Author: LANKA24X7

දේශපාලන ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ අවධානමක් ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය රජයේ අමාත්‍යධුර දරමින් මහත් ආන්දෝලනාත්මක චරිත මැවු ප්‍රබලයින් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සාක්කි මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමේ දැඩි අවධානමක් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. ප්‍රබලයින් දෙදෙනා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩකඩක් ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී හෙළි වී ඇති කරුණු පාදක කර ගනිමින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Read More

‘පරාටේ’ නීතිය බලගැන්වීමේදී සානුකම්පිතව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශය බැංකු සංගමයට උපදෙස් දුන් බවත් මෙරට ආර්ථිකය පිළිබඳව වගකිවයුතු ආණ්ඩුවක් කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් බැංකුවලට ලිඛිත නියෝගයක් දීම බවත් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා ඊයේ (2) පැවසීය. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු ඇතුළු නියෝජිතයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතර ඊයේ (2) පැවැති විශේෂ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් ලියනාරච්චි මහතා එසේ පැවසීය. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැකගැනීමට නම් ‘පරාටේ’ නීතිය තව දුරටත් අත්හිටුවීම සහ ණයගැතියන්ගෙන් මුදල් අයකරගැනීමේදී…

Read More

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අසනීප තත්වයේ පසුවන බැවින් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඊයේ (2) දැනුම් දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ උදෑසන 9.00ට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංක 01 ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා විසින් රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම් දී ඇත. රාජිත. සේනාරත්න මහතාගේ නීතිඥවරයෙක් උදෑසන අල්ලස් කොමිසමට පැමිණ රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් විමර්ශනය සඳහා සහභාගී විය නොහැකි බවට ලිපියක් ලබාදී ඇතිි බව අල්ලස්…

Read More

අවුරුද්ද දහසයක් පරණ ගුවන් යානයක් ගෙනවිත් කොළඹ වටේ රවුම් තුනක් කරකැවීමට වියදම් කරපු අයටත් ඉදිරියේදී උත්තර දීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. සෑම පරීක්ෂණ කටයුත්තකටම සහාය දෙන බව පැවසූ මන්ත්‍රීවරයා තම පවුල පැත්තෙන් කිසිදු වරදක් වී නැතැයි ද සඳහන් කළේය. ලෝකයේ තෙල් මිල අඩු වෙලා තියෙද්දි ආණ්ඩුව තෙල් මිල වැඩි කිරීමට කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒවායේ කොමිස් මුදල් යන්නේ කාටදැයි ප්‍රශ්න කර සිටියේය.

Read More

කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සඳහා කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඉකුත් 30 වැනිදින රාත්‍රියේදී කහ වත්ත බුංගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු කහවත්ත ඇන්දාන කොස්කෑල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබිණි. පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටි පිරිසක් එම ඝාතනය සිදුකර තිබුණි. එහිදී එක් තරුණයකු තුවාල ලැබු අතර වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණෙ ඉමන්ත සුරංජන් නමැති 22 හැවිරිදි තරුණයකි.

Read More

සියලුම ශ්‍රී ලාංකිකයින්ට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා වෙත ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන් ස්පේස්එක්ස් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පළ කර තිබේ. නුදුරු අනාගතයේ දී එලොන් මස්ක් හමුවීමට සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය. 10 වන ලෝක ජල සමුළුවට සමගාමීව ඉන්දුනීසියාවේ බාලි හිදී මස්ක් මහතා සමඟ පැවති හමුවකින් පසු 2024 දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සඳහා අනුමත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය,මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.

Read More

ශ්ලං‍රීකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත. සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත. මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක…

Read More

පදියතලාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් සර්වජන බලය සභික චතුන් ඉරංගිකගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට සර්වජන බලය පියවර ගෙන තිබේ. සර්වජන බලය පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අපක්ෂපාතී විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන තුරු මෙලෙස පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවා ඇති බවය.

Read More

රේගු නිෂ්කාශනයේදී වරදක් සිදුව ඇති බව බහාලුම් තුන් සිය නවයක් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හරින ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කමිටුව පෙන්වා දී ඇතැයි වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් තීරණයක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය. විපක්ෂයේ පිරිසක් ඔවුන්ගේ පරණ පව් වසා ගැනීමට මෙම සිද්ධිය ජරා විදියට දේශපාලනයට යොදා ගැනීමට ගොස් පච වුණු බව පැවසූ අමාත්‍යවරයා සිද්ධියේ සියලු සුලමුල ඉදිරියේදී හෙළිවනු ඇතැයිද සඳහන් කළේය.

Read More