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවු අනතුරින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ. අප කළ විමසීමක දී කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ රෝගීන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවය. මේ අතර අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු ඊයේ දින කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊයේ (10) අලුයම පෞද්ගලික බස් රථ දෙකක් ගැටී පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි. තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ අතරින්…