Author: LANKA24X7

දික්කසාද නඩුවක තීන්දුව කාන්තාවට වාසිදායක වන අන්දමට දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී කදුරුවෙල ක්වාසි විනිසුරුවරයා සහ එහි ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. උදාළ කාන්තාව විසින් කළ පැමිණීල්ලකට අනුව කළ වැටලීමකදී කදුරුවෙල ක්වාසි අධිකරණ පරිශ්‍රයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අතර හමුවක් ඊයේ (4) ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරි එයාර් කොමොඩෝර් බුද්ධික පියසිරි මහතා විසින් යුද හමුදාපතිවරයා පිළිගනු ලැබූ අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමනු ලැබීය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ යුද හමුදාපතිවරයා සුහද කතා බහක නිරත වූ අතර, අනතුරුව දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් කරමින් සමරු ඵලක හුමවාරුවක්ද සිදු කරනු ලැබීය. මේ අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.

Read More

ආණ්ඩුව මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගන්නා ගමන් ජනතාව මත බර පටවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ රටේ වගකීම ඕනෑම වෙලාවක බාර ගැනීමට තමා සූදානම් බව පැවසූ විපක්ෂ නායකවරයා රට දිනෙන් දින අගාධයට යමින් සිටින බවද ප්‍රකාශ කළේය. ණය වාරික දෙන්නේ ආණ්ඩුව විදුලි බිල තෙල් මිල වැඩි කළ නිසා බවද ඔහු කීවේය.

Read More

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ලොරි රථ රියැදුරකුට නීති ක්‍රියාත්මක නොකර සිටීම සදහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. එම සිද්ධිය වාර්තාවීමට දින 2 කට පෙර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් රාජකාරී සිදුකිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබදව විශේෂ දේශනයක්ද සිදුකර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම සැරයන්වරයා සහ කොස්තාපල්වරයා මිරිහාන, කොළඹගේ මාවත ප්‍රදේශයේදී අපරාධ වැළැක්වීමේ යතුරුපැදි සංචාරක රාජකාරියේ යෙදී සිටියදී වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් පොලිස් නිලධාරීන් දැක පලායාමේදී සැකකාර සැරයන්වරයා…

Read More

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් සිදුකර තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (04) භාරදෙනු ලැබීය. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව මෙම පරිත්‍යාගය ලබා දීම විශේෂත්වයකි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read More

ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවය බවත් ඒ සඳහා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය. ඉතා හොඳ දත්ත පද්ධතියක් මඟින් සහනාධාර ලැබිය යුතු ජනතාව නිවැරදිව හඳුනාගත් යුතු බවත් ඒ තුළින් ග්‍රාමීය ජනතාවට සහනාධාර ලබාදෙන ආකාරය නිවැරදිව සිදුකළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ග්‍රාමීය ජනතාවට ආධාර ලබාදෙන සියලු වැඩසටහන් ඒකාබද්ධ කළ යුතු බවත් එයට රාජ්‍ය නිලධාරීන් අවංකව මැදිහත් විය යුතු බවත් ‘ප්‍රජාශක්ති‘ ජාතික වැඩසටහනේ සමාරම්භයට කොළඹදී එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.

Read More

හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ 28 වන කිලෝ මීටරයේ ඇති කයිකාවල පාලමේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතර තුර ඇති වී ඇති හදිසි ආපදා තත්වයක් හේතුවෙන් එම පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව මීමුරේ වෙත විනෝද සංචාර හා අනිකුත් අවශ්‍යතා සදහා නැවත දන්වන තුරු පැමිණීමෙන් වලකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා ඉල්ලා සිටියි

Read More

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. එ අනුව ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම කොළඹ අලුත්කඩේ අධිකරණය නියෝග කර ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට එළැඹෙන සඳුදා දින (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බවය. ඒ අනුව එළැඹෙන සඳුදා දින පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශයන්හී ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවද එම මණ්ඩලය මහජනතාවට දැනුම් දී තිබේ. ජල සැපයුම අතිහිටුවන ප්‍රදේශ – පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර,…

Read More

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් කාන්තාවට වාසිදායක ලෙස තීන්දුව ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවය. සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාල පරිශ්‍රයේදීය. ඒ අනුව සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More