Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.55 ට පිටත් වන දුම්රිය මධ්‍යම රාත්‍රි 12 ට මහනුවරට ළඟාවන අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 8.30 ට පිටත් වී මධ්‍යම රාත්‍රි 12 ට කොළඹ කොටුවට ළගා වන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම දුම්රිය යන එන ගමනේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ ද නතර කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි . මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන , ඒවා කාඩ්බෝඩ් මත අලවා , ඒවා මත කළු පැහැති කඩදාසි අලවා , එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඊයේ මේ බව ප්‍රකාශ කර ඇත.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මෙම නිලධාරීන් යොදවා ඇත්තේ පොලිසියේ සහායටය. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීහු ද ඒ අතර වෙති මේ අතර අනවශ්‍ය බඩු භාණ්ඩ රැගෙන ඒමෙන් වලකින්නැයි පොලිසිය දළදා වන්දනාවේ පැමිණෙන්නන්ගෙන් ඉල්ලීමක් කරයි.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. එම මුදල් මඟදී එක් එක් පුද්ගලයන්ගේ සාක්කු වලට වැටීම හේතුවෙන් ගමේ සංවර්ධනය නිසි අයුරින් සිදු නොවූ බවද අග්‍රාමාත්‍යවරිය කීවාය. මුලතිව් දිස්ත්‍රික්කයේ, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නට්ටන්කණ්ඩාල් පොදු වෙළඳ සංකීර්ණය අසල සහ මල්ලාවි ප්‍රදේශයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවති ජන හමු වලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය. “අපේ රටේ අවුරුදු 76 ක් තිස්සේ පැවති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ඔබ අපට 2024 වර්ෂයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නේ අප කෙරෙහි පවතින විශ්වාසය නිසා බව අපි හොඳින්ම දන්නවා. ඒ විශ්වාසය…
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරයා (19) දා අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරයා බව පොලිසිය කියයි. නිවාඩු දිනයක් බැවින් පෞද්ගලික බැංකුව ඇතුළු ආයතන කිහිපයක් වසා දමා ඇති අතර මෙම පුද්ගලයා පමණක් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට රැඳී සිට ඇතැයි පැවසේ. ඒ අතරතුරදී සවස 02.30 පමණ ආරක්ෂක නියාමකවරයා රැඳී සිටින මුර කුටියේ ප්‍රභාකරන් රැදී සිටින බව පවසා ගිනි ඇවිලෙන සුළු කිසියම් ද්‍රාවණයක් යොදා ගිනි තබා ඇතැයි පැවසේ. ගින්නෙන් මුරකුටිය තුළ තිබූ ඇදක්, මේසයක්,…
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි. සීගිරිය අභයභූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවට බැවින් වන ජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය ආසන්නයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරකින් සීගිරි පව්වට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින් මහා වනාන්තරය මැද රූස්ස ගස් ඩෝසර් කොට විනාශ කර දමා වසර ගණනාවක සිට ඉතා හොර රහසේ විශාල වලවල් හාරා බොරලූ රැගෙන යාම සිදුවන බවත් ජනතාව පෙන්වා දෙති. වසර කිහිපයක සිට ඉතාමත් හොර රහසේ මෙය පවත්වාගෙන ගොස් තිබෙන බවත් එතෙක් වන ජීවීන් නිලධාරීන් මෙය නොදැක්කාසේ සිටියේ කෙසේදැයි ඔවුහු වැඩිදුරටද ප්‍රශ්න කරති. සීගිරිය වන ජීවී කාර්යාලයේ නිලධාරිනියකගෙන්…
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියයි. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත. සකල ලෝක සත්වය පාපයෙන් මුදවා ගැනීමට කුරුයේ ඇන ගසා ජීවිතය පූජාකර දවස් 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවෝ සමරති. පාස්කු ඉරිදා වෙනුවෙන් පැවැත්වුණු මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව ඊයේ (19) රාත්‍රී සෑම දේවස්ථානයකම පැවැත්විණි. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සහභාගී වූ විශේෂ දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත්වූහ. ජේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් ලොව පුරා කිතුණු බැතිමත්හු පාස්කු දිනය සමරති. දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවෝ විවිධ වත් පිළිවෙත් සිදු කළ අතර දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනය වන අදින්…
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය. මේ පොළොවට කෙදිනක හෝ පොහොර වන අපි රටට ආවේ කොහෙන්ද කියා සිතීම ඉතිහාසයට අයත් කරුණක් පමණක් බව කී ජනාධිපතිවරයා සියලු දෙනාගේ අයිතීන් සමව සලකන රටක් ගොඩනඟන බව අවධාරණය කළේය. ” මෙතැනින් පසු මේ වගේ ආණ්ඩු හැර වෙන ආණ්ඩු ආපහු හැදෙන්නේ නැහැ.ඒගොල්ලන්ට ආණ්ඩු හදන්න ඕන නම් අපි කරන දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපි ආණ්ඩුව ගොඩනැගුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ සියලු ජනතාවගේ සහභාගීත්වයෙන්.අප අදහස් ප්‍රකාශ කරන අයිතියට ගරු කරනවා.නමුත් කිසි දිනක යළි ජාතිවාදයට ඉඩක් දෙන්නේ නැහැ.තිබෙන නීති මදි නම් ජාතිවාදය පරදන්න අලුත්…
