Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අනුරාධපුර ශ්‍රවස්තිපුර තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක පිහිටි දේවාලයක් තුළ නියෝජ්‍ය පෙලිස්පතිවරයකුගේ බිරිදක ඇතුලු සැකකරුවන් පිරිසක් නිදන් වස්තූන් ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීම සම්බන්ධ සියලු විමර්ශන වාහාම අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තමින්තුවට පවරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතාා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් ජයවීර මහතාට අද නියෝග කළේය. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ මෙම නිදන් හෑරීමේ සිද්ධියට අදාළ නඩුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝෂමක් මගින් යළි කැදවා අධිකරණයට කළ විශේෂ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි. මෙම සිද්ධියේ සැකකරුවන් කැනීම් කර ඇති ස්ථානය පුරා විද්‍යා වටිනාකමක් ඇති පුරා…
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන් කොටුව මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාව විශේෂ බලකායේ හිටපු සෙබළුකු බව පොලිසිය කියයි. එම සැකකරු සමග අයිස් මත්ද්‍රවය ගෑම් 6 ක් , නයින් එම් එම් උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් , එම උණ්ඩ හතරක් හා ෂොට් ගන් එකක් පොලිස් භාරයට ගෙන ඇත. ඉකුත් 12 වෙනි හිටපු මන්ත්‍රීවරයා ස්කූටි වර්ගේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි මෙම සැකකරු සහ තවත් පුද්ගලයකු මීගොඩ නඳුන් උයන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි. එහි රියදුරු වශයෙන්…
කෘෂි අපනයන ගම්මාන 500 ක් පිහිටුවා එම ගම්මාන වල ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරන ගැටලු අවම කිරීම, කෘෂි නිෂ්පාදන වල ගුණාත්මක බව වැඩි කිරීම, කෘෂි භෝග පිලිබඳව සන්නාමයක් ඇති කිරීම තුළින් මෙම කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම මූලික අරමුණු බව ගන්නොරුව කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ උදාරි ශෂිකලා මහත්මිය බලංගොඩ රජවක ගොඩකුඹුරේ පිහිටි කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී පැවැසුවාය. ඇය මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් දිවයිනේ තෝරා ගත් කෘෂි අපනයන ගම්මාන 500 ක් පිහිටුවීමේ මූලික අධියරේ නිලධාරීන් පුහුණු කිරීමේ පලමු වැඩ මුළුවේ දීය. මෙම වැඩමුළුව බලංගොඩ රජවක ගොඩකුඹුරේ පිහිටි කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී ඉකුත්…
ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ නොකෙරුණු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකුට විධිමත් අනුමැතියකින් තොරව සහනදායි මෝටර් වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් අනුමැතියක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණු බවද එම වාර්තාවේ සඳහන් වේ. වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන උපදෙස් වලට පටහැනිව මෙසේ කටයුතු කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මේ අතර පාර්ලිමේන්තුවේ මියගිය විශ්‍රාම ගිය වැඩ තහනම් කළ හා සේවය…
සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම් වැටි දෙකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 40000/= ක ඉල්ලා එයින් රුපියල් 30000/= ක මුදලක් ලබාගත් පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකි. පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා තීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් තීරෝද රථය නවතා සිංගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම් වැටි දෙක හමුවී තිබූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ජාතිකයා අමතා මෙය අධිකරණයට ඉදිරිපත් කළොත් රුපියල් 50000/= ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් රුපියල් 40000/= ක් ඉල්ලා එයින් රුපියල්…
බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් අද උදෑසන 8.00 සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණය වී තිබේ. බරපතළ විෂමතාවයන් සහිතව සහ සෞඛ්‍ය සේවකයන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කළ “ස්ථාන මාරු නියෝග 2024” ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය. මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තිය කණ්ඩායම් 07 ක් සම්බන්ධ වන බවත් හෙතෙම කීවේය.
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කිලිනොච්චිය, අරවියෙල් නගර් පොලිස් විශේෂ කාර්‍ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සිම්පතක් සොරාගෙන බැංකු ගිණුමකින් සහ ණය කාඩ් පතකින් රු. 138,472 ක මුදල් ලබාගත් බව කියන එම කඳවුරේම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. පැමිණිලිකරු සහ සැකකරු යන උප පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනාම එකම කඳවුරේ සේවය කරනු ලබන අතර පැමිණිලිකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සිම්පත සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් සොරාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරුව සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයාවිසින් ඉකුත් ජූලි මස 31 වැනිදා සිට වරින් වර මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව සිදුකළ විමර්ශන වලින් පසු සැකකාර උප පොලිස්…
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා ඇප ඉල්ලුම් පත්‍රයයක්ද ගොනුකර තිබුණි. කෙසේ වෙතත් අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප විය.
ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ රට වලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් අද(20) දහවල් 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) ගොඩ ගැසී තිබේ. මේ දින වල ක්‍රියාත්මක වන තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස පාර්සල් ලිපි ගොඩ ගැසී ඇතැයි කියයි.
