Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි. මරණකරු ගුවන් පාලම අසල රැදී සිටින ස්ථිර පදිංචියක් නොමැති පුද්ගලයෙකු බව පොලිසිය කියයි. දෙමටගොඩ, මහවිල පටුමග ප්‍රදේශයේදී පුද්ගලයෙකු පහරදීමට ලක්ව තුවාල ලබා වැටී සිටින බවට දෙමටගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදුකරයි.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසන්නේ මේ සඳහා දස දෙනකුගෙන් යුතු කණ්ඩායමක් පත්කර ඇති බවයි. පාසල් ගුරුවරයකුගේ අතවරයකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරිය මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන ඉකුත්දා සියදිවි හානි කර ගත්තාය.
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද (14) දින උදෑසන මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ක තරුණයෙකු බව කොත්මලේ පොලීසියද සඳහන් කළේය. එම බස් රථ අනතුරින් මේ වන විට 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 40 කට ආසන්න පිරිසක් නාවලපිටිය, ගම්පොළ, නුවරඑලිය යන මූලික රෝහල් වලද පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවද කොත්මලේ පොලිසිය කියා සිටියේය.
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (14) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව පොලීසිය කියයි. අනෙක් සිරුර ඈත දියඹේ ඇති බවට ලැබුණ තොරතුරු මත එය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද වෙන්නප්පුව පොලීසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ බගවන්තලාව ප්‍රාදේශයෙ පදිංචි තරුණයින් පිරිසක් වන අතර ඔවුන් බගවන්තලාවේ සිට වෙන්නප්පුවට පැමිණ නැවති විවිධ රැකියා වල නිරත වු පිරිසක් බව කියයි.
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අබ්දූල් ගපූර් මොහොමඩ් සුලෙයිමාන් නැමති 45 හැවිරිදි පුද්ගලයෙකි. පහරදීමට යොදාගත් පොල්ලක්ද පොලිස් භාරයට ගෙන ඇත. වනාත මුල්ල සහස් පුර පදිංචි තරුණයන් පිරිසක් වෙසක් සිරි නැරඹීම සඳහා ගුවන් පාලම හරහා පාගමනින් යමින් සිටියදී එක් තරුණයෙකු ඝාතනයට ලක් වූ පුද්ගලයා අමතා “අංකල් පොඩ්ඩක් අයින් වෙලා නිදාගන්න” යැයි පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ. මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් සහ නව පාප් වහන්සේ සුහද සාකච්ඡාවක ද නිරත වූහ.
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙම මූල්‍ය ආධාර ලබාදෙයි. ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත බාර දෙනු ඇත. අනතුරින් මිය ගිය පුද්ගලයන් විසි දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම්…
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුවේ සිට වෙසක් සිරි නැරඹිමට කුඩා ලොරි රථයකින් කොළඹ ගොස් ආපසු නැවත ආණමඩුවට පැමිනෙමින් සිටි පිරිසක් බව කියයි. එම අනතුරින් දස දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ අතර කුඩා ළමුන් තිදෙනෙකුද සිටින බව කියයි.
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මධ්‍ය ජාවාරම්කරුවක බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම එරට සිට සිදුකරන සැන්ඩෝ නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු බව පොලිසිය කියයි. එම සැකකරුවන් දෙදෙනා එදින රැඳී සිටි තීරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත. ඉකුත් පස්වෙනි දින සුදු කළ එම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුනේ ගල්කිස්ස නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවකු ලෙස කොන්ත්‍රාත් පදනම මත රැකියාව කරන දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි ප්‍රවීන් නිසංක වයසඅවුරුදු 19…
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 – 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. වෙසක් සිරි නැරඹීමට යමින් සිටි මහජනයාට පීඩාවක් වන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන වලටද පීඩාවක් ඇතිවන අයුරින් අධික ලෙස ශබ්ද නගනිමින් යතුරුපැදි ධාවනය කරමින් සිටියදී මෙම තරුණයන් බණ්ඩාරගම නගරය සහ අවට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත. අධිබල යතුරුපැදි හතරේ ලියාපදිංචි අංක තහඩු පරික්ෂා කිරීමේදී ඒවා සැකකටයුතු ඒවා බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
