Author: LANKA24X7

පහේ ශිෂ්‍යත්යවය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය. “ශිෂ්‍යත්වය දැන්ම අහෝසි කරන්න සැලසුමක් නෑ. අලුත් ප්‍රතිසංස්කරණවල බලපෑම එක්ක තමා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ශිෂ්‍යත්වයේ තියෙන පීඩනය අඩු කරන්න අපි යම් පියවර ගන්නවා. ඒක 2028 හෝ 2029 වෙද්දි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

අපේ තිබෙන නිහතමානීකම නිවට කමක් ලෙස සලකා කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒවාට පිළිතුරු නීතිය හරහා ලබාදීමට අප සූදානම් බවඅධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. දූෂණ විරෝධී පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරඹමින් අමාත්‍යවරයා මේ බව කීය. “අපට ලැබුණු ප්‍රධානම ජනවරමක් වන්නේ දූෂණයට වංචාවට එරෙහි නීති යාන්ත්‍රණය තදින් ක්‍රියාත්මක කිරීමයි.එම ජනවරම අනුව යමින් අප පනතක් හඳුන්වා දී තිබෙනවා.දූෂණ විරෝධී පනත දැනට වසරකට පෙර සම්මත වී තිබුණද නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණය සහිත රෙගුලාසි ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.එම රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපට හැකි වුණා.වර්තමාන තත්වයන්ට ගැලපෙන පරිදි වත්කම් බැරකම් යාවත් කාලීන කිරීම සඳහා අප…

Read More

යාපනය මුරුගන් කෝවිලක පැවති උත්සවයකදී කෝවිලේ වෙන්දෙසියකට තැබූ අඹ ගෙඩියක් රුපියල් 460,000 ට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර පුජක වරුන් සදහන් කර සිටි. යාපනය වන්නර් ෆාම් ලෝටස් මාර්ගයේ පිහිටි වන්නෙයි කෝට්ටයම්පති සිරිසිවසුබ්‍රමනියර් මුරුගන් කෝවිලේදී මෙම අඹ ගෙඩිය මෙසේ ඉහළ මුදලකට වෙන්දේසි වී තිබේ. මෙම කෝවිලේ දින 15 ක් පුරා උත්සවය පැවැත්වෙන අතර 08 වන දිනයේ මෙසේ අඹ ගෙඩිය වෙන්දේසිවී තිබේ. ඒ එදිනට යේදී තිබු “මම්පලම් තිරුවිලා”උත්සවයේදීය. එහිදී වෙන්දේසියේ වූ අඹ ගෙඩිය ලබා ගැනීම සදහා දේශීයව සේම විදේශීයව කෝවිලේ උත්සවය සදහා පැමිණි බැතිමතුන් අතර තියුණු තරගයක් පැවති බව පුජකවරුන් සදහන් කරයි. එහිදී කැනඩාවේ සිට පැමිණි බැතිමතෙකු විසින් මෙම අඹ ගෙඩිය රුපියල්…

Read More

ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේද (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන බවද ජනපති කාර්යාලය පවසයි. එහි එක් පියවරක් ලෙස උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම්වරු හා ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් ලබන 21 දා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම වැඩසටහන මඟින්, උතුරු පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය…

Read More

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ලබන සතියේ දී ගොනු කිරීමට බලාපොරොත්තු වන බව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේ ය . ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව දැනුම් දුන්නේ ය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි. නීතිපතිවරයා, රහස් පොලිසිය රාජ්‍ය…

Read More

නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයට ලබාදීම දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුවේ ඉදිරියේදී ඊයේ (3) සිදුවිය මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව ඊයේ (03) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශය මෙසේ ලබාදෙනු ලැබීය මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතාගේ නිවසටම ගොස් පසුගිය සති අන්තයේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් 12ක් ලබා දුන් බවයි. එසේම සාක්ෂිකරුවන් 10කගේ දිවුරුම් ප්‍රකාශ කමිටුව…

Read More

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ නව සිසුවියක නවක වදය විඳදරා ගැනීමට නොහැකිව කාර්මික විද්‍යාලය අසල වැවකට පැන්න අවස්ථාවේ ඒ අවට සිටි පිරිසක් ඇය බේරාගෙන කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. දැරියගේ තත්වය බරපතල නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. එම සිසුවියට නවකවදය දුන් බව කියන සිසුන් 3 ක් හා එක් සිසුවියක ඇගේ ප්‍රකාශයකට අනුව අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. සැකකකාර සිසු සිසුවියන කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ යන් බව පොලිසිය කියයි. කුලියාපිටිය කාර්මික විද්‍යාල ඉතිහාසයේ මෙවන් කෲරලෙස සිසුන්ට සැලකීමක් පිළිඳ වාරතා නොවූ බවත් ඊට සම්බන්ධ තවත් අය සිටීද යන්න පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි. දැරිය වැවට පැනීමට ප්‍රථම කාර්මික විද්‍යාලයේ ගුරුභවතකු…

Read More

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පළවන වාර්ථා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැතිධුරයේ වෙනසක් කිරිමට රජය තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එම ප්‍රචාර අවධානය දිනා ගැනීම සඳහා විරුද්ධ කණ්ඩායම් ඇතැම් මාධ්‍ය සමග පතුරවා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත්,අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද,වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

Read More