Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කිරීම ඊයේ (14) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය, බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රධාන ඉන්ධන සපයන්නන් සිව් දෙනෙකු වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC), ලංකා IOC PLC (LIOC), සිනොපෙක් එනර්ජි ලංකා (පුද්ගලික) සමාගම සහ RM පාර්ක්ස් (පුද්ගලික) සමාගම අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරනු ලැබීය. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් පිරිසිදු, ආරක්ෂිත සහ දුබලතා ඇති පිරිස් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි සනීපාරක්ෂක පහසුකම් සහිත ස්ථාන බවට පරිවර්තනය කිරීම අරමුණු කෙරේ. ඒ…
කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඊයේ (14) පැවසීය. බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එසේ පැවසීය. ශ්‍රී ලංකා රජය ස්මාරකයට මේ දක්වා කිසිඳු විරෝධයක් දක්වා නොමැති බවත් ජනාධිපතිවරයා, අගමැතිවරිය හෝ විදේශ අමාත්‍ය විජිත හේරත් මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා කර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය. ආණ්ඩු බලය සඳහා ඇති කෑදරකම නිසා, අදාළ ප්‍රජාවේ සහාය තවදුරටත් ගැනීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුව මුනිවත රැකීමට කටයුතු කරන බව කී එදිරිමාන්න මහතා පැවසුවේ…
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතාට දැනුම් දුන්නේය. කැනඩා මහ කොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී අද සිදුවිය. ශ්‍රී ලංකාවට එල්ල කරන පදනම් විරහිත ජන සංහාර චෝදනා ප්‍රතික්ෂේප කරන බවද විජිත හේරත් මහතා මෙහිදී කීය.
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පෞද්ගලික ධන පරිත්‍යාගශීලින් රැසක් ඉදිරිපත්ව සිටින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (14) පැවසීය. මහාමාර්ග අමාත්‍යංශයේ ඊයේ (14) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා එසේ පැවසීය. ගැරඩිඇල්ල බස් අනතුරින් මියගිය 23 දෙනා වෙනුවෙන් ජනාධිපති කාර්යාලය රුපියල් ලක්ෂ දහයක වන්දි මුදල එම පුද්ගලයන් පදිංචි ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගිණුම්වලට වෙත ඊයේ බැර කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඍජු මැදිහත්වීම මත මෙම වන්දි මුදල් මියගිය අයගේ පවුල් වෙත කඩිනමින් දීමට…
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායකයෝ ඊයේ (14) එකඟතාවයකට පැමිණියහ. මෙම එකකතාවය ඇති වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය. එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතන වලට අදාළ නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂ වල මහ ලේකම්වරුන් අද (15) දිනයේදීම හමුවීමට නියමිතය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර,ශ්‍රී…
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය පවසයි. අදාල ව්‍යාපාරිකයා එම බාල පොහොර දෙහිඅත්තකණ්ඩිය, වැලිකන්ද, අරලගංවාල, දියබෙදුම, ගිඟුරක්ගොඩ, සිරිපුර, ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා බෙදා හැර ඇති බවට මූලික පරික්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි. එම බාල බෙහෙත්වල සියයට 46 ක නයිට්‍රිජන් ප්‍රමාණයක් ඇති බවට ලේබල් ගසා වැඩිමිලට ගොවීන්ට සහ අලෙවි නියෝජිතයන්ට සැපයිමට සූදානම් කර තිබී ඇතැයි ද පොලිසිය කියයි. ඔහු විසින් බෙදාහරන ලද පොහොර භාවිතා කෙරු ගොවීන්ගේ වී වගාව සම්පූර්ණයෙන්ම කහ වී ඇති බවත්, අස්වැන්න අඩු වීමට එම පොහොර බලපා ඇති…
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා ඊයේ (14) පැවසීය. ජාතික ජන බලවේගය සභා එකසිය පනස් දෙකක් ආරම්භයේදීම පිහිටුවන අතර ඉතුරු සභා එකසිය පහළොව පිහිටුවන දවසේ දී පිහිටුවන බව ජනාධිපතිවරයා කීය. ජනවරමට අනුව වැඩ කරන්න බැඳී සිටින බව කී ජනාධිපතිවරයා කවුරුන් හෝ ජනවරමට එරෙහිව කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව ,නීතිය, දේශපාලනය යන ඔක්කොගෙන්ම වැඩ කරන්න ලෑස්ති බවද කීය. “සභා හදලා පුළුවන් නම් මාස තුන හතරක් යන්න අපි කියන්නේ එච්චරයි.දන්නවනේ, නීති මදි නම් තුනෙන් දෙකක් තියෙනවා හොඳේ, යනුවෙන්ද ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා කීය.
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර මීට අදාළ මිල ගණන් කැඳවීම අද (14) දිනයෙන් අවසන් විය. හෙට වෙන්දේසි වන මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 01ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප්…
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී පාසල් ළමයින් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තිබේ. අද (14) උදෑසන මෙම අනතුර සිදුව තිබූ අතර, එහිදී කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය.
ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කර තිබේ.
