Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. බොරැල්ල පොලිසියට කළ දෑනුම්දීම අනුව පැමිණි නිලධාරීන් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බවත් වැලිකඩ බන්ධනාගාරයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. එම රිවොල්වරය වසර කිහිපයක් පාස්වලට යට වි තිබු බවට සැක කරන අතර ඉදිරි විමර්ශන කටයුතු සදහා බොරැල්ල පොලිසිය එය භාර දුන් බවද ගාමිණී බී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. පසුගිය පෙබරවාරි මස කළ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීම අවසන් යාවත්කාලීන කිරීමේදී ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකාව මේ වන විට ශ්‍රේණිගත ප්‍රසාද ලකුණු 104 ක් ලබා සිටියි. ඉන්දියාව ප්‍රසාද ලකුණු 124 ක් ලබා පළමු ස්ථානයේ ද, නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු 109 බැගින් හිමිකරගනිමින් පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානවල පසුවෙයි. පස්වැනි ස්ථානයේ පසුවන පාකිස්තානය ද ප්‍රසාද ලකුණ් 104 ක් හිමිකරගනෙ සිටියි.
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුල්විය නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ (5) පස්වරුවේ පැවසීය. ඡන්ද මධ්‍යස්ථානවලට ජංගම් දුකරථන සහ අවිආයුධ ගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් බව ද රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බව පොලිසිය කියයි. ඇය මැතිවරණ රාජකාරී සඳහා ඊයේ (05) සවස 05.00ට පමණ වාර්තා කොට ඇති අතර එම නිලධාරිනිය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිණියක ලෙස සේවය කරන්නියක් බව පොලිසිය කියයි. එසේ මියගොස් ඇත්තේ ක්‍රිෂාන්ති කුමාරි දසනායක (33) නැමැති ගලගෙදර මිණිගමුව ප්‍රදේශයේ පදිංචි කාරණියකි. පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ. ඒ එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුවය. ඒ අනුව ජනාධිපතිවරයා සහ වියට්නාම ජනාධිපතිවරයා අතර සාකච්ඡා ආරම්භ වූ අතර මේ සඳහා දෙරටේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් ද එක්විය. සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වියට්නාම ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරය ඉතා වැදගත් බවත් එය වියට්නාම – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 55 වන සංවත්සරය සනිටුහන් කරන බවත්ය. ඉදිරි කාලයේදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාව වඩාත්…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. පහත සඳහන් පාසල් හැර සියලුම පාසල් එදිනට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ අතර හෙට (06) පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් අද (05) සහ හෙට යන දෙදින දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදී තිබුණි. මැයි මස 7 වන දින වැසෙන පාසල්වල නම් ලැයිස්තුව පහතින් දැක්වේ>
රේගු වංචා අවම කර බදු නිවැරදිව අයකර ගැනීමට සඳහා රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර ඇත. මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්යයට පත් කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙළඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුව බව සඳහන් වේ. ඒ අනුව, රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ෂණයකදී වරදකරුවන් වන පුද්ගලයන්ගේ සහ ආයතනවල විස්තර ප්‍රසිද්ධ කිරීමට තීරණය කර…
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි. ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත් බව පස්සර පොලීසිය පැවසීය. පස්සර පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු පස්සර ප්‍රදේශයේ පදිංචි තිස් හතර වියැති පුද්ගලයකු බවද පොලිසිය කියයි.
