Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී සාකච්ඡා කෙරිණ. ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකානු හමුදාව පෙරේදා(21) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මැද පෙරදිග රටවල් බොරතෙල් අපනයනය සඳහා භාවිත කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඊයේ(22) ඡන්දය භාවිත කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වන අතර එය ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකකි. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් ප්‍රවාහනය වන අතර එය ලෝක බොරතෙල් පරිභෝජනයෙන් සියයට 20 කි. එසේම ද්‍රව වායුද අපනයනය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය…
රාජ්‍ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් අැතුලු සියලු පුද්ගලයන්ගේ ( වයස නොසලකා) වත්කම් පිළිබඳ විස්තරද ඇතුළත් කරන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී ඇත. දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව අනිවාර්යයෙන්ම එසේ කටයුතු කළ යුතු බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. දේශපාලඥයන් ඇතුළු ඇතැම් ප්‍රබල පුද්ගලයන් සිය වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින් තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම නව ක්‍රියාමාර්ගය මගින් එවැනි කටයුතු වැලකෙනු ඇතැයි ආරංචි මාර්ග කීය. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලුම රාජ්‍ය නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වැනිදාට ඇති සියලු දේපළ පිළිබඳ විස්තර අැතුළත්…
ග්‍රාමිය මාර්ග 1800ක් වසර අවසන් වීමට පෙර සංවර්ධනය කරන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ජනාධිපතිතුවරයාගේ උපදෙස් මත මිලියන 5,000ක අමතර මුදලක් රටේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලබා දී ඇති බවත් ඉලක්කගත සංවර්ධනයක් තුළින් ජනතාවගේ ජීවිත ලස්සන කරවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. “ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අවිස්සාවේල්ල ප්‍රදේශයේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය. සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොස්ගම දකුණු කඩුගොඩ පුස්සැල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර මීට සමගාමීව දිවයින පුරා ස්ථාන 57ක දී ග්‍රාමිය මාර්ග ව්‍යාපෘති 57ක වැඩකටයුතු ආරම්භ කෙරිණ.
කිරිඇල්ල මැද-ගලතුර කෝට්ටබන්ඩාව වතු නිවාස ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ත්‍රී රොදරථ රියදුරෙකුට පිහියකින් ඇන කපා කොටා ඝාතනය කර ඔහු සතු රුපියල් 25,000ට ආසන්න මුදලක් රැගෙන පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවිතිගල උඩකරවිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකි. සැකකරුගේ හෙලිකිරීම මත අඟල් 8 ක් දිග තියුණු පිහිය ඝාතනය කළස්ථානයේ කැලෑරොදක තිබී කිරිඇල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ. පසුගිය 18 වැනිදා මෙසේ ඝාතනය වු ත්‍රිරෝදරථ රියදුරු වන අජිත් පෙරේරා (63) රත්නපුර නගරයේ පදිංචි අයකු වන ඔහු රත්නපුර ප්‍රධාන බස් නැවතුන් පොල අසල ත්‍රිරෝද රථ රියදුරෙකු වශයෙන් රැකියාවේ නියැල්ලෙන්නෙකි.
කොහුවල කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මෝදර නිපුණ නමැත්තාගේ සමීප ඥාතිවරියන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. ඉකුත් 15 වැනිදා එම වෙඩි තැබීම සිදුවී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක මුදල් නොගෙවිමේ සිද්ධියක් මත යැයි පොලිසිය කියයි. එමෙන්ම සැකකරුවන් සමග තීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූවන් අතරින් එදින වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුගේ බිරිඳ සහ බිරිඳගේ මවද වන බව පොලිසිය කියයි. වෙඩික්කරු වෙඩි තැබීමේ සිද්ධියට පසු දින (16) ඩුබායි රාජ්‍යයේ බලා පලා ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිටදී කුලී තීරෝද රථ රියදුරුව තවත් පිරිසක් සමඟ එක්ව පැහැරගෙන ගොස් පහරදී මහමග දමා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි. මුල්ලේරියාව ප්‍රදේශයේ සිට පිරිමි පුද්ගලයන් තිදෙනකු පෑලියගොඩ ප්‍රදේශයට කුලී ගමනක් රැගෙන ආ බවත් පෑලියගොඩ බියගම පාර කළු පාලම ආසන්නයේ දි පැමිණි එක් පුද්ගලයකුත් තීරෝද රථයෙන් බැස මුදල් නොදී යාමට උත්සාහ කිරීමේදී රියදුරු ඊට විරුද්ධ වී බහින්බස්වීමක් සිදුවී ඇති අතර එය දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තීරෝද රථයට ද අලාභානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) පෙරවරුවේ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී සිදු විය. ජනාධිපති අරමුදලේ සියලු සේවා කටයුතු බිම් මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සඳහා වන විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ උතුරු පළාත් වැඩමුළුවද මීට සමගාමීව ඊයේ (21) දිනය පුරා කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනිම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වැනි දා සිට ඇරඹිණි. මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික…
ඊශ්‍රායලය හා ඉරානය අතර ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය මත ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය. “අනපේක්ෂිත විදිහට ජාත්‍යන්තර දේශපාලනයේ ඇතිවුණ තත්ත්වයක් මත ඊශ්‍රායලය හා ඉරානය අතර අනවබෝධයක් සහ යම්කිසි ආරක්ෂක ගැටළුවක් ඇතිවෙලා තිබෙනවා. එහිදී අපේ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ මතු ආරක්ෂාව සහ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් අපි ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වුණා. මේ වන විට දවස් 8කට ආසන්න කාලයක් මෙම අනාරක්ෂිත තත්ත්වය නිර්මාණයවීමෙන් පසු ගතවී තිබෙන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ කටයුතු,…
මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ කීය. ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය. ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි. ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහර මංගල්‍යය ශතක සංවරත්සරයට සමගාමීව…
