Author: LANKA24X7

අනුරාධපුර තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ මිතුරන් කිහිපදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය. පසුගිය 26 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබුණි. එහිදි 28 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර ඊයේ පස්වරුවේ වෙඩි තැබීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. එම අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයා…

Read More

දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් ධීවරයින් 04 දෙනෙකු අතුරින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ අදාල ධීවරයින්ගේ සිරුරු මෙලෙස සොයාගත් බවය.

Read More

ශ්‍රී ලංකාව පුරා සිටින ඇස්තමේන්තුගත සිසුන් ලක්ෂ 5ක් සහ ගුරුවරුන් 150,00ක් සඳහා සඳහා ක්‍රියාත්මක වන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය හරහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක අමතර මූල්‍ය පැකේජයක් අනුමත කර තිබේ. මෙම අතිරේක අරමුදල් මගින් අත්‍යශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි මගට ගෙන යාමට, ඉගැන්වීම් ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ සිසුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර වතුකරයේ ප්‍රජාවන් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහාය වන පාසල් ඇතුළුව ඌන සේවා නියුක්ත පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමුවනු ඇත. මාලදිවයින, නේපාලය, සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා සඳහන් කර ඇත්තේ මෙම සහයෝගය තුළින් ශ්‍රී…

Read More

සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට නජ්මුල් හොසේන් ෂැන්ටෝ තීරණය කර තිබේ. බංග්ලාදේශ ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් පරාජයට පත්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ටෙස්ට් නායකත්වය තවදුරටත් පවත්වා ගැනීමට තමන්ට අවශ්‍ය නොවන බවය. තමන් මෙම තීරණය ගනු ලැබුවේ කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් බවත් තමන්ගේ මෙම තීරණය කණ්ඩායමට උපකාරි වනු ඇති බවත් ඔහු එහිදී පවසා ඇත. නජ්මුල් හොසේන් ෂැන්ටෝ බංග්ලාදේශ කණ්ඩායමට ටෙස්ට් තරග 14කදී නායකත්වය ලබා දී ඇති අතර 2023 නොවැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැති තරගයට පෙර ඔහු මෙම නායකත්වය භාර ගනු…

Read More

බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් නමැති අනුවර්ත නාමයකින් පෙනි සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. සැකකරු සන්තකයේ තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු විසින් බම්බලපිටියේ දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණ පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැකපිට බෝරාපල්ලිය අසල දුම්රිය මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මහනුවර ශ්‍රීමත් කුඩාරක්වත්ත මාවත පදිංචි 27 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත භාරදී ඇත.

Read More

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වී දැනට අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැති බවත් සැකකරුවන් සැකකාරියන් අල්ලා ගැනීමට දුෂ්කර වන මෙවැනි විරල සිද්ධි එකක් දෙකක් ඇතිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. සැකකාරිය ගැන යම් යම් තොරතුරු වෙනත් සැකකාරියන් හරහා අනාවරණය වී ඇති බවද හෙතෙම පැවසීය උසාවියේ ආරක්ෂාවේ අඩුපාඩුවක් හේතුවෙන් එම සිද්ධිය සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා ප්‍රහාරය පිළිබඳව කල්තියා නිශ්චිත තොරතුරක් ලැබී නොතිබුණු බවද ප්‍රකාශ කළේය. ගනේ මුල්ල සංජීව නමැත්තාට ජීවිත තර්ජනයක් ඇති බවට තොරතුරු අනාවරණය…

Read More

නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General’s House) ලැගුම් ගැනීමට තමන්ටද අවස්ථාව දෙන ලෙස පාර්ලිමේන්තුවේ විශ්‍රාමික සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී සලකා බැලෙනු ඇත නුවරඑළියේ මන්ත්‍රී නිවාඩු නිකේතනයේ කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉකුත්දා තීරණය කළේය. මෙම නිවාඩු නිකේතනය මෙතෙක් වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණි.

Read More

දිවයින පුරා සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 04 මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ඊයේ (27) සහ අද (28) දින සිදුවූ මෙම අනතුරු සියල්ලම යතුරුපැදි අනතුරු බවය. ඒ අනුව ඊයේ උදෑසන නාරම්මල පොලිස් වසමේ කඩහපොල කටුපොත මාර්ගයේ සියඹලාගස්කොටුව ප්‍රදේශයේදී කටුපොත දෙස සිට කඩහපොල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබේ. අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා කටුපොත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු අවුරුදු 19ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම මීටියාගොඩ කහව මාර්ගයේදී මීටියාගොඩ දෙස සිට කහව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී දුරකථන කණුවක ගැටී අනතුරක් සිදුව…

Read More

නිවසේදී විදුලිසැර වැදීමෙන් 8 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඊයේ (27) සවස මැදවච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවය. දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර රත්කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී අති බවට විමර්ශනයේදී අනාවරණ වී ඇත. මැදවච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බව මෙහිදී පැවසූ අප්‍රිකා හිටපු ජනපති ම්බෙකි මහතා මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළේය. දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බව ඔහු පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසූයේ ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට…

Read More