Author: LANKA24X7

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරු බස්‍ රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය. පැල්මඩුල්ල දෙසින් බළන්ගොඩ දෙසට පාසල් දරුවන්ද ඇතුළුව මගීන් රැගෙන ගිය ලංගම බසයක් හා බළන්ගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයත් හා එම දෙසටම ධාවනය වූ ලංගම බස් රථය එකට ගැටීමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත. එම අවස්ථාවේ පැමිණි ගිලන් රියකින් සුළු තුවාල ලැබූ පාසල් දරුවන් සහ තවත් මගීන් කීපදෙනකු රෝහල් කරා යොමු කිරීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. අනතුර හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනයට අවහිර වී පැවතිණි.

Read More

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව‍ය. මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැද මුලන ගෙදරට යාමට සූදානම් බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී.චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඒ කාරණය සම්බන්ධයෙන් එතුමා මීට පෙරත් ප්‍රකාශයක් කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. “මන්ත්‍රීවරුන්ට තිබ්බ වරප්‍රසාද ගොඩක් ගිය ආණ්ඩුවෙන් ඉවත් කළා. වාහන පර්මිට් එක ඉවත් කළා.ඔබතුමාලා වරප්‍රසාද කපන එකේ ප්‍රශ්නයක් නෑ.හැබැයි ජනාධිපතිවරයකුට තමන්ගේ කාලයේ රට වෙනුවෙන් කරපු දෙයක් වෙනුවෙන් අනතුරක් තිබෙනවා නම් සාධාරණ ආරක්ෂාවක් ලබාදිය යුතුයි.සමහරුන්ට ජනතාවට දීපු පොරොන්දු අමතක වුණාට එල්.ටී.ටී.ඊ ඩයස්‌පෝරාවට දීපු පොරොන්දු නම් අමතක නැහැ.මහින්දගේ වරප්‍රසාද කපනවාට කොටි ඩයස්පෝරාව හරි කැමතියි. මේ තනිකරම කරගෙන යන්නේ එල්.ටී.ටී.ඊ ඩයස්‌පෝරාවට ලබා දුන්න පොරොන්දු.ඇමති කාලේ අප රජයේ වියදමෙන් ගුවන් ටිකට් එකක්වත් අරගෙන නෑ.මහින්ද…

Read More

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත යනු ඉරිසියාව,වෛරය, ක්‍රෝධය සියල්ල හිතේ තියාගෙන ගෙනාපු පනතක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. “චන්ද්‍රිකා, මෛත්‍රීපාල සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් අද රජයේ නිවාස වල ඉන්නවා. ජේ.වී.පී.ආණ්ඩුව මේ ජනාධිපතිවරු තුන්දෙනාම ගේන්න උදව් කළා. ශ්‍රී ලංකා කාරයොන්ටයි, පොහොට්ටු කාරයොන්ටයි ,ජේ,වී.පී කාරයොන්ටයි ඔක්කොටම ඉස්සරහට බෙදාගන්න තියෙන්නේ ඔය ඡන්ද හැට නව ලක්ෂය තමයි.යූ.එන්.පී කාරයොයි සමගි කාරයොයි කියන්නේ එකක්.ඇල්ල වැල්ලවායේ බස් අනතුරෙන් 15ක් මිය ගියා.ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කියන්නේ මොකක්ද? මහින්ද රාජපක්ෂ හදපු පාරවල් වල වරදලු.මේ පාර කැපුවේ හැට හතේ.ඔක්කොම මහින්දගේ එකවුන්ට් එකට දාන්න එපා. මේ ගෙවල් කඩමින් ඉන්න ඕන කාලයක් නෙමෙයි. තව වැඩ ගොඩක්…

Read More

ඇල්ල-වැල්ලවාය මාර්ගයේදී ප්‍රපාතයට වැටුණු බස් රථයේ නඩත්තු කිරීම් නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවැසීය. අත්අඩංගුවට ගත් බස් රථයේ හිමිකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එම බස් රථ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්. ටී.ඩබ්ලිව්. කේ. රූපසිංහ මහතා ඇතුළු නගර සභා සේවකයන් 12 දෙනකු මියගොස් තිබුණි.

Read More

තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණ බව කියන එම රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරි සුනිල් සෙනරත් යාපා මහතා විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම වෛද්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම සහ තර්ජනය කිරීම යන චෝදනා පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මීට පෙරදීද රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව ඇති අයෙකු බවද පොලිසිය කියයි. අත්අඩංගුවට පත් වෛද්‍යවරයා අද (10) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට…

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමිකමේදී ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද(10) දැනුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැලපෙන බවද ඔහු සඳහන් කළේය කෙසේ වෙතත් මෙම යෝජනාව වෙනත් ආකාරයකට ගෙන ඒමට හැකියාව තිබෙන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

නාමල් ජනාධිපති වෙන්න හදන්නේ “අයිස්ලන්තයේ” දැයි සභානායක ප්‍රවාහන,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. මෙවැනි ගිවිසුම් 12ක් පමණ අප පසුගිය කාලයේ සම්මත කර තිබෙනවා.එක්සත් අරාබි රාජ්‍යය සමඟ මේ ගිවිසුමට පෙර ඩොලර් මිලියන 1000ක සෘජු විදේශ ආයෝජන රටට ඇවිත් තිබෙනවා. ආර්ථිකය නන්නත්තාර ගිහිපු රටක අලුත් කණ්ඩායමක් ලෙස අප පැමිණ මේ මුදල ගෙන ඒම ගැන සතුටු විය හැකියි. ආයෝජකයන්ට හිතකර සමාජයක් ගොඩනගා ඇති බව අප ඔප්පු කර තිබෙනවා.කුඩු සංස්කෘතිය රැකපු කුඩු කාරයෝ රැකපු අය අද කුඩු ගෙනාවේ මේ ආණ්ඩුවෙන් යැයි කියනවා.නාමල් ජනාධිපති වෙන්න හදන්නේ අයිස්ලන්තයේද කියා මා අහන්න කැමතියි යනුවෙන්ද බිමල් රත්නායක මහතා කීය.

Read More

අවිස්සාවේල්ල ජල සම්පාදන ක්‍රමය සඳහා දිනකට ඝන මීටර 5,000 ක ධාරිතාවයකින් යුතු ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අවිස්සාවේල්ල ජල සම්පාදන ක්‍රමය සඳහා දිනකට ඝනමීටර 5,000ක ධාරිතාවයකින් යුතු ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට අදාළව ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. එකී ප්‍රසම්පාදනය සඳහා ලංසුකරුවන් දස දෙනෙකු ලංසු ඉදිරිපත් කර ඇත.

Read More

යුරෝපා සංගමයේ වනාන්තර එළි පෙහෙළි කිරීම නියාමනය කිරීම පිළිබඳ රෙගුලාසි එළැඹෙන දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බවත් එම රෙගුලාසිවල අරමුණ වෙළෙඳ භාණ්ඩ හතක් ආශ්‍රිතව සිදුවන වන විනාශය නියාමනය කිරීම බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම අධ්‍යන වාර්තාවක් පෙන්වා දුන්නේය. ගවයන්, කොකෝවා, කෝපි, පාම් තෙල්, සෝයා, දැව, ස්වාභාවික රබර් සහ ඒවායින් ලබා ගන්නා නිෂ්පාදන වන ටයර්, චොකලට් සහ ලී ගෘහ භාණ්ඩ හේතුවෙන් සිදුවන වන විනාශය නියාමනය කිරීම එම රෙගුලාසිවල අරමුණ බව එම වාර්තාවේ දැක්වේ. ඒ අනුව ලබන වසරේ මුලසිට යුරෝපා සංගමයේ වෙළඳපොළට අපනයනය කරන ඕනෑම නිෂ්පාදනයක් වන විනාශයෙන් තොරව නිෂ්පාදනය කර තිබිය යුතු බවත් නිෂ්පාදිත රටේ නීතිවලට අනුව නීත්‍යානුකූලව…

Read More