Author: LANKA24X7

බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් නමැති අනුවර්ත නාමයකින් පෙනි සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. සැකකරු සන්තකයේ තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු විසින් බම්බලපිටියේ දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණ පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැකපිට බෝරාපල්ලිය අසල දුම්රිය මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මහනුවර ශ්‍රීමත් කුඩාරක්වත්ත මාවත පදිංචි 27 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත භාරදී ඇත.

Read More

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වී දැනට අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැති බවත් සැකකරුවන් සැකකාරියන් අල්ලා ගැනීමට දුෂ්කර වන මෙවැනි විරල සිද්ධි එකක් දෙකක් ඇතිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. සැකකාරිය ගැන යම් යම් තොරතුරු වෙනත් සැකකාරියන් හරහා අනාවරණය වී ඇති බවද හෙතෙම පැවසීය උසාවියේ ආරක්ෂාවේ අඩුපාඩුවක් හේතුවෙන් එම සිද්ධිය සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා ප්‍රහාරය පිළිබඳව කල්තියා නිශ්චිත තොරතුරක් ලැබී නොතිබුණු බවද ප්‍රකාශ කළේය. ගනේ මුල්ල සංජීව නමැත්තාට ජීවිත තර්ජනයක් ඇති බවට තොරතුරු අනාවරණය…

Read More

නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General’s House) ලැගුම් ගැනීමට තමන්ටද අවස්ථාව දෙන ලෙස පාර්ලිමේන්තුවේ විශ්‍රාමික සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී සලකා බැලෙනු ඇත නුවරඑළියේ මන්ත්‍රී නිවාඩු නිකේතනයේ කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉකුත්දා තීරණය කළේය. මෙම නිවාඩු නිකේතනය මෙතෙක් වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණි.

Read More

දිවයින පුරා සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 04 මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ඊයේ (27) සහ අද (28) දින සිදුවූ මෙම අනතුරු සියල්ලම යතුරුපැදි අනතුරු බවය. ඒ අනුව ඊයේ උදෑසන නාරම්මල පොලිස් වසමේ කඩහපොල කටුපොත මාර්ගයේ සියඹලාගස්කොටුව ප්‍රදේශයේදී කටුපොත දෙස සිට කඩහපොල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබේ. අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා කටුපොත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු අවුරුදු 19ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම මීටියාගොඩ කහව මාර්ගයේදී මීටියාගොඩ දෙස සිට කහව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී දුරකථන කණුවක ගැටී අනතුරක් සිදුව…

Read More

නිවසේදී විදුලිසැර වැදීමෙන් 8 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඊයේ (27) සවස මැදවච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවය. දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර රත්කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී අති බවට විමර්ශනයේදී අනාවරණ වී ඇත. මැදවච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බව මෙහිදී පැවසූ අප්‍රිකා හිටපු ජනපති ම්බෙකි මහතා මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළේය. දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බව ඔහු පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසූයේ ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට…

Read More

දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය න ලින්ද ජයතිස්ස මහතා පැවසීය. එම ඔසු සල් වලින් ජනතාවට උසස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මේ බව කීවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල – නාරාහේන්පිට ශාඛාව අංක 209, කිරුල පාර, නාරාහේන්පිට යන ස්ථානයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. රජය බලයට පත්වීමෙන් පසු ස්ථාපිත කළ තෙවන රාජ්‍ය ඔසුසල ශාඛාව මෙය වන අතර, ගල්කිස්ස හා කිරිබත්‌ගොඩ යන නගරයන්…

Read More

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (27) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදුටුවෙිය. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි වජිර අබේවර්ධන මහතා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක අටපිරිකර පූජා කොට ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි වජිර අබේවර්ධන මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහානා හිමි බැහැදුටුවේය. මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අබෙිවර්ධන මහතා කීවේ වෛරය, ක්‍රෝධය, කුහකකම නැති වී මුලු රාජ්‍ය යාන්ත්‍රණයම සුවපත් වේවායි ප්‍රාර්ථනා කරන බවයි.

Read More

අවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් නතර වීමේ අවදානමක් මතුව ඇතැයි කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. කොළඹ ජාතික රෝහලේ දිනකට බයිපාස් සැත්කම් දිනකට 6ත් 10ත් අතර ප්‍රමාණයක් සිදුවන බවත් රෝගියෙකු බයිපාස් සැත්කමක් සිදුකර ගැනීම සඳහා වසර 2 ක් පමණ ලැයිස්තුවේ බලා සිටින බවත් ආරංචි මාර්ග පැවැසුවේය. වසර කීපයක සිට රෝගීන් බයිපාස් සැත්කම් සඳහා අවශ්‍ය ඇතැම් ශල්‍ය ද්‍රව්‍ය වෛද්‍ය නිර්දේශය මත පිටතින් රුපියල් 70,000ක් පමණ මුදලක් වියදම් කර ගෙන ආ බවත් විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ සිදුවීමෙන් පසුව වෛද්‍යවරුන් පිටතින් ශල්‍ය ද්‍රව්‍ය රැගෙන එන ලෙස නිර්දේශ කිරීමට මැලිකමක් දක්වන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.…

Read More

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම ඊයේ (27) පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙසේ පැවසීය. ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත්කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට භාරදී රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය උපාලි…

Read More