Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 09 වනදා ද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට සතියක කාලයක් මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇත.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසු කම් ලැබූ පවුල් 1,737,141 (දාහත් ලක්ෂ තිස් හත්දහස් එකසිය හතලිස් එකක්) සඳහා රුපියල් බිලියන 12.63 ක්ද සුදුසුකම් ලැබූ අස්වැසුම් ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944 කට රූපියල් බිලියන 2.9 ක්ද අප්‍රේල් මස 11 වන දින බැංකුගත කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි. ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා අප්‍රේල් මස 11 වන දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකිය. 2025 අප්‍රේල් මස සිට අයවැය මඟින් රජය විසින් මෙතෙක් වැඩිහිටියන් සඳහා ලබාදෙන ලද රු. 3000 ක වැඩිහිටි දීමනාව රු. 5000 ක් දක්වා වැඩි කරන ලද අතර…
දැදිගම මැණික්කඩවර ප්‍රදේශයේදී පස්දරු පියකු, සිය බිරිඳට හා එක් දියණියකට පොරවකින් පහරදී ඔහුද ගෙලවැලලාගෙන මියගොස් ඇති අතර බිරිඳ හා දියණිය බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත් දැදිගම පොලිසිය පවසයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිටවල මැණික්කඩවර ලිපිනයේ පදිංචි 78 හැවිදිරි පස් දරු පියකු වන අතර පහර කෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ 72 හැවිදිරි බිරිඳ හා මරණකරුගේ 51 හැවිදිරි අවිවාහක දියණියයි. පහර කෑමට ලක් වූ මව හා දියණිය අසල්වැසියන් විසින් පල්ලේගම ග්‍රාමීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කළද පසුව ඉන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දියණිය සැත්කම් කීපයක් සඳහා මහනුවර මහ රෝහල වෙත මාරු…
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි. මොවුන් මීට මාස 03 කට පමණ පෙර සංචාරක වීසා බලපත්‍ර යටතේ 17 දෙනකු ද , නේවාසික වීසා බලපත්‍ර යටතේ 04 දෙනකු ද , ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ 01 අයකු ද වශයෙන් මෙරටට ඇතුලු වී තිබේ . සැක කටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුගෙන් , ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ,හදිසියේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී , අනාවරණය කර ගත් තොරතුරු මත වයස අවුරුදු 25 ත් – 35 ත් අතර පසුවන මෙම ඉන්දීය ජාතිකයන් පිරිස , රාජගිරිය ප්‍රදේශයේ කාර්යාල සංකීර්ණයක…
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහවැලි නදීයේ විශාල ජල කඳක් පහළට ඇදෙමින් තිබියදී කටුගස්තොට පහළම මතින් එම තරුණිය සියදිවි ආනි හානිකර ගැනීමේ අරමුණින් ගඟට පැන ඇති අතර එම අවස්ථාවේදී කටුගස්තොට පහළම අසල රථවාන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 103984 හේරත් මහතා තම නිල ඇඳුම පාලම උඩ තබා මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබේ. තම ජීවිතය ගැන ද නොසිතා කොස්තපල්වරයා ගඟට පැන තරුණිය ගොඩට ගෙන රෝහල් ගත කොට ඇති අතර කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මිනුවන්ගොඩ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද පන්සල් හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් දරුවකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලබා ඇත්තේ යතුරුපැදිය පැදවූ කාන්තාව, ඇගේ දරුවකු සහ මව බවත් තුවාල කරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහල වෙත මාරුකර යවා තිබේ. අනතුරින් මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ වැඩෑමුල්ල පදිංචි රශාන් නිම්හස් නමැති පෙරපාසල් දරුවෙකි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අනුරාධපුර, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 වැඩි තරමක තද වැසි ඇති වේ.
අන්‍යෝන්‍ය තීරුබදු මත ඊයේ (09) සිට දින 90ක විරාමය ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර බොහෝ ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් නැවත ආරම්භ කර ඇත. නමුත් කර්මාන්ත දින 90න් ඔබ්බට සහ ඔවුන්ගේ ව්‍යාපාර සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විකල්ප සොයමින් සිටී. ශ්‍රී ලංකාව මත පනවා ඇති එක්සත් ජනපද නව තීරුබදු හේතුවෙන් ඇති වන දුෂ්කරතා අවම කිරීම සඳහා විකල්ප උපාය මාර්ග සෙවීම සඳහා විවෘත සංවාදයකට විවෘත වන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා මෙරට ප්‍රධාන අපනයන කර්මාන්තවල නිරතව සිටින ප්‍රමුඛතම අපනයනකරුවන් 50 දෙනාටම ආරාධනා කළේය. අමෙරිකානු වෙළෙඳපොළ වෙත අපනයනය සිදුකරන අපනයනකරුවන් සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී අද (10) පැවති රැස්වීමකදී මෙම…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13ක් හා විකුණුම් මිල රු. 303.2ක් ලෙසින් සටහන්ව ඇත. මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 301.20ක් ලෙසින් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300 සීමාව ඉක්මවා ගිය පළමු දිනය අද දිනය වේ. එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Spot Exchange Rate) යනු පෙර දිනයේ දී / ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදුකරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය…