Author: LANKA24X7

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයකුට යතුරුපැදියකින් පැමිණි තිදෙනකු හලාවත කොළඹ මාර්ගයේ ගල්කන්ද ප්‍රදේශයේදී ඊයේ සවස හතයි දහයට පමණ වෙඩි තබා පලා ගොස් ඇති බව මීගමුව පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයෙන් තරුණයා එතනම මියගොස් ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි වෙඩි තැබූ පුද්ගලයන් දෙදෙනා බෝලවලාන දෙසට පලාගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

Read More

දූෂණ චෝදනාවලට වරදකරු වී, බරපතල වැඩ සහිතව, බන්ධනාගාරගත ව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, නඩු 12 කට අදාළව ඇප නියම වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එසේ වුවත්, චෝදනා කිහිපයකට වරදකරු වී සිටින බැවින්, ඔහුට තවදුරටත් බන්ධනාගාරගත ව සිටීමට සිදුවුනු ඇතැයි ද පැවැසෙයි. ඉම්රාන් ට අමතරව, ඉම්රාන්ගේ රජයේ සිටි හිටපු විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහොමද් කුරේෂිගේ ද චෝදනා 13 ක් සම්බන්ධයෙන් ඇප නියම වුණු බව පැවැසෙයි. පසුගිය 8 වැනිදා පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී. කිසිදු පක්ෂයකට බමුතරය නොමැති වුවත්, වැඩි ඡන්ද දිනා ගනිමින් ඉදිරියෙන් පසුවන්නේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සහ…

Read More

ගම්පොළ ජාත්‍යාන්තර පාසලක බාලාංශයේ දරුවන් පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දරුවකු ඊයේ දින මියගිය බව පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉක්රාම් හයියාන් නමැති දරුවෙකි. ජාත්‍යන්තර පාසල් පරිශයට යාබද ඉඩමක තිබූ රූස්ස ගසක් කඩා වැටීමෙන් සිද්ධිය වූ ස්ථානයේදී එක් කුඩා දරුවකු මියගිය අතර සිසුහු දෙදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ සිසුන් දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි එක් සිසුවකු දින පහකට පසු අද සවස මෙසේ මියගොස් ඇත.

Read More

අක්මිමණ තල්ගස්යාය ප්‍රදේශයේ ඉඩමක තිබි ටි 56 ජිව උණ්ඩ 25ක් අද දහවල් සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි. ගාල්ලේ පදිංචිව සිටින පුද්ගලයෙකු මෙම ඉඩම මිලට ගෙන ඊයේ දින සුද්ධ කරමින් සිටියදි සිමෙන්ති ග‍ඩොල් ගොඩක ටින් එකක උණ්ඩ තිබෙනු දැක පොලිසියට දන්වා ඇත. ඒ අනුව පොලිසිය පැමිණ පරික්ෂා කිරිමේදි ඒවා ටි 56 උණ්ඩ බවට හඳුනා ගෙන ඇති අතර පසුව පොලිස් ස්ථානය වෙත ගෙනගොස් ඇත. මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිත බව ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ ආක්‍රමණිකශීලි ක්‍රිකට් සන්නාමය පැතුම් නිස්සංක නැවත ලෝකයටම ප්‍රදර්ශනය කළ බවත් එහිදී සිය ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීම පිළිබඳව හදවතින්ම සතුටු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක සහ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පැවසීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ලකුණු 189 ක් රැස්කරමින් තමා සතුව තිබූ ඉහළම ලකුණු වාර්තාව පැතුම් බිඳ දැමූ ආකාරය ක්‍රීඩාංගනයේ සිටම නැරඹීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවත් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හොඳින් පන්දු යැවුවත් පැතුම් මෙම පන්දු යැවීමට එරෙහිව ඉතාමත් සැහැල්ලුවෙන් සහ අවදානමක් ගෙන පහර දුන් බවත් සනත් ජයසූරිය මහතා කීය. පැතුම් නිස්සංක ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී නොදැවී ලකුණු 210ක් රැස් කරමින්…

Read More

කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ කොයියවාඩිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් ග්‍රෑම් 11 කුත් මිලි ග්‍රෑම් 500 ක්, සැකකරුවකු සහ ත්‍රී රෝද රථයත් එහි රියදුරුත් නොරොච්චෝල පොලිසිය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත් අඩංගුවට පත් ප්‍රධාන සැකකරුගේ යට ඇදුම තුළ සගවා ගෙන තිබියදී මෙම අයිස් තොගය අත් අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු නාගවිල්ලුව පදිංචි 47 හැවිරිදි විවාහකයෙකි. මෙම සැකකරු විෂ මත් ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය ප්‍රකාර ජාවාරම් චෝදනාව යටතේ මීට පෙර පුත්තලම සහ මදුරන්කුලිය පොලිසි මගින් දෙවරක් අධිකරණයට ඉදිරිපත් කළ අයෙකි. සොරකම් කිරීම් මංකොල්ල කෑම් රැසක චෝදනා ලැබ සිටින මොහු,අපරාධක් සිදු කිරීමෙන් අනතුරව මන්නාරමට පලා…

Read More

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනකුට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් පහර දිමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරු කර යවා ඇති අතර පහර කැමට ලක් වු සිසුවිය තවදුරටත් පඔහින්න රෝහලේ ප්‍රතිකාර ලබති. සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ තෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් විසින් එම පහර දිම සිදුකර ඇති බවට වාර්තා වේ. දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පිඨයේ ආපන ශාලාවෙිි ආහාර ලබා ගනිමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි…

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දැඩිගමුව හා හංවැල්ල ප්‍රදේශවල සිදු කළ මෙහෙයුමක දී විදේශගත ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ අනුගාමිකයින් සමඟ සමීප සබඳතා පවත්වන අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැ කිවූ බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හා 37 හැවිරිදි වියේ පසු වන පාදුක්ක හා හංවැල්ල ප්‍රදේශයේ පදංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් සතු ව තිබී අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූ යතුරුපැදි 02ක්, තවත් යතුරුපැදි අංක තහඩු දෙකක් හා ජංගම දුරකථන 02ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිස්…

Read More

මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ. ‍ ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ද හින්දු ව්‍යාපාරික වෙබ් අඩවිය පවසන්නේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වන බවයි. එම ගුවන් තොටුපොළවල පහසුකම් පුළුල් කිරීමට සහ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අදානි සමූහය මෙරට බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍යය පවසයි. අදානි සමූහය විසින් ඉන්දියාවේ, මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ…

Read More

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය සියයට 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, ආර්ථික ස්ථාවරත්වය සියයට දෙකකට වඩා වැඩි ආර්ථික වර්ධනයක් මේ වසරේ දී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි. මේ අතර මෙවර අයවැයේ දී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වැඩි කළ පොලිස් නිලධාරීන්ගේ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව ලබන සතියේ දී ලබා දීමට පියවර ගන්නා බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Read More