Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුවක් පත් කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. අදාළ සිද්ධියේ විමර්ශන කටයුතු කරන පොලිස් කණ්ඩායම සහ දරුවාගේ මාපියන් සමග අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. පාසල තුළ හා උපකාරක පන්තිය තුළ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතීව, නිවැරදිව, ඉතා කඩිනමින් විමර්ශනයක් කරන ලෙස පොලිස් විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දුන්නාය. මෙම සිද්ධිය දැනුම්දුන් මොහොතේ සිදු කළ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුවූවා ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් පවතින…
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. පළාත් පාලන ආයතනවල තනතුරු වලට පත් කිරීමට සුදුසුම පුද්ගලයන්ට සහාය දෙන බවද ඔහු සඳහන් කළේය. සර්ව ජන බලය පක්ෂය කෙටි කලකදී ලබාගත් දියුණුව සුවිශේෂ එකක් බව පැවසූ මහාචාර්යවරයා මෙවර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරු දෙසිය ගණනක් දිනාගත් බවද සඳහන් කළේය. සර්ව ජන බලය මෙරටේ ඉදිරියට එන ප්‍රධාන දේශපාලන දහරාව බවට ඉදිරියේදී පත්වනු ඇතැයිද චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය. පසුගාමී වැඩපිළිවෙළ හේතුවෙන් මාලිමාව මෙවර පළාත් පාලන ඡන්දයේදී පසුගිය මහ මැතිවරණයට වඩා ඡන්ද ලක්ෂ විසිතුනක් අඩු…
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත. 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව එහි දැක්වේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය 2025.05.01සිට ක්‍රියාත්මක කෙරේ.
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. එම සංඥාව තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. නානායක්කාර මහතා මෙසේද පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජය ලැබුවේ මාලිමාව නමුත් ජය සමරන්නේ අද විපක්ෂය. ඔවුන්ට ආතල් ගන්න ඉඩදී අපි බලාගෙන ඉන්නවා.
පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහය ගැනීමට රහසිගත සාකච්ඡා අරඹා ඇත. බලය පිහිටුවීමට සහය දෙන්නේ නම් විවිධ තනතුරු වරප්‍රසාද වරදාන ලබාදීමටද ඒ ඒ පක්ෂවලට හිතවත් ව්‍යාපාරිකයන් ඇතුළු හිතවාදීන් දැනටමත් ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ. ඇතැම් පක්ෂ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමටද මේ දිනවල කටයුතු කරමින් සිටී බලය පිහිටුවීමේදී යම් නීතිමය ගැටලුවක් මතුවුවහොත් අධිකරණයට යෑමටද පක්ෂ තීරණය කර ඇත. මේ අතර ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත. ජාතික ජන…
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්දී ඇත. මේ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේ මැයි මස 25 වැනිදා විශ්‍රාම ලැබීය. ඔහු විශ්‍රාම ලැබීමෙන් පසු එවකට ආණ්ඩුවේ ආශිර්වාදයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට එම වර්ෂයේදීම පත් කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට ලක්ෂ පහක පමණ දීමනාවක් මෙන්ම වාහන ඇතුළු නොයෙකුත් පහසුකම්ද හිමිවිය.එසේම දසනායක මහතාට පාර්ලිමේන්තුවේ රාජකාරි කිරීමට ඇමතිවරුන්ගේ කාමරයක්ද පසුගියදා වෙන්කෙරිණ. සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සභාවේ…
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකායේ මාදුරුඔය පුහුණු පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පොළොන්නරුව මහ රෝහලට පැමිණියේය. එහිදී එම හමුදා සාමාජිකයින්ට අවශ්‍ය කරන ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික්‍රමට හා කීර්ති රත්නායකට වාරණ නියෝගයක් නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා ඊයේ නිකුත් කළේය. ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය. වග උත්තරකරුවන් දෙදෙනා දෙදෙනා විසින් සම්මුඛ සාකච්ජාවක් පවත්වා සමාජ මාධ්‍ය ජාලය (Truth with Chamuditha) ඔස්සේ මුද හැරීම මගින් සිදු කර ඇති අපහාසය සහ අවමානය හේතුවෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 1,000ක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩුව ගොනුකොට ඇත. චමුදිත සමරවික්‍රම විසින් කීර්ති…
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම ගැටලුකාරී වී ඇතැයි වාර්තාවේ. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක වුවහොත් ඉදිරි ප්‍රධාන මැතිවරණවලදීද එවැනි සම්මුතියකට ඉල්ලීම් ඉදිරිපත් විය හැකි හෙයින් එය ආරම්භයේදීම වැළැක්විය යුතු බව ඇතැම් ප්‍රධානීන්ගේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත. මේ තත්වය යටතේ කොළඹ මහනගර සභාවේ බලය විපක්ෂයට ගැනීම අවදානමට ලක්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ සභිකයන් 48 දෙනෙකු ජාතික ජන බලවේගයට…
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රයන්ට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත. මෙම වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා “ Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරු දැරියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරුණි. පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්…
