Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 60 ක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. මෙම පෙත්සම් නිසි කාල සීමාව තුළ ඉදිරිපත් කර නොතිබීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බව අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා උප්පැන්න…
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත සහ හම්බන්තොට, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද (21) රාත්‍රී 11 දක්වා අදාළ නිවේදනය වලංගු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර ඇත. තුවාල ලැබු අය අතර බස් රථයේ ගමන් ගත් රියදුරු සිටින බව පොලීසිය පවසයි. ඔවුන්ගෙන් 20 දෙනෙකු ප්‍රථිකාර ලබාගෙන පිටව ගොස් ඇති අතර රියදුරු සහ යුධ හමුද සෙබළෙකු තවදුරටත් රෝහලේ ප්‍රථිකාර ලබයි. අද (21) උදෑසන එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
සමහර ඇමැති බංගලාවල වටිනා කොටස් ගලවාගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. ඇමැති බංගලා රැසක් කැලෑ වැදී ජරාවාස වී ඇතැයිද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. කාලයක් තිස්සේ පාවිච්චි නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.මේ අතර ඇමති බංගලා අතුරින් කිහිපයක් පාවිච්චියට ගත නොහැකි අන්දමට අබ ලන්ව ඇතැයි අමාත්‍යාංශය පවසයි. පාවිච්චියට ගැනීමට පෙර ඒවා පිළිසකර කිරීමට සිදුවන බවත් ප්‍රතිසංස්කරණය සඳහා මුදල් සොයා ගැනීම ගැටළුවක් බවත් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. කොළඹ නගරයේ ඇමැතිවරුන්ට වෙන් කෙරුණු බංගලා පනහක් පමණ පවතී. මෙම බංගලා පාවිච්චි නොකිරීමට නව රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෙම ඇමති…
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන් පිරිසක් රජයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත. තමන්ගේ පරිහරණයට අලුතින් වාහන ගැනීමට සිදුවුවහොත් මේ මොහොතේදී ඒ සදහා අතිරේක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයිද එම ප්‍රධානීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත. මේ අතර පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ වැඩි එන්ජින් ධාරිතාව සහිත සුපිරි සුඛෝපභෝගී වාහන දෙකක් විකිණීමට මිල ගණන් කැඳවනු ලැබුවත් තක්සේරු මිල ගණන්වලට අනුව එම වාහන මිලදී ගැනීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ මේ හේතුවෙන් එම වාහන දෙක සඳහා යළි ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත. රජයේ ආයතන සන්තකයේ පවතින සුපිරි වාහන වෙන්දේසි…
තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. මෙ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු අයි එස් අයි එස් සංවිධානය බව ඇමරිකාවේ සී අයි ඒ සංවිධානය නිකුත් කළ වාර්තාවෙන් පැහැදිලි වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් රහස්‍ය තොරතුර හෙළි කරන්නේද නොකරන්නේ ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය. පාස්කු මහමොළකරු සෙවීමට අද අවශ්‍යව ඇත්තේ එක් අයකුට පමණක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා තමාට මේ රටේ නැවත ජනාධිපති වීමට අවශ්‍යතාවක් නැතැයිද ප්‍රකාශ කළේය.…
මධ්‍යම පළාත, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට දිවයිනේ සෙසු සියළුම ප්‍රදේශවල අද (21) මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර යන පළාත්වල මෙන්ම රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර දක්වා ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි. ඉන් වන බලපෑම් අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම සහ සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම ආදිය කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
යාපනය පේදුරුතුඩුවේ නිවසක් කොල්ල කෑමට ගිය තරුණයෙකු එල්ල කළ පිහි පහරකින් වයස අවුරුදු 69 ක් පමණ වන කාන්තාවක් මියගොස් ඇති බව පේදුරුතුඩුව පොලිසිය සඳහන් කරයි. කොල්ලකෑමට ලක්වූ නිවස තුළ කාන්තාවන් දෙදෙනකු පමණක් ජිවත්ව ඇති අතර එහිදී එක කාන්තාවක් ඊයේ (20) උදෑසන පල්ලියට ගොස් තිබේ. මෙම අතරවාරයේදී කොල්ලකෑමට පැමිණි අසල්වැසි තරුණයෙකු විසින් නිවසේ සිටි අනෙක් කතට පහරදී පිහි ප්‍රහාරයක්ද එල්ල කොට ඇති අතර එහිදී අදාළ කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබේ. කොල්ලයට පැමිණි 20 හැවිරිදි තරුණයා පේදුරුතුඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කුඩාඔය , මහයාය ප්‍රදේශයේදී ඊයේ (20) අකුණු සැර වැදී සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි .මෙලෙස මියගොස් ඇත්තේ ඇතිලිවැව මහආරගම මහයාය ප්‍රදේශයේ පදිංචි ඩී.එම් නන්දා මාලනී (38) නැමති කාන්තාවකි.ඇය නිවාස ආසන්නයේ පිහිටි වගාබිමේ පොද වැස්සේ වැඩකරමින් සිටියදී සවස පහට පමණ අකුණු සැර වැදීමෙන් තුවාල ලබා දෙහිගස්හංදිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඇය එසේ පැවසුවාය. කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් එම පුළුල් අධ්‍යාපන පරිවර්තනය කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය, විභාග ක්‍රමවේදය, පාසල්වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.…
