Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උස්සන්ගොඩ වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ. ඊයේ (28) සවස් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම පුද්ගලයින් දෙදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් දීමෙන් පසු භාරකරුවන් වෙත භාරදී ඇත. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ හුංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 හා 34 වයස්වල පසු වන දෙදෙනෙකි. පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 55986 අනුර, පොලිස් කොස්තාපල් 99168 දුලාජ් හා පොලිස් කොස්තාපල් 104435 සරත්චන්ද්‍ර යන නිලධාරින් විසින් එම පුද්ගලයින් දෙදෙනා බේරාගැනීම සිදුකර ඇත.
මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ අවුරුදු 12 ත් 24 ත් අතර වයසේ පසුවන ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හත්තාන කදු මුදුන නැරඹීමට ඊයේ සවස එක්ව තිබේ. පැවති මීදුව සහ වැසි හමුවේ ඔවුන්ට නැවත පැමිණීමට මග සොයා ගැනීමට නොහැකිව අතුරුදන් වී තිබුණි. ඔවුන් ඒ පිළිබඳව මව්පියන්ට දැනුම්දීමෙන් පසු යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් සිදුකර ළමුන් පිරිස සොයා ගනු ලැබීය. මුදාගත් ළමුන් පේරාදෙණිය රෝහලට යොමු කළ අතර ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වෙයි.
පවතින ක්‍රමවේදයට ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අරඹා ඇති බව කී ජනාධිපතිවරයා එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බව අවධාරණය කළේය. මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. රට නව තලයකට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහිදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, කුඩා ආණ්ඩු වලට සහ එක් එක් බල අධිකාරින්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුගය වත්මන් ආණ්ඩුව විසින්…
ඉරානයට එරෙහිව යුද්ධය අවසන් වීමෙන් පසු, අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ගාසා තීරයේ යුද්ධය සති දෙකක් ඇතුළත අවසන් වන බවට නායකයන් දෙදෙනා එකඟ වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ගාසා තීරයේ හමාස් පාලනය වෙනුවට, ගාසා තීරය අරාබි රාජ්‍යයන් හතරක් එක්ව පාලනය කිරීමේ සැලැස්මක් කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි පැවසෙයි.
අතහැර දමා ඇති නුවරඑළිය – නානුඔය දුම්රිය මාර්ගය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. එම දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී එම කාර්ය සිදු කරන බව අමාත්‍යවරයා කීය. සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා එම පියවර ගන්නා බවද බිමල් රත්නායක මහතා පැවසීය. එමෙන්ම නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට ඉදිරි අයවැයෙන් යෝජනා කිරීමටද බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ(Dream Destination) සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමිනි.
ලබන සඳුදා සිට 6 වැනිදා දක්වා ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික් දාසයක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි. මේ අතර වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු උණ රෝගීන් 27932 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුවී ඇති ඩෙංගු මරණ 16කි.
නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ද මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය. හල්දුම්මුල්ල කබරගල ප්‍රදේශයේදී නාය යාමෙන් විපතට පත්ව වසර දෙකකට අධික කාලයක සිට කඳවුරු ගතව ජීවත්වන පවුල් 50 ක් වෙනුවෙන් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්විණි. එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ තිස් දෙකක මුදල් ආධාර හා පර්චස් දහයක ඉඩමක් ලබාදීම මත නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවින්ද්‍ර බණ්ඩාර, කිට්නම් සෙල්වරාජ්, අම්බිගා සැමුවෙල් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් රාජපක්ෂ ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ ප්‍රියංගිකා යන මහත්ම මහත්මීහු ඇතුළු…
තංගල්ල ධීවර වරායෙන් ඊයේ (28) මුහුදු රැකියාවේ ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගල් පරයක හැපී අනතුරට ලක්වීමෙන් එහි සිටි ධීවරයන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය . අතුරුදහන්ව ඇත්තේ හම්බන්තොට ,පල්ලෙමලල පදිංචි 39 හැවිරිදි ධීවරයකු සහ තංගල්ල දංකැටිය සගබෝ මාවතේ පදිංචි 49 හැවිරිදි ධීවරයෙකි. අනතුරට පත්ව ඇත්තේ මැක්සිම් පුතා 01 නමැති බහුදින ධීවර යාත්‍රාවය. එහි හිමිකරු වන තංගල්ල ගොයම්බොක්කේ පදිංචි ආර් .පී.පැතුම් නිලංග නමැති අය මේ සම්බන්ධයෙන් අද (29) අලුයම තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව තංගල්ල රුහුණ නාවික හමුදා කදවුර දැනුම්වත් කර අතුරුදහන් ධීවරයන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ
බස්නාහිර සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙහි අරමුණ බවද සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද අපේක්ෂා කෙරේ.
