Author: LANKA24X7

උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අද (01) සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති වවන බවද එම දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

Read More

දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම සිය අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. දසවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් විසිදෙනෙක් සිය පක්ෂයෙන් තේරී පත්වීම කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද කාන්තාවන් බල ගැන්වීමේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය එය පක්ෂ භේදයකින් තොරව ඉදිරියට ගෙනයාම මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අරමුණ බව ප්‍රකාශ කලාය. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සහ ලාංකීය දේශපාලනයේ කාන්තාවන්ට සමාන අවස්ථාවන් සහ සම සහභාගීත්වයක් ලබාදීම සඳහා පොදු අදහස් ලබා ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි…

Read More

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට අධික තොගයක් සමග පුද්ගලයෙකු බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත බොරැල්ල, සිරිසර උයන මහල් නිවාසය අසලදී යතුරුපැදියක් පරීක්ෂා කිරීමේ දී අදාල මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය. එහිදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 105ක් හා හෙරොයින් ග්‍රෑම් 125ක් සොයාගෙන ඇති බව සදහන් වේ. එම තොගයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකගේ ගෝලයකු බව ද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වනඅලි සංගණනයක් කඩිනමින් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය අලි-මිනිස් ගැටුම අවම කිරීමට 2010 වසරේදී නිර්මාණය කළ ජාතික සැලසුම ද වහා ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජයට දස වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා මෙසේ පැවසීය

Read More

මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබේ. මෙම පුද්ගලයා මහනුවර කතරගම දේවාලයේ පෙරහරට සහභාගී වීම සඳහා අරණායක ප්‍රදේශයේ සිට පැමිණ ඇත. ඔහු අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහායක වශයෙන් කටයුතු කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අචලංක නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකි. මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

මේ වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි පළමු දින සිට ජූලි මස 27 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 1,341,953 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 274,919කි. ඊට අමතරව බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් දිවයිනට පැමිණ ඇති බව සඳහන් ය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තොරතුරු ඉදිරිපත් කර ඇති පරිදි ජූලි මාසයේ ගතවු දින 27ක කාලය තුළ සංචාරකයින් 173,909 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. තවද ජූලි…

Read More

මේ වසරේ ගත වු පළමු මාස 06 තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,022ක් ලැබී ඇති බවයි. එම කාලය තුළ වැටලීම් 54ක් සිදුකර ඇති අතර ඉන් සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් දසදෙනෙකු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරින් 5 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු, ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින් දෙදෙනෙකු වන බව ද සඳහන් වේ. ඊට අමතරව සිවිල් පුද්ගලයින් 6 දෙනෙකු ද අල්ලස් ලබාගැනීමේ සිදුවීම්…

Read More

යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්‍රිගෝ මහතාට හෙට(1) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර සේවා දිගුවක් ලබාදී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මත මෙම සේවා දිගුව ලබාදී ඇත. ලසන්ත රොඩ්‍රිගෝ මහතා කොටහේන ශාන්ත බෙනදික්ත විදුහලේ ආදි සිසුවෙකි.

Read More

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක්ගස් සැපයූ ගොවීන්ට සහ ප්‍රවාහනය කළ ට්‍රැක්ටර්හිමියන්ට රුපියල් මිලියන 205 ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික මුදලක් ගෙවීමට ඇති බවත් ඉදිරි සති දෙක තුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්වයට විසඳාගැනීමට බලාපොරොත්තු වන බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීපිකා ගුණරත්න මහත්මිය ඊයේ (30) පැවසුවාය. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා උක්ගස් මෙටි්‍රක්ටොන් 45,519 ක් හෙවත් උක්ගස් මෙටි්‍රක්ටොන් 46,000 කට ආසන්න ප්‍රමාණයක් ගොවීන් 531 කින් ලබාගෙන ඇති බවත් ඔවුන්ට මේ වන විට මිලියන 243.9 ක මුදලක් ගෙවා ඇති බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරිය කීවාය. අතීතයේ සිටම උක්ගස් රැගෙන ආ…

Read More

නිති විරෝධී ගිනිඅවි, හක්කපටස්, උගුල් සහ මාරක විදුලි රැහැන් හේතුවෙන් වන අලි ඇතුන් මරණයට පත්වීමට බලධාරීන්ගේ අවදානයේ යොමු කිරීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (30) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ. ‘ඔවුන්ට හඩක් නෑ, අපි ඔවුන්ගේ හඩ වෙමු’ යන තේමාව යටතේ මෙම විරෝධතාව පැවැති අතර විරෝධතාකරුවෝ කොළඹ ගාලුමුවදොර හෝටලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පෙළපාළියකින් පැමිණියහ.

Read More