Author: LANKA24X7

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ භූ විද්‍යා පතල් කාර්යාංශය යන ආයතන වල ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත. ඒවායේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා එම ආයතන ප්‍රධානීන් මෙසේ කැඳවන බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

Read More

ඒකාබද්ධ විපක්ෂ ඊයේ පැවැත්වූ සාකච්ඡා මඟහැරීම පිළිබඳව විමසීමකදී පොහොට්ටුවට විශේෂ අනන්‍යතාවක් සහ වැඩපිළිවෙලක් තිබෙන බවත්, පක්ෂයේ කටයුතු කරන්නේ එම අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කාරණයේදී ඒකාබද්ධව කටයුතු කළ බවත් අවශ්‍යතාව අනුව ඉදිරියේදී කටයුතු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කොළඹ කේන්ද්‍ර කරගත් සාකච්ඡාවෙන් එහා ගිය ජනමතයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. මැතිවරණයක් අපේක්ෂාවෙන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙලෙස පැහැදිලි කළා. “ආණ්ඩුවට ලැබුණු ජනවරමට අගෞරවයක් කිරීමට අපිට බැහැ. ජනතාව තීන්දුවක් ගත්තේ ‘මේ අයටත් දීලා බලමු’ කියන එක වෙනුවෙන්. ඒ නිසා දීලා…

Read More

ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙන බවද අමාත්‍යවරයා කීය. දිස්ත්‍රික්ක කිහිපයක පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේදී එක්වෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ 108 වගන්තියෙන් අධිකරණ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම් ප්‍රදානය කෙරෙයි. “හදිසි මරණ පරීක්ෂක තනතුරු 170 ක් පමණ පුරප්පාඩු පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරීමට කටයුතු කරනවා. මේ…

Read More

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරිම සඳහා දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් ඊයේ (27) තීරණය කරනු ලැබිය. මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පත්කර තිබේ. විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායක සහ නියෝජිත හමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයෙදී ඊයේ (27) දෙවන දිනටත් රැස්විය. ඒ අනුව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නොවන බව විදෙස් සහ සංචාරක කර්මාන්ත අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී ඊයේ (27) පැවසීය. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් එමගින් උදාවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව පැවසීය. “ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ව්‍යවස්ථා ඒකාධිපතිත්වයකට යනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ඒ හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය…

Read More

වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉඳුල් කැට ගෑමේ උත්සවයකදී එවකට වසය අවුරු 30ක වූ තරුණයකුට පිහියකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ තිදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා මරණ දඩුවම ඊයේ නියම කළේය. මීට වසර 14කට පෙර ඉඳුල් කටගැමේ උත්සවයකදි සිදු වූ බහින් බස් වීමකින් අනතුරුව පිහියෙන් ඇන මිනී මැරීමේ චෝදනාවකට වැරදිකරුවන් වීම නිසා මෙසේ මරණ දඬුවම් නියම වූයේ මනතුංග සිරිල්, පෝද්දල ගමගේ ශාන්ත කුමාර සහ සිංගප්පුලිගේ ජයතිලක යන තිදෙනායට 2011.12.01දින වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉදුල් කටගෑමේ උත්සවයකට සහභාගි වීමට ගිය වලස්මුල්ල ,පන්සලගොඩ ,ප්‍රදීප් නිවස ලිපිනයේ පදිංචි සුදු හකුරුගේ ඉන්දික සමන් කුමාර නමැති 30 හැවිරිදි වියේ පසු වූ තරුණයට පිහියකින් ඇන මනුෂ්‍ය…

Read More

සෙවණගල සහ පැල්වත්ත උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් කඩිනමින් නිසි පරිදි ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව කීය . මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ නිෂ්පාදන අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමත්, ජාතික ආර්ථිකයට වන ව්‍යවසායකත්ව දායකත්වය ඉහළ නැංවීම හා වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වන ආදායම ඉහළ නංවා ගැනීමත් අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන…

Read More

ලංගම හා පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංගම වෘත්තීය සමිති ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 සිට බස් රථ ධාවනයෙන් හා සේවයට වාර්තා කිරීමෙන් ඉවත්ව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එලැබීමට පියවර ගෙන තිබේ. සමගි සේවක සංගමය, පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා ගමනාගමන සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති හතක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

අවිගත් නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඊයේ රාත්‍රී පානදුර වඳුරාමුල්ල අළුබෝගහවත්ත නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ පෙතිගේ දිල්හාර ප්‍රනාන්දු (55) නැමැත්තෙකි. මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරට නිලංක සම්පත් නැමැත්තාගේ බිරිඳගේ පියා බව පොලිසිය සඳහන් කරයි.

Read More

ගලේවෙල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුවේ දී මාළු ලොරියක් වාහන තුනක ගැටී ටිපර් ථයක පිටුපස රෝග හතර ගලවාගෙන ගොස් මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇතැයි පොලිසිය කියයි. එම අනතුරින් මාළු ලොරියේ රියැදුරට තුවාල ලබා දඹුල්ල රෝහලට මාරු කර යවා ඇත. ගලේවෙල දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථය දඹුල්ල දෙස සිට ගලේවෙල දෙසට ධාවනය වූ වැලි ටිපර් රථයේ පිටුපස රෝදයේ ගැටීමත් සමග ටිපර් රථය තවත් වෑන් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව දඹුල්ල පොලිසිය කියයි. අනතුරින් බරපතල තුවාල ලැබූ මාළු ලොරි රථයේ රියදුරු ප්‍රදේශවාසීන්ගේ සහායෙන් පිටතට ගෙන දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව…

Read More