Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත. මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220කි.එය අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය වේ. මේ දක්වා මහලේකම්වරියට සීමාවකින් තොරව ඉන්ධන සැපයීම කෙරිණ. මෙයට අමතරව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද මාසයකට ඉන්ධන ලීටර් 165ක් දක්වා අඩු කර ඇත. සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 135ක් වශයෙන්ද මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට හිමි වන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 115ක් වශයෙන්ද අඩුකර ඇති බව එම චක්‍රලේඛයේ දැක්වේ. පසුගිය 7 දාතමින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අනුව එම…
වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8,742ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ මහනගර සභාව ආශ්‍රිතව බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. දන්සැල් ලබාදීමේ දී පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කටයුතු කරන ලෙස ද උපුල් රෝහණ මහතා දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හෙරත් මහතා පැවසීය. කොළඹ මහ නගර සභාව ඇතුළු ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින ආයතනවල බලය ඉදිරියේදී පිහිටුවන බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්ක කාර්යාලය යක්කල නගරයේ විවෘත කිරීමෙ උත්සවයේදීය. මෙම උත්සවය ඊයේ පෙරවරුවේ පැවැත්විණ.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය පැවසීයීය. මෙලෙස ඝාතනයට ලක්ව මිය ගොස් ඇත්තේ නාකන්දලගේ දොන් සේපාල(38) නමැති චුන් පාන් වෙළඳාමේ නියුතු පුද්ගලයකු බව පොලිසිය කියයි. දින ගණනක් මුළුල්ලේ මෙම අඹුසැමි යුවළ අතර ඇතිව තිබෙන ආරවුලක ප්‍රතිඵලයක් ලෙස එම කාන්තාවට ප්‍රථමයෙන් පිරිමි පුද්ගලයා පහර දී ඇති අතර අනතුරුව පෙරලා එම කාන්තාව පිරිමි පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී තිබේන බව විමර්ශන සිදු කරන පොලිසිය වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඉල්ලා සිටියි. අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරමින් කැළි කසළ අදාළ ස්ථානවලට පමණක් බැහැර කිරීමට සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකීම ඉටු කරන ලෙසද “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කරයි. නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ඊට එක්වන බැතිමතුන්ගේ පහසුකම් නැංවිම සහ නුවරඑළිය නගරයේ කසළ කළමනාකරණය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වෙතින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මැයි මස 10වන දින සිට 16වන දින දක්වා පැවැත්වෙන වෙසක් සතිය නිමිත්තෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්…
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපෙක්ෂාකරයි බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇති වේ. මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු,උතුරුමැද,වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙසක් දින පණිවිඩයෙන් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. සියලූ බුද්ධ කාරක ධර්මයන් සපුරා, මාර සේනාව පරාජය කොට, මධ්‍යම ප‍්‍රතිපදාවෙන් ඥානය දියුණු කර, චතුරාර්ය සත්‍යය අවබෝධ කොට, සියලූ කෙලෙසුන් නසා සම්‍යක් සම්බුද්ධත්වයට පත්වූයේ මෙවන් අසිරිමත් වෙසක් දිනයකදීය. උන්වහන්සේ සියලූ දුක් ඉවසා, සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාර්ථචර්යාවෙන් අවබෝධ කරගත් ධර්මය සියලූ ලෝකවාසීන්ගේ…
ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙසක් දින පණිවිඩයෙන් පවසයි. අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි. සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පෙළ ගැසෙන මේ වෙසක් සමයේ සමස්ත රටවැසියන් වෙත වෙසක් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි. ශ්‍රී ලංකාවාසී ජන ජීවිතය ඈත අතීතයේ සිටම බුද්ධ දර්ශනය හා බැඳී පවතී. එය බුදු දහමෙන් අපට ලැබුණු දායාදයකි. අප රටේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත් වන අතර…
තථාගත ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි ශ්‍රී ලංකාව ඇතුලූ ලොව පුරාම බෞද්ධ රටවල ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මහත් බැතියෙන් සිහිපත් කරන මෙම දිනයේ සුවිශේෂී වැදගත් සිදුවීම් මෙසේය . ගෞතම බුද්ධත්වය ඳහා ප්‍රථම වරට නියත විවරණ ලැබීම සිද්ධාර්ථ කුමාරප්පත්තිය සහ අභීතසිංහනාදය බුද්ධත්වයට පත්වීම හා ප්‍රීති උදානය බුදුන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය හා බුද්ධ පරිනිර්වාණය ප්‍රධාන කරුණුය ඊට අමතරව බුදුරජුන්ගේ තෙවන ලංකා ගමන හා පූජනීය ස්ථාන සොළොසක්ඇතිවීම බුදුරදුන් කිඹුල් වතට වැඩම කිරීම ආනන්ද රහතන් වහන්සේ පිරිනිවන් පෑම සිංහල ජාතියේ ආරම්භය දෙවන පෑතිස් රජුගේ ආර්ය අභිෂේකය සහ රුවන්වැලි සෑය සෑදීමේ වැඩ ආරම්භ කිරීම…
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවලටත් උපදෙස් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව කීවේ නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මියගිය ජනතාවගේ පවුල් වෙත සංවේගය පළ කිරීමේ ප්‍රකාශයක් කරමිනි. අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම…
