Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
මුලතිව්, කුමළමුනේ ප්‍රදේශයේ කෝවිලක දිය කැපීම සඳහා සාදන ලද තටාකයකට වැටී සිසුවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මුල්ලියාවේලි, මාමුලේ ප්‍රදේශයේ පදිංචි ආර්. කිරුෂිකා සහ ආර්. ර්ශ්මිදා නැමැති 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකි. මෙම දැරියන් දෙදෙනා දිය කැපීම සඳහා සකසා තිබූ තටාකයේ ඡායාරූප ගැනීමට යාමේදී එම තටාකයට වැටී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. සියලු අච්චු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය. සාමාන්‍යයෙන් එක වරකට තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද ඔහු සඳහන් කළේය. මේ අතර හිටපු ඇමතිවරුන් දෙදෙනා එකම පොදු ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. එම දෙදෙනාට බන්ධනාගාරයේ වැඩ පැවරීම බොහෝ දුරට අද කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකාරිය එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ, උතුරු පයාගල ප්‍රදේශයේදී අද (01) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. හම්බන්තොට සිට කොළඹ බලා ධාවනයවු මගි බස් රථයක අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක් එම බස් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ බෙන්තොට, හබුරුගල ,මහවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. යතුරුපැදිය පැදවූ පිරිමි පුද්ගලයා බරපතල තුවාල ලබා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරනවා.
මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම හෙට (02) දිනයේදී සිදුකළ යුතු වෙයි. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම හෙට දිනයේදී සිදුකළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇත. පළාත් පාලන ආයතන 339කට අදාළව මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඊයේ දිනයේදී ගැසට් මගින් ප්‍රකාශයට…
කිලිනොච්චිය පුනගරි පොලිස් වසමට අයත් තම්බිරායිහිදී එල්ලවූ කඩු පහරකින් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පුනාගරි පොලිසිය කියයි. තම්බිරායි ප්‍රෙද්ශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකුට නාඳුනන පිරිසක් විසින් මෙම කඩු ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් පමණ වන කන්දසාමි ප්‍රනාවන් නමැති අයෙකු බව අනාවරණය කරගෙන තිබේ.
දෙදින තැපැල් සේවක වර්ජනය අවසන්වීම නිසා අද (01) සිට රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. ඒ අනුව කොළඹ කොටුව _බදුල්ල හා කොටුව _ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. බදූල්ල සිට ධාවනයේ යෙදුණු රාත්‍රී තැපැල් දුම්රිය අද අළුයම පීලි පැනීමට ලක්ව ඇති නිසා අද එම දුම්රියට තැපැල් මැදිරිය එක්කර නැති බවත් හෙට සිට එම තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන බවද පාලක මැදිරිය සදහන් කරයි. ඉල්ලීම් 10 ක් මුල් කරගෙන ආරම්භ කෙරුණු තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් දෙදිනක් තැපැල් දුම්රියෙන් තැපැල් මැදිරි ඉවත් කර තිබූණි.
පානදුර වෑකඩ යතුරුපැදි අමතර කොටස් වෙළද සැලක් ඉදිරිපිට පසුගිය 29 දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට ආධාර අනුබලදුන් සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. එසේ අත්අඩංගුවටගෙන ඇත්තේ පානදුර කවිරාජ මාවතේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. වෙඩිතැබීම සිදුකල තුවක්කුකරු සහ යතුරුපැදිකරු සැකකරු ගේ නිවසේ පෙරදින රාත්‍රී නවාතැන් ගෙන සිට ඇති බවට මෙතෙක් කල විමර්ශණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි .
අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයකට යටවී බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා ඇති බව පයාගල පොලිසිය පවසයි . අනතුරෙන් මියගොස් ඇත්තේ මහවත්ත, මහවිල , හබුරුගල ප්‍රදේශයේ පදිංචිව සිටී සී සුසිලාවතී නමැති කාන්තාවක බව පොලිසිය කීය. අඹුසැමි යුවල අද උදැසන යතුරු පැදියෙන් බේරුවල දෙස සිට කලුතර දෙසට ගමන්කර ඇති අතර, ඒ දෙසටම ගමන්ගත් බස් රථය යතුරු පැදියේ ගැටී කාන්තාවගේ හිස ඉදිරිපස වම් රෝදයට යටවී ඇති බව පොලිසිය සදහන් කරයි.
රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය. සැකකාරිය අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්…
