Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පිහිටි පරිශ්‍ර වල තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය විසින් සිදු කළ ශක්‍යතා අධ්‍යයනයක නිර්දේශ මත පදනම්ව හරිත සංචරණය (Eco Tourism), කෘෂි සංවරණය (Agro Tourism), සුවතා සංචරණය (Wellness Tourism) සහ සංරක්ෂණය පදනම් කර ගත් සංචරණය (Conservation based Tourism) වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ තෝරාගත් ස්ථාන 04ක් සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිණිස හඳුනා ගනු ලැබ ඇත. එමෙන්ම, සෙවනගල සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පිහිටි ස්ථාන කිහිපයක් සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ…
ලංකාවේ සමස්ත පවුල් ප්‍රමාණයෙන් සීයට හැත්තෑ එකක් අස්වැසුම සහනාධාර සඳහා ආධාර ඉල්ලුම් කර තිබෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තුවේ දී මහතා පැවසීය. ලංකාවේ පවුල් වලින් සීයට 71ක් ආධාර ඉල්ලන මානසිකත්වයේ සිටීම ගැන අප සලකා බැලිය යුතුයි.ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම අපේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ආධාර මත යැපීමෙන් යම් පවුලක් සංවර්ධනය වන්නේ නැහැ.සුභසාධන මූල්‍යාධාර ලබා දෙන අතර අනෙක් පැත්තෙන් සමාජය සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි.දිළිඳු පවුල් ලක්ෂ විස්සක ප්‍රමාණය වසර පහක් ඇතුළත සවි බල ගැන්වීමේ වැඩසටහනක් අප අරඹා තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ආයෝජන දිරිමත් කිරීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් නොමැති වීම කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයින් ඇති කිරීමට බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇත. එම තත්ත්වය කෘෂිකර්මාන්තය සඳහා තරුණ ව්‍යවසායකයින්ගේ ආකර්ෂණය අඩු වීමට මෙන්ම, වගා නොකළ ඉඩම් ප්‍රමාණය ඉහළ යාමට හා ආහාර නිෂ්පාදනය පහළ යාමට හේතු වන බව ද නිරීක්ෂණය කර තිබේ. ෛ එබැවින්, 2025 අයවැය යෝජනාවක් පරිදි කෘෂිකර්ම හා කර්මාන්ත අංශයේ නියුතු ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම ව්‍යාපෘතිය වසර 5…
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එහිදී කොටුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය මඟින් විදේශ සංචාරකයින් 1,338 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර තිබේ. මෙරට සංචාර සඳහා පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් පසුගිය 3 වනදා ස්ථාපිත කෙරුණි. මීට පෙර විදේශිකයින් විසින් රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් වේරහැර පිහිටි මෝටර්රථ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණිය යුතුව තිබූ බව සඳහන්ය. පසුගිය 3 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 1,338ක් නිකුත් කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ පසුගිය 7 වනදා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර මෙරටට පැමිණෙන විදේශිකයන්ට රුපියල් 2,000ක්…
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් තුනක පිටපත් තමාට ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය කතානායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ. ඒ පිළිබඳ විවාදය ඉදිරි දිනක පැවැත්වීමට නියමිතය. හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ගේ දීමනා නිල නිවාස ඇතුළු සියලු පහසුකම් මෙම පනත සම්මත වීමෙන් අහෝසි වී යනු ඇත. විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වන්නේ විශ්‍රාම වැටුප පමණි.
තමා යෝජනා කරද්දි අනුරලා විපක්ෂයේ හිඳිමින් එදා විරුද්ධ වූ දේ ජාතික ජන බලවේගය දැන් ක්‍රියාත්මක කරමින් සිටීම ගැන සතුටු වන බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. ආණ්ඩුව කැසිනෝ ශාලාව විවෘත කරමින් කංසා අපනයනය කිරීමට නීති ගෙන එන බවද ඒවා තමා කියූ දේවල් බවද ඇය සදහන් කළාය. ” අපේ වැඩ ටික ඒ විදිහටම වෙනවා. මට හරි සතුටුයි”ඇය කීවාය. ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ මාධ්‍ය කළ විමසුමකදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ සේවකයන්ට කෑම සැපයීම වෙනුවෙන් මාසයකට රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂ අසූ දෙදහස් අටසිය අනූ හයක් වැය වන බව ගණන් බලා ඇතැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුව ලබා දුන් පිළිතුරක සඳහන්වේ. මෙම වසරේ පළමු අර්ධ වර්ෂය පදනම් කරගෙන මෙම ගණන් බැලීම කර ඇත. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේවකයන් ඇතුළු පිරිසේ ආහාර පාන වෙනුවෙන් පසුගිය වසර පහක කාලයේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි අසූවකට වැඩි බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ ආහාර පාන වෙනුවෙන් පසුගිය 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක්ද( 88,825,435.00) 2021 වර්ෂයේදී රුපියල් කෝටි දහයකට වැඩි මුදලක්ද ( 102,456,188.00) 2022 වර්ෂය වෙනුවෙන් රුපියල්…
තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් පවත්වා ගෙන යන රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. රාජ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන ඉලක්ක කරගෙන එල්ල වන සයිබර් ප්‍රහාර හේතුවෙන් එම ආයතන මඟින් සපයනු ලබන අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවන් ඇති වීමේ අවදානමක් පවතී. එමෙන්ම, පෞද්ගලික හා සංවේදී දත්ත වෙනත් පාර්ශ්ව අතට පත් වීම, පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය, මහජන සෞඛ්‍යය සහ සමාජයේ යහපැවැත්ම සඳහා මෙන්ම, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මහජනයා තුළ පවතින විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. එබැවින්, මෙවැනි තර්ජන සහ අවදානම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම…
කුරුන්චතිවු ( අලිමංකඩ – උතුර) ලුණු ලේවාය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. උතුරු හා නැගෙනහිර පළාත් වල පැවති යුද මය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවූ ලුණු ලේවායේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන ඇතත්, එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වී ඇත. එබැවින්, කුරුන්චතිවු (අලිමංකඩ උතුර) ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන…
