Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගලෙන් බිඳුණුවැව පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පදිංචිව සිටි විවාහක නිල නිවසක භූමියේ සඟවා තිබූ විවිධ වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ 341ක් සහ අත් බෝම්බ දෙකක් ගලෙන්බිඳුනු වැව පොලිසිය මගින් සොයා ගත් ගලෙන් බිඳුණුවැව පොලිසිය පවසයි. ටී 56 උණ්ඩ 281ක් සමග එම මැගසින් පහක්, එස් එල්, ආර් වර්ගයේ උණ්ඩ , 84එස් වර්ගයේ උණ්ඩ 06ක්, 84එස් පුහුණු උණ්ඩ 07ක්, මිලිමීටර් 6 පිස්තෝල උණ්ඩ 03ක්, එස් ඒම් ජී මැගසීන් 1ක් සහ අත් බෝම්බ හතරක් සොයා ගත් භාණ්ඩ අතර තිබූ බවයි පොලිසිය සඳහන් කළේය. මෙම නිල නිවසේ සිටි පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පවුලේ අය සමඟ ඉහත නිවසේ පදිංචිව සිට ඇති අතර 2022.2.11 දින වැඩ…
පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකි. තිස්සමහාරාමයේ පදිංචි ඉහත දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට ඊයේ 02 රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශය 119 වෙත ලද දැනුම් දීමකට අනුව පොලිසියේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි ඉහත සැකකාර සැරයන්වරයා දැරියගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. දැරිය උපකාරක පංතියකට යන බව පවසා ඇයගෙ පෙම්වතා සමග කිරින්ද ප්‍රදේශයට ගොස් ඇති බවට මවට සැලවීමත් සමඟම…
වසර 16කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා ඇත. මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව අද (2) මහනුවරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව පැවසීය. ‘සිරි දළදා දැක්ම’ නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීවමට කටයුතු යොදා ඇත. දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 3ට ආරම්භකර ප.ව. 5ට අවසන් කෙරේ. ඉන් අනතුරුව 19වනදා සිට දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මස මහනුවරට ගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පවසා සිටියේ, එළැඹෙන…
මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා තරඟ සහ පාසල් ක්‍රිකට් තරඟ හේතුවෙන් දරුවන් අධික දූවිලි මට්ටම්වලට නිරාවරණය විය හැකි බැවින් ඔවුන්ගේ ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. වාතයේ පවතින අධික දූවිලි මට්ටම හේතුවෙන් ඇදුම රෝගයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවේ කැපීපෙනෙන වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. රෝහල් තුළ ඇදුම රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, විශේෂයෙන් රාත්‍රියේදී තම දරුවාට දිගින් දිගටම කැස්සක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මව්පියන් කටයුතු කළ යුතු බවත් ඔහු කීය. පවතින අධික උණුසුම් තත්වය හේතුවෙන් පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා…
ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (2) පස්වරුවේ පැවසීය. ඉන්ධන පිරවුම්හල් සතුව තිබූ ඉන්ධන තොග තවදුරටත් ජනතාවට බෙදාහරින බවත් එම තොග අවසන් වූ පසු හෙට (3) පෙරවරුව වන විට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල තොග අවසන්වනු ඇති බවත් එම නිලධාරියා කීය. එම ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ද කී එම නිලධාරියා රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ද සඳහන් කළේය. ඉන්ධන පිරවුම්හල්වලට සෙනසුරාදා…
රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් හා එහි රියදුරු මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (01) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් මත්පෙති නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මෙරටට රැඟෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව කොළඹ – මීගමුව ප්‍රධාන මාරගයේ කොප්පරා හන්දියේදී වෑන් රථයක් පරික්ෂා කර තිබුණි. එහි තිබී රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති ලක්ෂ 05ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරීම හේතුවෙන් වෑන් රථයේ රියදුරු,ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය…
පේදුරුතුඩුවේදී පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට පොලීසිය පසුපස හඹා ගොස් වැල්වැටිතුරෙයි හිදී වෙඩි තබා තිබේ. පොලීසිය පැවසුවේ මෙම රථය තුළ වැලි සහ සැක සහිත මත්ද්‍රව්‍ය පටවා ගෙන යමින් ඇති බවට සැක කෙරෙන බවය. එහිදී රියදුරු සහ සහයකයා එම ස්ථානයෙන් පලා ගොස් ඇත. පසුව රිය සහයකයා මන්දිගයි රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් වී ඇති බව රොහල් බලධාරින් පොලීසිය වෙත දන්වා තිබේ.
මිහින්තලේ නගරයේ පිහිටි ආපන ශාලාවක් තුලදි බහින් බස් විමක් දිග දුර ගොස් ඇතිවු ගැටුමකදි මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මිහින්තලය පොලිසිය කියයි. මෙසේ රෝහල් ගත කොට ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු,රජරට විශ්වවිද්‍යාලයේ සිසුවෙකු හා ආපන ශාලාවේ සේවකයෙකි. හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ගැටුම සිදුවු ආපන ශාලාවේ සිටියදි රාත්‍රි ආහාර ගනිමින් සිටි රජරට විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සමග බහින් බස් විමක් දුරදිග ගොස් පහර දිමක් සිදුව ඇති බව පොලිසිය කියයි. පසුව එම ස්ථානයට පැමිණි රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාටද පහරදි තිබේ.එම සිද්ධියෙන් තුවාල ලැබු හිටපු ප්‍රාදේශිය…
මහවෙල ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 6 දෙනෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයුක්තව විශේෂ යතුරුපැදි අංශයේ රාජකාරී කරන නිලධාරියකු බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් මාතලේ, මහවෙල, කටුගස්තොට, මහනුවර, රත්තොට ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 35 ත් වයස්වල පසු වන පිරිසකි. මෙම සාදයට ඇතුළු වීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක මුදලක් අය කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම…
ගල්නෑව නගරයේ පැරණි යකඩ බඩු අලෙවි කිරිමේ නිරත ව්‍යාපාරිකයෙකු ගෙන් රැපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබාගැනිමට උත්සහ කළ උප පොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (01) අල්ලස් දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකි. පුද්ගලයෙකු විසින් කොළ මඩින යන්ත්‍රයක් යකඩ සදහා ගල්නෑව නගරයේ පැරණි යකඩ බඩු අලෙවි කරන ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරිමේදි ඇතිවු ගැටුමක් සමථයට පත්කිරිම සදහා එම ව්‍යාපාරිකයා ගෙන් රැපියල් තිස් දහසක මුදලක් ලබාගැනිමට උත්සහ කළ අවස්ථාවේදි අල්ලස් දුෂණ විමර්ශණ කොමිෂමේ නිලධාරින් විසින් මෙම පොලිස් නිලධාරින් දෙදෙනා…