Author: LANKA24X7

සමාජ මාධ්‍ය තුළ එක් පුද්ගලයෙකු නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අනාවැකි පලකිරීම තුළ අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (23) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක නීතියේ සඳහන් නොවන තුන්වන පාර්ශවයකට නීතියේ අවසන් ක්‍රියාවලිය පුරෝකථනය කළ නොහැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එය බොහෝම භයානක තත්ත්වයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමට නම් රටේ ජනතාව නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය නිවැරදි බවට විශ්වාස කළ යුතු බව ද…

Read More

මහරගම නාවින්න සුපිරි ප්‍රදර්ශනාගාරයක් ඉදිරිපිට දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි එම සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 20450 ක් පොලිස් භාරයට ගෙන ඇත මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ දෙහිවල කළුබෝවිල විමල පාරේ පදිංචි හිටපු හමුදා නිලධාරියෙකි සැකකරු කහතුඩුවෙහි කිරොත්තුඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකාය 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

Read More

ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්‍යෙන් ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමේදී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදිය යුතු වුවත් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට මේ දිනවල සමාජයේ විශාල කතා බහක් නිර්මාණය වී ඇති ටෙන්ඩරයට ලබාදී ඇත්තේ සති තුනක කාලයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (22) ප්‍රකාශ කළේය. හදිසි අවස්ථාවක් නිසා එම ටෙන්ඩරය සඳහා වන කාල සීමාව සති තුනට අඩු කිරීමට සිදුවූ බව ආණ්ඩුව පැවැසුවත් එම හදිසි අවස්ථාව කුමක්දැයි තවමත් රජය ප්‍රසිද්ධ කර නැතැයි ජයගොඩ මහතා පැවැසුවේය. ටෙන්ඩරයක් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාල සීමාවක් ලබා නොදුන්විට ඒ සඳහා උනන්දු පාර්ශ්වයන්ට ලංසු ඉදිරිපත් කිරීමට තිබෙන අවස්ථා මග…

Read More

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) සහ හෙට (24) දුම්රිය අවලංගු කිරීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එලෙස අවලංගු කෙරෙන සහ ප්‍රමාද වී ධාවනය කෙරෙන දුම්රිය මෙසේය.

Read More

මහ බැංකු අධිපතිවරයාව සිටියදී සිය බෑනාගේ සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් කළේ යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සැප්තැම්බර් මස 26 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඊයේ (22) යළි නොතීසි නිකුත් කළාය. අල්ලස් කොමිසම විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ පැවරු පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව අදාල නොතීසිය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද නියෝග කළාය. සිංගප්පූරුවේ වාසය කරනවා යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට 2024 වසරේදී…

Read More

යාපනය පොලිස් වසමට අයත් කොට්ටඩි ප්‍රදේශයේ තිබී ගිනි අවි 30ක් හා පතුරම් තොගයක් ඊයේ (22)දා සොයා ගත බව පොලිසිය සදහන් කරයි. පුද්ගලික ඉඩමක් තුල තිබී මෙම ගිනි අවි හා පතුරම් තොගය සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ. අදාළ ඉඩමේ වැසිකිලි වැලක් කැපීම සදහා යාමේදී මෙම ගිනි අවි හා උන්ඩ තොගය නිවැසියන්ට හමුව ඇති අතර පසුව නිවැසියන් විසින් ඒ පිළිබද යාපනය පොලිසිය දැනුවත් කර තිබේ. පසුව පොලිසිය යාපනය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිඅකරන නියෝග මත එම ප්‍රදේශයේ අවි යුධ සොයා පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී ටි . 56 වර්ගයේ ගිනි අවි 30 ක් උන්ඩ 5000 ක් පමණ සොයා ගැනීමට පොලිසිය…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගෙන දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවට සුදත්ත තිලකසිරි නැමැති පුද්ගලයකු යූටියුබ් හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය ලබා ගැනීමටත් පෙර මෙම පුද්ගලයා තීන්දුව හරියටම ප්‍රකාශ කරන්නේ කෙසේදැයි විමර්ශනය කරන ලෙස එජාප නීතිඥයන් කළ පැමිණිල්ලේ සඳහන්ය. අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නීති අංශයේ නීතිඥ නලින් පතිරණ මහතා පැවසූයේ අධිකරණයෙන් දීමට නියමිතව තිබෙන තීන්දුවක් අදාළ ප්‍රකාශය කළ තැනැත්තා විසින් කලින් ප්‍රකාශ…

Read More

විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනාට රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඊයේ (22) රාත්‍රී පැවසීය. හිටපු ජනාධිපතිවරයා ඊයේ (22) රාත්‍රී 10.45 ට පමණ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ බව ද එම නිලධාරියා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවද නැද්ද තීරණය කරන නොමැති බවත් එම තීරණය වෛද්‍ය නිර්දේශ මත තීරණය වන බවත් එම නිලධාරියා කීය.

Read More

රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් හොරයින් මත්කුඩු තොගයක් සහ මුදල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 8 ගෑම් 168 අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666 , මත් ජාවාරමින් උපයා ගන්නා ලද බවට සැකකරණ රුපියල් 823,000.00 , විද්‍යුත්තරාදි තුනක් වෑන් රථයක් මෝටර් රථයක් තීරෝද රථයක්, වහන අංක තහඩු කීපයක් හා යතුරුපැදී දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා කුලී පදනම මත නිවසක් ලබාගෙන විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනු දැනුම මත මෙම ජාවාරම සිදු කරන බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග තිබෙනවා. ඒ ඔහුව අද (22) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වන අතර, එහිදී හිටපු ජනපතිවරයා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ. 2023 වර්ෂයේ දී නිල සංචාරයකට ගොස් ආපසු එන අතරතුර එංගලන්තයේ පැවති තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය අරමුදල් භාවිතා කළ බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනපතිවරයා අද පෙරවරුවේ අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත පැමිණි අතර, එහිදී ඔහු අත්අඩංගුවට ගැනුනා. මෙරට ඉතිහාසයේ පළමු…

Read More