Author: LANKA24X7

මෙරට වනගහනය වැඩි කිරීම සඳහා වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරමින් වනස්පති නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “මානව හිමිකම් රැකීම ජාතික ජන බලවේග රජයේ මූලික අරමුණක්.කිසිම භේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවට මානව හිමිකම් ආරක්ෂා කර දීම ජාතික ජන බලවේග රජයේ අරමුණයි.හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ඒ වෙනුවෙන් අප පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.බංකොලත් වූ රටක ඒ සඳහා ආරම්භයක් ලබා ගැනීමේ දී ආර්ථිකය සංවර්ධනය සම්බන්ධයෙන් වැඩිපුර හිතා බලන්නට වෙනවා.මේ රටේ ජනතාවට යහපත් පරිසරයක ජීවත් වීමට ඉඩ සැලසීමද මානව හිමිකම් වල එක් අංශයක් බව කිව යුතුයි යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය ලබා දීමට අද පෙරවරු නවයට පමණ පැමිණියේය. පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මෙලෙස අත්අඩංගුවට පත්විය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ගිය විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය. වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අනතුර…

Read More

සංවිධානාත්මක අපරාධ නතර කිරීම සඳහා ශක්තිමත් නව පනතක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සැප්තැම්බර් මුල විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කීය. “අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය හා වන්දි ගෙවීම් පිළිබඳ කාර්යාලයේ ක්‍රියාවලිය පසුගිය කාලයේ දුර්වල කර තිබුණා. එමෙන්ම ආබාධ සහිත වුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ නීතියද අප ලබන වසරේ පාර්ලිමේන්තුවේ සම්මත කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කෙටුම්පත ලබන මස ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වූ ප්‍රධාන කාරණයක් බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවේ කටයුතු මේ මස අග අවසන් කරන බවද අමාත්‍යවරයා පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රටේ දැනට භාවිතා වන බව පැවසූ අමාත්‍යවරයා එය භාවිතා වන්නේ ජාතිවාදී ආගමික කොටස් ඉලක්ක කර නොවන බවද සඳහන් කළේය . එය දැනට භාවිතා වන්නේ පාතාලය මර්දනය කිරීමට බවද හෙතෙම පැවසීය.

Read More

හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදී තිබේ. ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අලුත්වැඩියාවක් සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ය.

Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. “ආර්ථිකයේ කොයිතරම් දුරට ශක්තිමත්ව ගලා ගෙන යනවාද යන්න පෙන්නුම් කරන ක්ෂේත්‍රයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය හඳුනාගත හැකියි. ඉදිකිරීම් ශක්තිමත් නම් ආර්ථිකය ශක්තිමත් බව හඳුනාගත හැකියි.නව රජය බලයට පත්වන විට ආර්ථිකය ස්ථායී කිරීමේ අභියෝගය පවතින බව අප දැනගත්තා. රුපියල ස්ථාවර කිරීම මෙන්ම පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන එන්නට අපට හැකි වී තිබෙනවා.ඒ වගේම නාස්තිය දූෂණය අවම කරන්න හැකි වී තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව ප්‍රතිපත්ති තීන්දු කීපයක් ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා කර තිබෙනවා.ඉදිකිරීම් සංවර්ධන පනත හෙවත් සිඩා පනත සංශෝධනය කිරීම සඳහා…

Read More

වරෙන්තු කර සිටින හිටපු අමාත්‍ය නම්බුකාර හැළඹගේ රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න යන අය තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණයෙහි පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නිළධාරීන් ඒ මහතාට අයත් මාලඹේ තලාහේන මුත්තෙට්ටුගොඩ පාර පිහිටි නිවසේ ඊයේ (21) දින දැන්වීම් ඇලවීමට කටයුතු කළේය. විදේශීය සමාගමක් මගින් ඉල්ලුම් නොකළ ව්‍යාපෘති යෝජනාවකට අවධිමත්ව අනුමැතිය ලබා දීම සහ කැනීම් යාන්ත්‍රායක් අවධිමත්ව බදු පදනම මත ලබා දී ඇති බවට වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නොතීසි නිකුත් කර ඇති හෙයින් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මෙලෙස දැන්වීම ඇලවීම සහ ප්‍රසිද්ධියේ ශබ්ද වාහීනී යොදා ගනිමින් දැනුම් දීම සිදු කරනු ලැබිණි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන අගෝස්තු 29…

Read More

වර්ජනය අත්හිටුවා සාකච්ඡා කිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. වර්ජනය අත්හිටුවා සාකච්ඡාවට එන්නැයි තැපැල්පතිවරයා ප්‍රමුක බලධාරින් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය. තැපැල් වර්ජනය හේතුවෙන් අද (21) දිනයේත් ලිපි හා පාර්සල් ප්‍රවාහනය ඇතුලු සියලු තැපැල් කටයුතු අඩපන විය. සේවක හිඟය, අතිකාල දීමනා ඇතුලු වැටුප් ගැටලු මුල් කරගනිමින් පසුගියදා (17) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයෝ සියලුම සේවාවලින් ඉවත් වී අඛණ්ඩ වර්ජණයකට අවතීර්ණ වූහ. තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ලිපි සහ පාර්සල් ඇතුලු තැපැල් භාණ්ඩ ලක්ෂ 17කට අධික ප්‍රමාණයක් තවදුරටත් ගොඩ ගැසී ඇතැයි ද ඔහු සඳහන් කළේය. මෙයට…

Read More

සංවිධානාත්මක හා අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් පස් මහල් ගොඩනැගිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගනු ලැබීය. එම ගොඩනැගිල්ල දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ලබාගත් ගොඩනැගිල්ලක් බවට අනාවරණයවීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ භාරයට ගත්තේය. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මීට පෙර දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිය, ඔහුගේ සහෝදරියට සහ පුත්‍රයාට එරෙහිව නීති විරෝධීව උපයාගත් දේපොළ සම්බන්ධයෙන් නඩු පවරා තිබුණි. මත්ද්‍රව්‍ය හා පාතාල සාමාජිකයන් විසින් නීති විරෝධීව උපයාගත් බව කියන දේපොළ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන විමර්ශනවලට මෙම ගොඩනැගිල්ල ක්‍රියා…

Read More

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කියයි.

Read More