Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වාහන රැගත් නෞකා දෙකක් මෙම මස 10 සහ 12 දෙදින හම්බන්තොට වරායට ළගාවීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ඊයේ (28) පැවසීය. එම වාහන තොගයේ ද ජපන් වාහන ඇතුළත්ව ඇති බව කී මානගේ මහතා එම නෞකා දෙකේ වාහන සියයට අධික ප්‍රමාණයක් ඇති බව ද සඳහන් කළේය. වාහන ආනයනය සීමා ලිහිල් කිරීමෙන් පසුව ජපානයෙන් පැමිණි පළමු වාහන තොගයෙන් ගොඩබෑ වාහන 200 කට ආසන්න තොගයේ වාහන ඉදිරි දින කීපයේදී ජනතාවට පරීක්‍ෂා කළ හැකි බවත් ඉදිරියේදී ජනතාවට පහසුවෙන් වනාහන වර්ග කීපයක් තෝරාගැනීමේ අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය.
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මාර්තු මස වෙනස් නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. ඒ අනුව ලාෆ් ගෑස් පෙබරවාරි මස පැවති මිලම තවදුරටත් පවතින බව ද පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පෙබරවාරි මාසයේ උද්ධමනය තවදුරටත් පහත ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (28) නිවේදනය කළේය. (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි. උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට -4.2ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය ජනවාරි මාසයේ සියයට -4.0 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පෙබරවාරි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට -0.2 දක්වා වැඩි වී ඇති අතර එය ජනවාරි මාසයේ සියයට -2.6% ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය. පෙබරවාරි මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට -6.1ක් දක්වා අඩු වී ඇති අතර එය ජනවාරි මාසයේ සියයට -4.7 ක් ලෙස වාර්තා…
වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. නැතිනම් වරප්‍රසාදවලට මුවාවී මන්ත්‍රීවරුන් බොරු කියන බවද මන්ත්‍රීවරයා කීය. “වර්තමානයේ ජාතික ආරක්ෂාව දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා.ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය සමඟ බැඳී පවතිනවා.තිරසර සංවර්ධනයක් නැති තැන ජාතික ආරක්ෂාවක් නෑ.වඳුරෙක් රිලවෙක් පැන්නාම රටේම ලයිට් යනවා නම් ජාතික ආරක්ෂාව ගැන වෙනම කතා කරල වැඩක් නෑ.පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොලකරු ගැන අදටත් කතා කරනවා.එදා පාස්කු ප්‍රහාරයට කලින් බුදු පිළිම කැඩුවා,විවිධ ඝාතන සිදු වුණා. එකල ආණ්ඩුව පැවසූයේ ඒවා හුදෙකලා සිද්ධි ලෙසයි.එදා සිද්ධි දාමයේ බැඳීම් අධ්‍යයනය කළා නම් පාස්කු ප්‍රහාරයේ වලක්වා ගන්න තිබුණා.අවසානයේ ජාතික ආරක්ෂාව…
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හයදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය. සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මීට වසරකට පමණ පෙර මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී වැලිගම පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රති ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොටඨාශයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ අවසානයේ මෙය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය. උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයට අදාළව පිටු 80කින් යුත් තීන්දුව ප්‍රකාශයට පත්…
අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම තුළ යම් කුමන්ත්‍රණයක් තිබේයැයි හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවසීය. ජාතික ජන බලවේග රජය යටි බිම් ගත අපරාධ රාජ්‍ය සමඟ හැප්පී එය අවසන් කරන බවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගී වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය. ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති බවත් ජනතාව විශාල බියකින් ජීවත් වෙන බවත් ආණ්ඩුව ඉල්ලා අස්වීමට සිදුවන බවටත් මතයක් සමාජ ගත කරමින් තිබුණා. අපි ජනපතිවරණය ජයගත් පසුව මහ මැතිවරණයේදී ආණ්ඩුවක් හදන බවට විපක්ෂය මතයක් ගෙන ගියා.නමුත් මහ මැතිවරණයේදී වුනේ කුමක්ද?අපට වඩාත් ප්‍රබල ජයක් ලැබුණා.
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. ඒ අනුව පෙබරවාරි මස පැවැති මිලම තවදුරටත් පවතින බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ මූලික වැටුප ඉහළ දැමීම සාධාරණ වුවද සෙසු දීමනා අනුපාතය අඩු කිරීම සර්වසාධාරණ නොවන බවත් ඒ පිළිබඳව ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන මහතා ඊයේ (28) පැවසීය. වෛද්‍යවරුන්ගේ මූලික වැටුපට සාපේක්‍ෂව අමතර රාජකාරිවලට ගෙවන අනුපාත අඩුකර ඇතැයි වෛද්‍යවරු තුළ කණස්සල්ලක් පවතින බව කියන වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන මහතා අමතර රාජකාරිවලට ගෙවූ මූලික වැටුපෙන් 80 න් 1 ක කොටස 120 න් 1 ක් දක්වාත්, නිවාඩු දින රාජකාරිවලට ගෙවූ 20 න් 1 ක 30 න් 1 ක් දක්වාත් අඩු කිරීමට අයවැයෙන් යෝජනා කර ඇති බව ද ඒ…
බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් හෙට දින (01) එම මහා මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඔරුගොඩවත්ත සිට වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් සිදු කිරීමට සිදුව ඇති බවය. ඒ අනුව හෙට දින උදෑසන 09.00 සිට පස්වරු 04.00 දක්වා එම මාර්ගය වසා තැබෙන බවද එම නිවේදනයේ සඳහන් ව තිබේ.
පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වංගු කාලය දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවය. එහි මීට පෙර සඳහන්ව ඇත්තේ, 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බවය.